FCID අල්ලන්නේ පුංචි හොරකම් විතරයි.. බය වෙන්න දෙයක් නෑ.. – රාජිත

November 14, 2016 at 4:40 pm | lanka C news
FCID අල්ලන්නේ පුංචි හොරකම් විතරයි.. බය වෙන්න දෙයක් නෑ.. – රාජිත

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සේවයේ නියුතු සෞඛ්‍ය සේවක සේවිකාවන්ගේ මානව සම්පත් ප‍්‍රවර්ධනය කිරීෙමි වැඩසටහනක සමාප්ති උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ දී පැවැත්විනි.

නිදහස් සෞඛ්‍ය සේවා උපාධිධාරී සංගමය විසින් සංවිධානය කර තිබු මෙම දින 05 ක පුහුණු වැඩසටහනින් පසුව පුහුණුව ලැබූ 100 ක් වන සෞඛ්‍ය සේවකයින් හට සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සහතික පත‍්‍ර ප‍්‍රදානය කරන ලදි. මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

උපාධිධාරීන් විවිධ තනතුරුවලට පත්වෙනවා. උපාධිය ලබාගැනීෙමි දී එම තනතුරට අදාල රාජකාරී අපි ඉගෙන ගන්නේ නැහැ. රැකියාව බාරගත් පසු කිසියම් පුහුණුවක් ලබාදිය යුතුයි. කළමණාකාරණය මෙහිදී ඉතා වැදගත්, කාලය කළමණාකාරණය කිරීම ඉතාම වැදගත් වන්නේ එසේ නොවුනහොත් ගැටළු රැුසක් මතුවන නිසයි. කාලය කළමණාකරණය කර ගැනිමට නෙහැකි වුවහොත් නිවසෙත් ගැටුම් ඇති වෙනවා.

අපේ රටේ ප‍්‍රසිද්ධ නායකයින් සිටියා කාලය කළමණාකරණය කර ගන්න බැරිව. උත්සවයකට උදෑසන 10.00 එනවා කිවුවොත් එන්නේ පස්වරුවෙයි. නමුත් කාලය කළමණාකරණය කර ජනතාවට සේවය කළ නායකයින් ද සිටියා. ප‍්‍රශ්න විසදීම හා තීන්දු තීරණ ගැනීම ද ඉතා වැදගත්. අපේ රටේ රාජ්‍ය සේවය, කළමණාකරණය අතින් හරිම දුර්වලයි. රාජ්‍ය සේවය තුල මාසයකින් ගන්නා තීන්දු තීරණ පෞද්ගලික අංශය දිනයකින් ගන්නවා. රාජ්‍ය සේවය පැරණි නීති රීතිවලට සිර වී සිටිනවා. එවා වෙනස් කරන්නේ නැහැ. රාජ්‍ය පරිපාලනය ඉබිගමනේ යනවා. මෙම ක‍්‍රමය වෙනස් කරන්න තමයි යහපාලන රජ බිහි කිරීමට පියවර ගත්තේ. රට තුළ රහස් රැුකගැනිම වෙනස් කිරිම සදහා තමයි තොරතුරු දැනගැනීෙමි පනත ඉදිරිපත් කළේ. මෙම වෙනස ඇත්තේ රුපියල් සත වලින් නොවෙයි. වෙනසක් කරන්න හරිම අමාරුයි. තනියම වෙනස් කිරීම් කරන්නත් අමාරුයි. අප් රටේ බොහෝ දෙනා වෙනසකට කැමැති නැහැ. අමාත්‍යවරුත් එහෙමයි. එදා මෛත‍්‍රිපාල සිරිසේන මහතාට කෘෂිකර්ම අමාත්‍යධූරයෙන් ඉවත් කර සෞඛ්‍ය අමාත්‍ය ධූරය ලබාදුන්නාම කැමැති වුනේ නැහැ. නමුත් එම අමාත්‍යධූරය ඔස්සේ ජනාධිපතිධූරයට පත්වීමට එතුමාට හැකියාව ලැබුනා. රටක් වෙනස් කරන කොට ප‍්‍රතිලාභ ලැබුනත් සියළු දෙනාම වෙනස් වෙන්නේ නැහැ.

සෞඛ්‍ය සේවාව තුළ විවිධ වර්ගයේ ලිපිගොනු තිබෙනවා. එම ලිපිගොනුවලට සකල විධ අත්සන් යොදනවා. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පිහිට වූයේ රාජ්‍ය සේවකයින් දඩයම් කිරීමට නොවෙයි. මහා පරිමාන දුෂණ වංචා සෙවීමටයි. නමුත් දැන් අල්ලන්නේ සිල්ලර වැඩ විතරයි. රාජ්‍ය සේවකයින් බිය විය යුතු නැහැ.

සෞඛ්‍ය අමාත්‍යාංශය තුල පවතින ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය හරිම දුර්වලයි. බෙහෙත් පෙත්තක් ගන්නත් මාස 09 ක් යනවා. එම නිසා ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය වෙනස් කිරීමට අපි තීරණය කළා. සති 02 – මාස 03 අතර ප‍්‍රසමපාදන ක‍්‍රියාවලිය අවසන් විය යුතු බව සෞඛ්‍ය සේවාව ආරක්ෂා කිරීමට රට ගැන හිතන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුලු වෛද්‍ය කණ්ඩායමක් මා සමග සිටිනවා. එම නිසා එම කර්තව්‍ය සිදු කිරිම මට පහසුයි’

– නිපුන් ඒකනායක

6 views

3 Comments to “FCID අල්ලන්නේ පුංචි හොරකම් විතරයි.. බය වෙන්න දෙයක් නෑ.. – රාජිත”

  1. DIGA JANTHU says:

    ow eka tamai “yahapalanaya” lakuna—ubala wage hour ” Ranil maha banku hora,”ethakota vinimaya hora ravi —- mun allana epa sil redi thipu …. minissunta geawal hadanna bata dunnu ewa allapalla …………… tha tika kalayak idapallako ohoma ita passé redy wela hitiyanam hodai kuru ganinna

  2. ෴හෙළයා.෴ says:

    අපේ රටේ ප්‍රසිද්ධ නායකයො කෙසේ වෙතත් වෙලාවට වැඩ නොකරන අති ප්‍රසිද්ධ නායිකාවක් නම් උන්න අපට මතකයි.උන්දැ උදේ එනව කිව්වොත් අනිවාර්‍යයෙන්ම එන්නෙ හැන්දෑවෙ තමයි.එහෙව් අය අදටත් හොල්මන් කරන බව වෙලාවට වැඩ කරන ජනතාව නම් හොඳට දන්නව​.
    ඒ වගේම තමයි රාජ්‍ය බලය අවභාවිතා කරල අල්ලස් කොමිසමටත් පොල්ල තියපු නීල කාස හොරුත් දැන් ඉන්නව අපි අතර.අල්ලස් කොමිසමට දාහත්පාරක් කැඳවපු නීල කාස හොරෙක් ඒ රාජ්‍ය බලය අවභාවිතා කරල අල්ලස් බලධාරීන්ව ගෙදර යැව්ව එකත් මේ සියවසේ සිදුවුන අරුම පුදුම මැජික් එකක්.රටේ මිනිස්සුන්ට මැජික් පෙන්වන නීල කාස හොරු ගැන පැහදිලි තීන්දුවක් ගන්න ජනතාව බලා ඉන්නව​.

  3. sujatha says:

    රාජිත ඇමතිතුමා මෙදාපාර කියපු එක නම් ඇත්ත තමයි. මෙයා වගේ නැව් ගත්තු මහ පරිමාන හොරු අල්ලන්න කතාවක් වත් නෑනෙ

Main News