FCIDයට බයේ රාජ්‍ය නිලධාරින් ආපදාවන්ට සහන සැලසීමේදි අකුරටම වැඩ.. ජනතාවට සහන දී අමාත්‍යාංශය ලේකම්වරයෙකු දින 152 ක් හිරේ හිටියා..

May 29, 2017 at 3:26 am | lanka C news
FCIDයට බයේ රාජ්‍ය නිලධාරින් ආපදාවන්ට සහන සැලසීමේදි අකුරටම වැඩ.. ජනතාවට සහන දී අමාත්‍යාංශය ලේකම්වරයෙකු දින 152 ක් හිරේ හිටියා..

මෙතරම් විශාල ආපදාවක් සිදු වී ඇති අවස්ථාවක පවා රාජ්‍ය නිලධාරින්ට හදිසි අවස්ථාවක ඔහුනගේ අභිමතය පරිදි ජනතාවට අවශ්‍ය සහන සැලසීමට ලබා දි ඇති ඉඩ කඩ පසෙකලා රාජ්‍ය නායකයන්ගේ නියෝග පිලිපැදිමේ අලසකමක් දක්වයි. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ සමස්ථ රාජ්‍ය සේවයම බිය ගන්වමින් දැනට රටතුල ක්‍රියාත්මක වන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සහ බරපතළ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ වර්තමාන ක්‍රියාකාරිත්වයයි.

ඒ ආණ්ඩුව විසින් පිහිටිවනු ලැබු ඉහත ආයතන නිසා රාජ්‍ය නිලධාරින් විසින් චක්‍ර ලේඛන උල්ලංඝනය කොට හදිසි අවස්ථාවන්ට අනුව රජයේ උපදෙස් මත ජනතාවට සේවය සලසා සිර ගතවීමට හෝ අත් අඩංගුවට පත්වීමට ඇති බිය නිසා ය. මේ නිසා අමාත්‍යාංශය ගනනාවක්ම ලේකම්වරු දිසාපතිවරු ඇතුළු සමස්ථ රාජ්‍ය සේවාවම මේ වනවිට ආණ්ඩුවේ ප්‍රධානින්ගේ උපදෙස් පිලිපැදීමේ මැලිකමක් දක්වයි.

පසුගිය ආණ්ඩුව සමයේදි මෙසේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති මෙන්ම හදිසි අවස්ථාවන් තුල ක්‍රියාත්මක වූ නිලධාරින් අධික පිරිසක් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සහ ජනාධිපති මහා බරපතළ දූෂණ සෙවීමේ කොමිසම හමුවට කැදවා ප්‍රශ්න කලහ.

ඒ අතර අමාත්‍යාංශ ලේකම් වරයෙකු මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින් දෙදෙනකු ඇතුළු රාජ්‍ය නිලධාරින් 12 දෙනෙකු අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කොට තිබුණේ 1982 අංක 12 දරණ පොදු දේපල විෂයහිලා සිදු කල වැරදි යනුවෙනි. ඒ අතුරුන් අධිකරණයේ නඩු ඇසීමකින් තොරව පලාත් සභා හා පලාත් පාලන හිටපු අමාත්‍යාංශ ලේකම් ආර් කේ කේ රණවක මහතා වරින් වර දින 152 ක් බන්ධනාගාර ගත කිරීමට ලක්වුනි.

මේ වනවිටත් මුදල් අමාත්‍යාංශය ඇතුළු අනිකුත් අමාත්‍යාංශවල ඉහළ නිලධාරින් පිරිසක් වැඩ තහනමට ලක් කොට ඇති අතර ඔහුන් ඉතා අසීරුවෙන් ජීවිතය ගෙවන අතර රාජ්‍ය නිලධාරින් විසින් ඔහුනගේ වැටුපෙන් කොටසක් මෙම නිලධාරින්ගේ නඩු වෙනුවෙන් මෙන්ම ජීවත්වීමට පුද්ගලික ලබා දෙන බවද රාජ්‍ය සේවය අතර රහසක් නොවේ.

42 views
Main News