Full face හෙල්මට් තහනම් නොකරන්නැයි ජනපතිගේ දෙපා මුල වැද වැටී ඉල්ලයි..

April 30, 2019 at 3:50 pm | lanka C news
Full face හෙල්මට් තහනම් නොකරන්නැයි ජනපතිගේ දෙපා මුල වැද වැටී ඉල්ලයි..

සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

අතිගරු ජනාධිපතිතුමනි,

සියලුම වර්ගයේ මුහුණු ආවරණ තහනම් කිරීමේ හදිසි නීතිය

2019.04.29 දින සිට සියලුම වර්ගයේ මුහුණු ආවරණ හදිසි නීතිය යටතේ, ඔබට පැවරී ඇති විධායක බලතල ප්‍රකාරව තහනම් කිරීමට නියෝග කර ඇති බවට පුවත්පත් වාර්තා පළවී ඇත. ඒ අනුව සියලුම සම්පුර්ණයෙන් මුහුණ ආවරණය වන යතුරුපැදි හිස්වැසුම් තහනම් වන බවට පුවත් වාර්තා වේ.

මේ ගැටලුව 2015 වසරේ දී ඇතිවූ අවස්ථාවේ ෆුල්ෆේස් හිස්වැසුම්වලින් (සම්පුර්ණයෙන් මුහුණ ආවරණය වන යතුරුපැදි හිස්වැසුම්) ලැබෙනා අත්‍යාවශ්‍ය ආරක්ෂාව පිළිබඳ වෛද්‍යවරුන් දක්වන කරුණු සැලකිල්ලට ගෙන එය තහනම් නොකරන ලෙසට අමප/16/2498/709/097 හරහා අමාත්‍ය මණ්ඩලය ද තීරණය කර තිබේ.

2015 වසරේ දී කෙටි කලකට (දිනකට) සිදුවූ සම්පුර්ණයෙන් මුහුණ ආවරණය වන යතුරුපැදි හිස්වැසුම් තහනම හේතුවෙන් මාස කීපයකට ඒවා භාවිතා අධික ලෙස අඩුවිය. ඒ සමඟ යතුරුපැදිකරුවන්ගේ මරණ සංඛ්‍යාව අධික ලෙස ඉහළ ගියේ ය.

ඇමරිකානු පරීක්ෂකවරුන්ට අනුව අනතුරකදී මොළයට සිදුවන හානිය නිසියාකාරව වලක්වා ගත හැක්කෙ සම්පුර්ණයෙන් මුහුණ ආවරණය වන යතුරුපැදි හිස්වැසුම්වලට පමණි. ඒ සියලු සමීක්ෂණ වාර්තා ඔබ වෙත 2015 වසරේ සිටම අප එවා ඇත.

මේ අනුව රටේ ආරක්ෂාව වෙනුවෙන් කියා අර්ථකථනය කරමින්, හදිස්සි නීති රෙගුලාසි ප්‍රකාරව සම්පුර්ණයෙන් මුහුණ ආවරණය වන හිස්වැසුම් තහනම් කිරීමට ගන්නා මෙම තීරණයෙදී වක්‍රාකාරව මිලියන 4.2 ක් ඉක්මවූ සිවිල් ජනතාව වූ යතුරුපැදිකරුවන්ගේ ජීවත් වීම සඳහා ආරක්ෂා වීමට ඇති අයිතිය ඉවත් කිරීමක් හා සීමා කිරීමක් වන බව දැනුම් දීමට අපි කැමැත්තෙමු. මහා මාර්ගයේ කෙතරම් පරිස්සම් වුවත්, තව රියදුරෙකුගේ අත්වැරදීමක් තුලින් අනතුරු සිදු වනු ඇත.

යතුරුපැදි කරුවකු සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වන ආරක්ෂක හිස්වැසුමක් පැලඳ සිටිය ද, යතුරුපැදියේ ලියාපදිංචි අංකය භාවිතා කොට ආරක්ෂක අංශ වලට එය නවත්වා, හිස්වැසුම ගලවන්නට කියා පුද්ගලයන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගත හැක .

හදිස්සි නීතිය ප්‍රකාරව ඔබ ගන්නා නියෝග නවත්වන්නට නෛතික ක්‍රමවේදයක් ද නොමැති බව අපි ඉතාමත් හොඳින් දනිමු. ඒ අනුව මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපතිවරයා ලෙස උක්ත කරුණු සැලකිල්ලට ගෙන, මිලියන 4.2 ඉක්මවූ යතුරුපැදි කරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සම්පුර්ණයෙන් මුහුණ ආවරණය වන යතුරුපැදී ආරක්ෂක හිස්වැසුම් භාවිතාව හදිසි නීතිය යටතේ තහනම් නොකරන ලෙසට සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ සභාපති වන මා කතෝලිකයෙකු ලෙස නායකයා සේවකයා නම් ජේසුස් වහන්සේගේ ප්‍රතිපත්තිය මත පිහිටා ඔබේ දෙපාමුල දණින් වැඳ වැටී බැගෑපත්ව ආයාචනය කර මින් ඉල්ලා සිටිමි.

මෙයට විශ්වාසී,
චිරන්ත අමරසිංහ
සභාපති

66 views

10 Comments to “Full face හෙල්මට් තහනම් නොකරන්නැයි ජනපතිගේ දෙපා මුල වැද වැටී ඉල්ලයි..”

  1. UNP GAL IBBA says:

    බයිසිකල් පදින උඹලා පරෙස්සමට පැදපල්ලා ඉගිලෙන්නේ නැතුව රටේ ආරක්‍ෂාව පලමුතැනදී???????

  2. Rider says:

    Full face helmet cannot be banned by law and it should not be but this could easily be controlled by halting and checking for every detail by every policeman on duty on roads or everywhere. Within no time users of full face helmets will stop using these due to harassment they have to undergo at the hands of every policeman.

  3. Deviyo says:

    Jeevath veeme aithiya aaraksaa karaganeemata thamantath anuntath maraneeya ho sulu anathurak ho noven vidiyata maarga neethi saha maarga baavithaye vinaya hariyata pilipadimin yathurupadi ho venath vaahana padaveemata yathurupadi karuvange saha riyadurange vagakeema hariyata itu karanavaa nam agei neda gaala kadaagatta gonnuvage ivak bavak nathiva paare duvanne nathiva.

  4. Nandasoma says:

    ආරක්ෂාවට තර්ජනයක් නම් ඒකත් තහනම් කලාට කමක් නැහැ…!

  5. Rajasinha says:

    Muhuna awarana helmet anumathiya dunahoth burka gahanu helmet dagena yanda patangaththoth monawada karanne? Helmet full face thahanam kala yuthui.

  6. Sudath says:

    රටේ සමස්ත ජනතාව අවදානමට ලක් කරමින් තම හිතවතුන්ගේ මඩි තර කිරීමේ නිවට් උත්සහයක්
    මොකද්ද මෙයාගේ ලිපිනය ?

  7. Saradiel says:

    සැම මංකොල්ලයකට වෙඩි තැබීමකට මුල Full face හෙල්මට් මෙය තහනම් කල යුතුය

  8. SuMa says:

    100% agreed with this request.

  9. රටට හිතැති says:

    අරින ඇරිල්ලේ හැටියට බොලාට දෙන්න ඕන ෆුල් පේස් නෙවෙයි, “ෆුල් ඇම්බියුලන්ස්” හෙල්මට්!

  10. නිලමේ says:

    මුංගේ මේ බොරු කතා. ෆුල්ෆේස් ඕනනෑ. අපිත් අවුරුදු 30ක් විතර පදිනවා මූණ පෙනෙන හෙල්මට් දාලා. ඔක එක හොරවැඩවලට බාධා නිසා තමයි මුං මේවා තහනම්කරන්න එපා කියන්නේ. දෙන්නම එපා.

Main News