Game ON… හකීම් සහ බදුයිදීන්ගේ පිරිසක් මහින්ද සමඟ සාකච්ඡා…

November 17, 2018 at 10:40 am | lanka C news
Game ON… හකීම් සහ බදුයිදීන්ගේ පිරිසක් මහින්ද සමඟ සාකච්ඡා…

හිටපු ඇමැති රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ හිටපු ඇමැති රිෂාඩ් බදුයිදීන් මහතාගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය පසුපෙළ මන්ත්‍රී පිරිසක් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වේ.

කිසිසේත්ම නැවත වතාවක් රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධූරය ලබා නොදෙන්නේ යැයි ජනාධිපතිවරයා නැවත වතාවක් ඊයේ තහවුරු කිරීමත් සමඟින් එම පක්ෂ දෙකේ නායකයන් මෙන්ම මන්ත්‍රීවරුන් ද දැඩි ලෙස කැළඹීමට පත්ව ඇති බවද වාර්තා වෙයි.

කිසිසේත්ම අගමැති ධුරය නොලැබෙන්නේ නම් රනිල් වික‍්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටින්නේ මන්දැයි ඔවුනට ප‍්‍රශ්නයක් තිබේ.

මේ තත්ත්වය මත පවතින ආණ්ඩුවකට එක්වීමේ ඉතිහාසගත සම්ප්‍රදාය මත මොවුන් දැනටමත් රාජපක්ෂ ආණ්ඩුව සමඟ සම්බන්ධ වීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති අතර ඔවුන් සඳහන් කරන්නේ ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් නොකරන්නේ නම් තවදුරටත් විපක්ෂයේ සිටිමින් තේරුමක් නොමැති බවයි.

184 views

16 Comments to “Game ON… හකීම් සහ බදුයිදීන්ගේ පිරිසක් මහින්ද සමඟ සාකච්ඡා…”

  1. Vanni Bandara says:

    Kisi sethma mowun aanduwata nogatha yuthui ! Mowun Sinhala jaathiya ta wirudda drohiyoya.

  2. sunimal says:

    සරදියෙල්ගේ හොදම යහලුවා මුස්ලිම් සහෝදරයෙක් අමතක ක‍රන්න එපා

  3. LION says:

    යුධ හමුදා විශේෂ බලකායේ කර්නල්වරයෙක් විදියට සේවය කරපු ෆස්ලි ලෆීර් ගැන කියද්දී අපට මුලින් ම මතක් වෙන්නේ “ත්‍රිවිධ පහර” ක්‍රියාන්විතයයි. 1996 ජූලි 18 වෙනිදා මුලතිව් හමුදා කඳවුර වෙත එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් පහර දෙන්න පටන්ගත්තා. එවෙලේ මේ කඳවුරේ ඉඳපු ලංකාවේ හමුදාව බේරන්න දියත් කරපු මේ ත්‍රිවිධ පහර ක්‍රියාන්විතයේ ප්‍රධානියා වුණේ ලෆීර් මහත්මයයි.

    ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරත් එක්ක මුලතිව් කඳවුරට ගොඩබිමින් ළඟා වෙන්න පුළුවන් විදියේ කිසිම ඉඩක් තිබුණේ නැහැ. ඒත් එකෙන් පසුබට නොවුණු මේ රණවිරුවා ගුවනින් ගොඩබැහැලා ප්‍රතිප්‍රහාර එල්ල කරමින් කඳවුරේ දකුණු පැත්තට ගියා. සතුරාගේ වෙඩිල්ලකින් තුවාල වෙලා හිටියත්, තමන්ගේ කණ්ඩායමේ සෙබළුන් මෙහෙයවන්න ඔහු කටයුතු කළා. ඔහු මියගියේ මේ සටනේදී දෙවැනි සැරේට වැදුණු වෙඩි උණ්ඩයෙනුයි.

    තමන්ගේ ජීවිතය අනතුරේ තියෙද්දීත්, සහෝදර සෙබළුන්ගේ ජීවිත වෙනුවෙන් සිය ජීවිතය පරිත්‍යාග කරපු ෆස්ලි ලෆීර් මහත්මයාට පරම වීර විභූෂණයෙන් පිදුම් ලැබුවා

Main News