FCIDට බයවෙන්න එපා.. ප‍්‍රශ්නයක් වුනොත් මං බලාගන්නම්.. – රාජිත කියයි..

February 14, 2017 at 7:06 am | lanka C news
FCIDට බයවෙන්න එපා.. ප‍්‍රශ්නයක් වුනොත් මං බලාගන්නම්.. – රාජිත කියයි..

සෞඛ්‍ය සේවාවෙි උන්නතිය උදෙසා රාජකාරී කටයුතු කිරීමෙි දී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට බිය වී කටයුතු නොකරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සියළුම සෞඛ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටියේය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමක් අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව ප්‍රකාශ කළේය. එම රැස්වීම හම්බන්තොට නව පරිපාලන ගොඩනැගිල්ලේ දී පැවැත්විනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.

“ඇතැම් රාජ්‍ය නිලධාරීන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට බයේ රාකාරි කටයුතු මන්දගාමිී තත්ත්වයට පත්කර තිඛෙනවා. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට බිය වී රාජකාරී කටයුතු කරන්න එපා. ප්‍රශ්නයක් වුනොත් එහි වගකීම අපි බාරගන්නවා. රාජ්‍ය අංශයේ ටෙන්ඩර් ක්‍රමවෙිදය වෙනස් කිරීමට අපි කටයුතු කරනවා. දැනට මාස 09 ක් පමණ ගතවන ටෙන්ඩර් ක්‍රමවෙිදය මාස දෙකහමාරකින් පමණ අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ කාර්ය මණ්ඩලය දැඩි කැපවීමකින් සෞඛ්‍ය සේවාවෙි උන්නතිය උදෙසා කටයුතු කර තිඛෙනවා. මෙම රැස්වීමෙි දී ලබාගත් තීන්දු තීරණ අධිීක්ෂණය කිරීමෙි වගකීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු නිලධාරීන් තිදෙනෙකුට මම පවරනවා. පළාත් සභා රෝහල්වල මතු වූ ගැටළු පිළිබදව දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සමග මම සාකචිඡා කරනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ජනාධිපතිවරයෙක්, ආර්ථික කටයුතු අමාත්‍යවරයෙක්, පාර්ලිමෙින්තු මන්ත්‍රිවරයෙක්, බිහි වුනා. නමුත් අද මට තේරුනා ඛෙලිඅත්ත, වලස්මුල්ල, තංගල්ල රෝහල් සංවර්ධනය නොවී ඇති බව.

වත්මන් රජය විශාල සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරනවා. පසුගිය රජයත් සංවර්ධන ව්‍යාපෘති රැසක් සිදු කළා. ගුවන්තොටුපල, වරාය, අධිවෙිගී මාර්ග ඊට උදාහරණ වෙනවා. නමුත් ඒවායේ විවිධ ගැටළු තිඛෙනවා. වත්මන් රජය පවතින ක්‍රමය වෙනස් කර යහපාලන ක්‍රමෙවිදය හදුන්වා දුන්නා. එය සංසන්දනය කළ හැක්කේ 1956 පෙරළියට පමණයි. තරුණ කැරැල්ලක් ඇතිවීම අපි වළක්වා තිඛෙනවා. මට විරුද්ධව දුම්කොළ සමාගම, ඖෂධ සමාගම් කටයුතු කරන්න පුළුවන්.”

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

0 views

3 Comments to “FCIDට බයවෙන්න එපා.. ප‍්‍රශ්නයක් වුනොත් මං බලාගන්නම්.. – රාජිත කියයි..”

  1. Boo says:

    අපොයි ඔව් මූ ඇත්තටම උඹලව බේර ගනියි, ක්‍රෝටන් කොළ කන උන් ඉන්නවනං විශ්වාස කරපල්ලා, මූ කට ඇරියොත් එදත් කිවුවේ බොරු, අද කියන්නෙත් බොරු, හෙට කියන්නෙත් බොරු, මුන් බොරුවෙන්ම, රැවටිල්ලෙන්ම , වන්චාවෙන්ම ජීවිතය ගැටගහ ගන්න පට්ට හොරු.

  2. Lolla says:

    Wachalaya

  3. Champa says:

    මේ කතාව විශ්වාස කරන්න එපා.

    රජයේ නිලධාරීන් හැම දෙනෙක්ම FCID එකට බය වෙන්න ඕනේ.

    ඒ මොකොද කිව්වා නම් FCID එක වැඩ කරන්නේ නීතිය අවනීතිය කරලා. නිවැරදි කාරයෝ වැරදි කාරයෝ කරනවා නඩුව අහන්න ඉස්සෙල්ල. ඊට පස්සේ හිරේ දානවා. නිදහස් වෙලා එලියට ආවත් රජයේ නිලධාරියාට ආපහු රස්සාවට යන්න බැහැ. මිනිස්සුන්ට මුහුන දෙන්න බැහැ. හිරගෙවල් උසාවි ගානේ ගිහිල්ල, අතේ තියෙන සේසතත් වියදම් කරගෙන, නඩු කියන්න නයත් වෙලා, ගෙවල් දොරවලුත් උගස් තියලා (රණවිරුවන්ට එහෙම වුනා) නොවිඳිනා දුක් විඳලා, නින්දා අපහාස විඳලා, මාධ්‍ය වලින් තවත් හෑල්ලු කරලා, ආත්ම ගරුත්වය නැත්තටම නැති වෙලා, උගත්කමින් දක්ෂකමින් රටට වැඩක් කරපු නිලධාරියාව නිකම්ම නිකම් පල් හොරෙක් කරනවා.

    පිටරටකවත් රස්සාවක් ගන්න බැහැ, ඒ මොකොද කිව්වා නම් FCID එකෙන් statement එකක් ගන්න එන්න කියලා කිව්වත්, මාධ්‍ය එක හතර කරලා (සමහර මාධ්‍ය), අර චෝදනාවට පුළුවන් තරම් ප්‍රචාරයක් දීලා, පින්තූර දාලා, තමන්ව කිසි වැරැද්දක් නැතුවම මුළු ලෝකෙටම හොරෙක්, වංචා කාරයෙක් කරලා තියෙන නිසා.

    FCID එකට යන රජයේ නිලධාරියගෙයි දේශපාලකයාගෙයි වෙනස අහසයි පොළොවයි තරම්.

    ඒ මොකොද කිව්වා නම් දේශපාලකයා දේශපාලනයට එනකොට දන්නවා මේ වගේ ඒකාධිපති ආණ්ඩු යටතේ තමන්ට කරදර හිරිහැර, නින්ද අපහස, මර්දනය කිරීම, හිරගෙවල්, සමහර විට තමන්ගේ ජීවිතෙන් වුනත් වන්දි ගෙවන්න සිද්ධ වෙන්න පුළුවන් කියල. රජය නිලධාරීන් රැකියාවට එන්නේ තමන්ගේ දක්ෂතාවයෙන් රටට වැඩක් කරන්න, සුදුසු කාලේ සුදුසුකම් නිසා තමන්ට හිමි උසස්වීම් ලබන්න. මොන ආණ්ඩුව ආවත් තමන් වැඩ කරන ආයතනේ seniority එකට අනුව උසස්වීම් දෙන ක්‍රියාපටිපාටිය දිගටම අනුගමනය කරයි කියන විශ්වාසය ඇතුව. තමන්ට දේශපාලකයෝ පස්සේ නොගිහින්, බලපෑම් නැතුව, රජයේ රෙගුලාසි වලට අනුව වැඩ කරන්න ඉඩක් ලැබෙයි විශ්වාසයෙන්.

    අනිත් එක තමයි මේ ආණ්ඩුවෙන් බේරුනත් අනිත් ආණ්ඩුව ආවහම හිරේ යන්න වෙනවා. ඒ මොකොද කවදාහරි මේ ආණ්ඩුවේ ඇමතිවරු කරපු වැරදි වලට නඩු ඇහෙනවා. වංචා ගැන සොයනවා. එතකොට අදාල ඇමතිවරයාගේ අමාත්‍යංශයේ වැඩ කරපු රජයේ නිලධාරීන්ටත් ඊට උත්තර බඳින්න වෙනවා. කවදම හරි ඕකට මුහුණ දෙන්න වෙනවා. විශ්‍රාම ගිහින් හිටියත්, ලෙඩ වෙලා හිටියත් අරන් ඇවිත් හිරේ දානවා.

    ඒ නිසා FCID දඩයම් ගුහාව අහෝසි කරනතුරු, රජයේ නිලධාරීන් හැම තිස්සෙම වග බලා ගන්න ඕනේ ඇමතිවරු කටින් කිව්වට කිසි දෙයක් නොකරන්න. Files හරියට maintain කරන්න. හැම file එකකම තියෙන documents වල උඩ කෙලවරේ පිළිවෙලට නොම්මර දාන්න අමතක කරන්න එපා. මොකොද සමහර documents අස්ථානගත වෙන්න පුළුවන්. එතකොට තමන්ට ඒ බව උසාවියට පෙන්නන්න පුළුවන්. හැම තිස්සෙම ඇමතිවරයාගෙන් minute එකක් ගහගන්න ඕනේ file එකේ. පහල නිලධාරීනුත් ඉහල නිලධාරීන් කට වචනෙට කිව්වට කරන්න එපා. Minute එක්ක කරන්න කියන්න file එකේ. හේතුව සාධාරණයි. FCID එකට ගිහින් හිරේ යන්න බැහැ

    රජයේ නිලධාරීන්ට තමන්ගේ දක්ෂතාවය පෙන්වන්න මේ ආණ්ඩුවෙන් කිසිම ඉඩක් නැහැ. එක පැත්තකින් අගය කිරීමක් නැහැ. අනිත් පැත්තෙන් initiative එකක් ගන්න බයයි, කවදාහරි තමන්ගේ අවංකකම, දක්ෂකම, කැපවීම හිරේ යන්න මාර්ගයක් වෙන නිසා.

    ආණ්ඩුවේ සංවර්ධන වැඩ (if any) තියෙනවානම්, ඒවා block කරන්න ලියන්න මගේ කිසිම අදහසක් නැහැ. නමුත් ආණ්ඩුව දැන ගන්න ඕනේ, දේශපාලන පලිගැනීම් නවත්තලා ශිෂ්ඨ සම්පන්න විදියට රට පාලනය කරන්න. විරුද්ධ දේශපාලකයෝ මර්දනය කරන්න FCID එක පාවිච්චි කරනකොට ඒකෙන් අමාරුවේ වැටෙන්නේ රජයේ නිලධාරීන්.

    පහුගිය ආණ්ඩුවේ ඇමතිවරු යටතේ වැඩ කරපු නිලධාරීන් මේ ආණ්ඩුවට බයෙන් ඉන්නවා වගේම, මේ ආණ්ඩුවේ වැඩ කරන නිලධාරිනුත් ඊළඟ ආණ්ඩුවට බයේ ඉන්නවා.

    ඒ ඇරුනහම ර‍ජයේ නිලධාරීන්ව රාජ්‍ය ත්‍රස්තවාදය යොදලා බය කරනවා. විගණකාධිපතිතුමා තමයි හොඳම උදාහරණය. අන්තිම අපක්ෂපාතී තනතුරක ඉන්න විගණකාධිපතිවරයට අපක්ෂපාතීව වැඩ කරන්න දෙන්නේ නැහැ. ඇමතිවරු මාධ්‍ය වලට කතා කරලා විගණකාධිපතිවරයට තර්ජනය කරනවා, හෑල්ලු කරනවා, ආත්ම ගරුත්වය කෙළසනවා. තමන්ගේ හොරකම් වහන්න කියලා තර්ජනය කරනවා, කලකිරීමක් ඇති කරලා රස්සාව දාල යන තැනට වැඩ කරවන්න හදනවා. එහෙම ගියපු රජයේ නිලධාරීන් හිටියා පහුගිය කාලේ. එහෙම කරනකොට රජයේ නිලධාරීන්ට, කවදාවත් මාධ්‍ය ඉස්සරහට ආපු රජයේ නිලධාරීන්ට තමන්ගේ ආත්ම ගෞරවය ආරක්ෂා කරගන්න මාධ්‍ය වලට කතා කරන්න වෙනවා. වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ. ඊළඟට පොලීස් නිලධාරීන්ව බය කරනවා, නීතිපති දෙපාර්තුමේන්තුවේ නිලධාරීන්ව බය කරනවා, විනිශ්චයකාරවරුන්ව බය කරනවා. මේවා මේ දේශපාලකයෝ කියන දේවල් නෙමෙයි. මේ රටේ මහජනතාව තමන්ගේ ඇස් දෙකින්ම දිනපතා දකින දේවල්.

    FCID එක අහෝසි කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. එතකන් රජයේ නිලධාරීන් මේ දෙන පොරොන්දු විශ්වාශ කරන්න එපා. කතාවෙන් නොවේ ක්‍රියාවෙන් තමන්ව ආරක්ෂා කරන බව පෙන්වන්න කියන්න.

    ආණ්ඩුවේ වැඩ බැරිකම ප්‍රශ්නයක් නෙමෙයි. වැඩ බැරිනම් වැඩ කරන්න ඕනේ විදිය කියලා දෙන්න මිනිස්සු ඕනේ තරම් ඉදිරිපත් වෙයි. වැරදි හදා ගෙන ඉස්සරහට යන හැටි පෙන්නලා දෙයි. පොඩි පොඩි ප්‍රශ්න දුර ගිය ගෙනියන්නේ නැතුව ඉඳියි. ලොකු ප්‍රශ්න විසඳගන්න උදව් කරයි.

    ආණ්ඩුව දේශපාලන පලිගැනීම් නවත්වලා ශිෂ්ඨ සම්පන්න විදියට, ජනතාව කැමති විදියට රට පාලනය කරන්න ඕනේ. හැම කෙනෙක්ටම තමන්ගේ දේශපාලන මතයක් දරන්න තියෙන අයිතියට ගරු කල කරන්න ඕනේ. ලංකාවේ හුඟ දෙනෙක් දැන් ස්වාධීනයි. තමන්ගේම කියල මතයක් බහුතරයකට තියෙනවා. මිනිස්සු ඉස්සරට වඩා රටට ආදරෙයි. ඉස්සර වගේ නෙමෙයි මිනිස්සු තමන් රටට ආදරේ බව එළිපිට පෙන්වනවා. මිනිස්සුන්ගේ කතාකිරීමේ නිදහසට, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ආණ්ඩුව ගරු කල යුතුයි. සාධාරණ විවේචන වලට ඇහුම්කන් දිය යුතුයි. හොඳ දෙයක් කලොත් මිනිස්සු ආණ්ඩුවේ හොඳ දේවලට හොඳ කියයි. ඉඳලා හිටලා කරන හොඳ දෙයක්වත් මිනිස්සුන්ගේ හිතට කා වදින්නේ නැත්තේ, ආණ්ඩුවේ පැවැත්ම නරක නිසා.

Main News