Fitch Rating ශ‍්‍රී ලංකාව CCC දක්වා පහත තමයි.. ආර්ථිකය දැඩි අවදානමේ.. පුරෝකථන කරන රටවල් ලයිස්තුවෙන්ද ඉවතට..

November 28, 2020 at 11:20 am | lanka C news
Fitch Rating ශ‍්‍රී ලංකාව CCC දක්වා පහත තමයි.. ආර්ථිකය දැඩි අවදානමේ.. පුරෝකථන කරන රටවල් ලයිස්තුවෙන්ද ඉවතට..

ජාත්‍යන්තර ෆිච් ශ්‍රේණි ගත කිරීම් වලින් ශ්‍රී ලංකාව CCC කාණ්ඩය දක්වා පහත හෙළා තිබේ.

එම ශ්‍රේණිගත කිරීම සකස් කෙරෙන්නේ මෙරට දිගුකාලීන මුදල් නිකුත් කරන්නන්ගෙන් ණය ගෙවීම හැකියාව මත සිදුකරන පුරෝකතන මතයි.

මෙම ශ්‍රේණියට හෝ ඊට අඩු ශ්‍රේණියක් සහිත රටවල ඉදිරි පුරෝකතන ෆිච් ආයතනය විසින් සිදු නොකරයි.

එම ආයතනය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවට ණය ගෙවීම ඉදිරි කාල සීමාව වඩා අභියෝගාත්මක වනු ඇති බවයි.

එමෙන්ම ඉදිරියේදී මෙරට විදේශ සංචිත තවදුරටත් පහත යනු ඇති බවත් බාහිර ණය ගෙවීම් දැඩි අවදානමක් ඇති බවත් පුරෝකතනය කර ඇත.

75,390 views

22 Comments to “Fitch Rating ශ‍්‍රී ලංකාව CCC දක්වා පහත තමයි.. ආර්ථිකය දැඩි අවදානමේ.. පුරෝකථන කරන රටවල් ලයිස්තුවෙන්ද ඉවතට..”

  1. Boris says:

    Now what? Moratorium after moratorium!! Now who is gonna bail us out after SL being stooped to the lowest ebb. Now the govt CB are looking down the barrell! Who should be held responsible?

    • Citizen, oba Tamil or Sinhala Bauddhayaku novemam, mage ihatha comment eke, Fitch wala inna Tamils la kiyana ekata obage hthata amaruwak, wedanawak wuna wenda puluwan. Mama evidhiyata Tamil kiyala siyaluma Tamils lata avanambu karanda, jathi drohin karanda nemei hithuwe. Mata kiyada onakarala thibune, Tamil Diaspora, pitarata inna Lankawata viruddha Tamils lata pamanai. Yam wedanawak obata or wena katahari wunanam Mage balawath kanagatuwa prakasha karanawa.

  2. පැකනිල් says:

    පැකනිල් තුමා ජනාධිපති වුනානම් මේ රේටින් එක කොයි වගේ තැනක තියේවිද ?

    • ranga says:

      පැකනිල් තුමා ජනාධිපති වුනානම් නෙමේ දැන් 2/3ත් තියනව. විධායක බලයත් තියනව. පැකනිල් පැකනිල් ගගා කෙකර බාන්නෙ නැතිව වැඩ කරල පෙන්නන්න කියන්නකො. දැන් අවුරුද්දක් ඉවරයි. තව මාස 50කට වඩා අඩු කාලයක් තියෙන්නෙ ඊලග ජනාධිපතිවරණයට.

  3. දුටුගැමුණු says:

    පහළට නෙමෙයි බිංදුවටම දාපල්ලා ! එදාට තමයි ලංකාව නැගීසිටින්නේ !

Main News