Fried Rice පරක්කුයි කියා පොහොට්ටු සභාපති කුණුහරුපෙන් බැණ අවන්හල් හිමිකරුටත් ගැබිණි බිරිඳත් පහරදෙයි…
March 13, 2019 at 1:20 pm | lanka C news
කැකිරාව ප්රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සිව් දෙනෙකු සභාවේ කැබ් රියකින් පැමිණ හබරණ නගරයේ අවන්හලකින් Fried Rice එකක් ඇනවුම්කර එය ලබාදීම ප්රමාදවීම නිසා කෝපයට පත්ව එහි හිමිකරුට හා ඔහුගේ බිරිඳ වන අටමස් ගැබිණි මවකට පරුෂ වචනයෙන් බැනවදිමින් හා පහරදෙමින් අවන්හලේ භාණ්ඩවලට පහරදෙමින් යකා නැටීමේ සිද්ධියක් පිළිබඳව හබරණ පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
සභාපති ඇතුළු සිව් දෙනෙකු මෙම සිද්ධියට සම්බන්ධ බවට හබරණ පොලිසියට එහි හිමිකරු වන සම්පත් විජේකුමාර මහතා විසින් පැමිණිලි කර තිබේ.
ඉකුත් 07 දින පස්වරු 5.00 ට පමණ කැබ් රියෙන් පැමිණ ඇති සභාපතිවරයා වාහනයේ අසුනේ සිටියදීම අවන්හලේ එම අවසථාවේ සිටි වියපත් කෙනෙකුගෙන් කට ගැස්මක් ඇත්දැයි විමසා ඇත. එවැනි දේවල් අලෙවි කිරීමට නොමැති බව පැවසීමෙන් පසු මුදල් නොගෙවා Fried Rice එකක් ඇනවුම් කර ඔවුන් පැමිණි කැබ් රිය පිටත්ව ගොස් තිබේ. එහි හිමිකරු ප්රසන්න Fried Rice එක පිළියෙළ කර පැය තුනක් පමණ කාලයක් ගිය පසු ඇනවුම් කළ සභාපතිවරයා ඇතුළු පිරිස නොපැමිණීම නිසා වෙනත් අයෙකුට එය අලෙවිකර ඇත.
රාත්රී 8.40 ට පමණ අධික ලෙස බීමත්ව පැමිණ ඇති සභාපතිවරයා ඇනවුම් කරන ලද Fried Rice එක ඉල්ලා ඇත. එහිදී ප්රසන්න මහතා සභාපතිවරයා පැමිණීම ප්රමාදවීම නිසා එය අලෙවි කළ බවත් කඩිනමින් යළිත් එකක් පිළියෙළ කරදිය හැකි බව පැවසීමත් සමග සභාපතිවරයා පැමිණි වාහනයෙන් බැස ඇනවුම භාරදුන් වියපත් පුද්ගලයාට පළමුවෙන් බැනවැදී පහරදීමට උත්සාහ දැරීමේදී අවන්හල් හිමිකරුගේ බිරිඳ මැදිහත්ව තිබේ. අටමස් ගැබිණි මවටද දැඩි ලෙස පරුෂ වචනයෙන් බැන වැදී පහරක් එල්ල කිරීමත් සමග අවන්හල් හිමිකරු මැදිහත්වීමෙන් පසු ඔහුටද පරුෂ වචනයෙන් බැන වැදී පහරදී තිබේ,
පසුව අවන්හල් හිමිකරු විසින් තමාට, බිරිඳට සහ වියපත් මාමාට තම දියණියන් තිදෙනා හා විදේශිකයින් ඉදිරිපිටදී පරුෂ වචනයෙන් බැනවැදී පහරදීම පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබේ.
මේ පිළිිබඳව හබරණ වැඩ බලන පොලිස් ස්ථානාධිපති කුලතුංග මහතාගෙන් විමසීමේදී කියා සිටියේ සිද්ධියට සම්බන්ධ දෙපාර්ශවයෙන්ම පැමිණිලි කර ඇති බවත් කැකිරාව සභාපතිවරයාට විරුද්ධව පැමිණිල්ලක් නොමැති බවත් වෙනත් පිරිසකට විරුද්ධව ලැබී ඇති පැමිණිල්ලක් පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවද පැවසිය.
– divaina
මැතිවරනයට අපේක්ශකයන් තේරීමට පොහොට්ටුවට තිබුනේ සුලු කාලයකි.එම නිසා මෙවනි අය දැමීමට සිදු වීම සාමානය දෙයකි.වැරදි සාදා ගෙන ඉදිරි මැතිවරන වලට ඉදිරි පත් වෙමු.50% කට වැඩි ජනතා පැතුම ඇත්තේ පොහොට්ටුවටයි.
His, redda tamai
මත්පැන් පානයකරන අයට ඔබගේ වටිනා චන්දය නොදෙන්න මත්පැන් පානය කර්රන්නා වසලයකි
එතකොට පොහොට්ටුව පරදිනවනෙ. ගිය පාර හලාවත ප්රා සබා ඡන්දෙදි පොහොට්ටු ලිස්ට් එකේ අරක්කු නොබොන එකයි හිටියෙ.
දැන් නිකන් පොහොට්ටුවෙ ආණ්ඩුවක් වගේ තියෙන්නෙ. මහින්දානන්දගෙ පුතාත් බේරුණා.
අරයගෙ කට්ටියනේ, ඔහොම තමා එයාලගේ හැටි.
If MR or GOTA is not going to address these type of issues to the people with a media briefing, then its hard to win against the UNP like in 2015
පොහොට්ටු පොහොට්ටු පොහොට්ටු .50% කට වැඩි ජනතා පැතුම ඇත්තේ පොහොට්ටුවටයි. වියපත් පුද්ගලයාට පළමුවෙන් බැනවැදී පහරදීමට .අටමස් ගැබිණි මවටද දැඩි ලෙස පරුෂ වචනයෙන් බැන වැදීමට පහරක් එල්ල කිරීමට. අධික ලෙස බීමත්ව අවන්හලේ භාණ්ඩවලට පහරදෙමින් යකා නැටීමටම.