FCID නීතිය හොදටම නමයි.. ලොවෙත් නැති ක‍්‍රමයකට වරෙන්තු ඉල්ලයි..

October 1, 2016 at 3:00 pm | lanka C news
FCID නීතිය හොදටම නමයි.. ලොවෙත් නැති ක‍්‍රමයකට වරෙන්තු ඉල්ලයි..

පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය ඊයේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු දක්වමින් කියා සිටියේ 2006 වසරේ ශ්‍රීලංකා යුක්‍රෙන් මිග් 27 ගුවන් යානා මිලදී ගැනීමේදි සිදු වී ඇතයි කියන මුල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීනට අවශ්‍යය පුද්ගලයකු ලෙස රුසියාවේ හිටපු ශ්‍රීලංකා තානාපති උදයන්ග වීරතුoග අත්අඩංගුවට ගැනීමට ඉන්ටර්පෝල් හරහා ජාත්‍යන්තරව වරෙන්තුවක් නිකුත් කරන ලෙසයි.

එම ඉල්ලීම ප්‍රතිකේෂ්ප කරමින් කොටුව මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ ඔහු මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් සැකකරුවකු කොට නොමැති අවස්ථාවක එසේ අත්අඩංගුවට ගැනීමට ඉන්ටර්පෝල් හරහා ජාත්‍යන්තරව වරෙන්තුවක් නිකුත් කිරීමට අපරාධ නිතීය අනුව අධිකරණයට ප්‍රතිපාදන නොමැති බවයි.

2 views

3 Comments to “FCID නීතිය හොදටම නමයි.. ලොවෙත් නැති ක‍්‍රමයකට වරෙන්තු ඉල්ලයි..”

  1. පොදු මිනිහා says:

    FCID එකේ හැම අත් අඩංගුවට ගැනිමක්ම ඔහොම තමයි, බල්න්නකෝ අන්තිමට ඔක්කෝම නිදහස් වෙනවා . මොකද හැම නඩුවක්ම පලිගන්න හා දේශපාලන වශයෙන් මඩ ගහන්න කරපු පරීක්ෂණ හා අත් අඩංගුවට ගැනිම් පමණයි .

  2. Vishva says:

    Mewata kiyanne patta samayan jorks naataka. Kiyala….. hah hah heh.

  3. Champa says:

    අපේ ජාතක කථා පොතට “විලම්බීත ජාතකය” කියලා එකකුත් එකතු කරන්න වෙයි වගේ.

Main News