Exclusive : රන්ජන් පරදන හඬපට තොගයක් සේනාධිපති අතේ.. කප්පම් ගත් ප‍්‍රකෝටි ගණන් ආපසු ගෙවන්නැයි යහපාලන ප‍්‍රබලයන්ට දන්වයි..

January 11, 2020 at 3:44 pm | lanka C news
Exclusive : රන්ජන් පරදන හඬපට තොගයක් සේනාධිපති අතේ.. කප්පම් ගත් ප‍්‍රකෝටි ගණන් ආපසු ගෙවන්නැයි යහපාලන ප‍්‍රබලයන්ට දන්වයි..

පසුගිය යහපාලන රජයේ ඉහළම ප්‍රබලයන්ගේ පුතාලා බෑණාවරුන් සහෝදරයන් හා හිටපු ප‍්‍රබල ඇමතිවරුන් ගණනාවක් තමන්ගෙන් ඉතාමත් අයුතු ලෙස ලබාගත් කෝටි ගණනාවක් කප්පම් මුදල් වහාම ආපසු ගෙවන ලෙස ඇවන්ගාඩ් ව්‍යාපාරයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා දැනුම් දී තිබේ.

දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ඒ මහතා ගේ සුව දුක් බැලීමට ගිය ජනප‍්‍රිය භික්‍ෂූන් වහන්සේ නමක් අත ඒ බව දන්වා ඇත.

තමන්ගේ බිරිඳ සහ දරුවා රක්‍ෂිත බන්ධනාගාරගත කරන්නේ යයි තමන් භීතියට පත් කරමින් ලබා ගත් මිලියන 500 ක් පමණ වන මුදල ඔහු නම් ගම් සහිතව හෙළි කර ඇති අතර එම කප්පම් මුදල් ඉල්ලීම සඳහා තමන්ට ලබාදෙන ලද දුරකතන ඇමතුම් සියල්ල ද පටිගත කර ඇත.

තමන්ට නැවතත් දෙවන රන්ජන් රාමනායක කෙනෙක් වීමට වුවමනා නැති බවත් තමන් ජීවිතයේ ආචාරධර්ම අනුව ජීවත් වන බවද පවසා ඇති ඔහු තමන් සාධාරණ ව්‍යාපාරයෙන් උපයා ගන්නා ලද මුදල කප්පම් ලෙස ගෙවීමට සූදානම් නැති බවත් සදහන් කර තිබේ.

නමුත් එ්වා ආපසු ලබා නොදුනහොත් තමන් දෙවරක් නොසිතන බවත් ඔහු සඳහන් කර තිබේ.

මේ වන විටත් පසුගිය අණ්ඩුවේ හිටපු ප‍්‍රබලයෙක් සේනාධිපති මහතාගෙන් ලබා ගත් කප්පම් මුදලෙන් කොටසක් ගෙදරට ගෙනවිත් දී ඇති අතර ඉතිරි කොසටද වහා ගෙවන ලෙස ඔහුට දන්වා ඇත.

සේනාධපති මහතා විසින් එවකට අල්ලස් කොමිසමේ හිටපු ප‍්‍රධානී දිල්රුක්‍ෂි ඩයස් වෙත ලබා දෙන ලද ඇමතුමක්ද ඔහු විසින් මෑතකදී අන්තර්ජාලයට මුදා හැරි අතර එය මහත් ආන්දෝලනයක් රටතුල ඇති කල අතර ඇයට සේවයෙන් ඉවත් වන්නටද සිදුවිය.

107,417 Viewers

16 Comments to “Exclusive : රන්ජන් පරදන හඬපට තොගයක් සේනාධිපති අතේ.. කප්පම් ගත් ප‍්‍රකෝටි ගණන් ආපසු ගෙවන්නැයි යහපාලන ප‍්‍රබලයන්ට දන්වයි..”

  1. 🐘👹🐘👹🐘👹🐘 says:

    පෙරහැර ගිහිල්ලා බෙටි අහුලන්න වෙලා
    රටම දැක්ක අලියා තැන්පත් ගමන වෙලා
    ගඳ ගහන පාර සුද්ද කරනට එකතු වෙලා
    අලිය ගිය මඟ යන්ට බෑ රටද කුපිත වෙලා

    • john the baptice says:

      අනේ මෙතුමා කලුතර රත්තරන්ට නැවකුත් දුන්නා. ඒවත් එක්කම හෙලිදරව් කරන්න.

    • Kapila says:

      Ohommama thiyanavanam nandasenata dunnu kappam recording daanna. Ekko epa ewa thiyaaganna passata. yahapalana lokkage puthage baenage thiyana ewa vitharak daamu danata. Balayeth nahane Dan.

  2. කුඩා දරුවා says:

    චම්පික රණවක එහෙම මුදල් අර ගත්තා නම් එහෙම දෙවරක් හිතන්න එපා ..රටටම දැන ගන්න අන්තර්ජාලයට එකතු කරන්න..
    සුදු රෙදි පොරවාගත් තක්කඩියන්ට චාන්ස් එකක් දෙන්ට එපා…

  3. සාධාරණ මිනිසා says:

    එතකොට කප්පම් දීම වරදක් නොවෙයිද

  4. Alapaluwa says:

    සේනාධිපති මහතාණෙනි දාන්න තියෙන ඒවා සමාජයට අපිත් දැනගන්න ආසයි කවුද මේ ගොන්නාම්බෝ ටික කියලා.ඔබ නිර්දොෂනම් වහාම ඒවා සමාජ ගතකරන්න.

    • Rata Wenuwen says:

      මේ සියල්ලම නිවට සරළ පඹරාලෙගෙ දුර දක්නා දැක්මක් නැතිකම., ඌවත් එල්ලා මැරිය යුතුයි

  5. Gonsun says:

    Sure ekatama, Mongle, Keriella, Kabeera, Malika,
    Gala, Sera,Gonja, Ratnapure thol loku Talathel Kella, Ethi.

  6. මර්වින් සිල්වා says:

    ඇවන්ගාඩිකාරයත් මෙි අස්සෙ try කරන්නෙ ගොඩයන්න මගක්. දැන් මෙියකාට ම.රා. සහ ගෝඨා සලකන්නෙත් නෑ. බොරැ නොදොඩා තියෙන හඬපට දාපං එළියට.

    • ඇලෝසියස් says:

      ගොන්ජ වගේම තමයි මුත් වැදගත් විදියට කතා කරන්න ඉගෙන ගනින් රටේ ජනාධිපතිතුමාටයි අගමැතිතුමටයි රට වැසියෙක් වශයෙන්, ඌරෙක් මෝඩ කමයි නුගත් කමයි ප්‍රදර්ශනය නොකර, පස්ස ලෙවකනවා නම් සිරිකොත් උන්ගේ ලේවකබන් නොපෙනෙන්න,

      • සුනිමල් says:

        මිත්‍රයා unp කියන්නේ එදා සමාජයේ හිටපු කළු සුද්දන් පිරිසක් අටවගත්තු පක්ෂයක් හැබැයි ඔවුන් ගේ බටහිර ගැති වැඩපිළිවෙල නිසා රටේ උගත් බුද්දිමත් දේශප්‍රේමින් වෙනම පක්ෂයක් හදාගත්ත .එජාපයට සහය දුන්නේ එදා සිට අදදක්වාම හරිහමන් ජාතියක් ජන්මයක් නැති දේශප්‍රේමයක් වෙනුවට බඩක් ගැන හිතන බයිලා අහන ගංජා ගහන කසිප්පු බොන වනචාරි පිරිසක් .එජාප මැයි රැළියක් බලපුවාම මාමේ කියන කතාවේ ඇත්ත නැත්ත බලාගන්න පුළුවන් .
        එජාපය කියන්නේ තනිකරම මෝඩ ලුම්පන් මිනිසුන්ගේ තුන්වන පන්තියේ නුගතුන්ගේ පක්ෂයක් .උඩින්ම ඉන්න කළු සුද්දෝ ටික මේ සමාජයේ ඉන්න තුවනි පන්තියේ නුගතුන් ව අන්දවලා දක්කාගෙන යනවා .
        හොදට බලන්න පහුගිය ජනපතිවරණයේ සජිත් කතාකරපු විදිය කතාකරපු දේවල් .තේරෙනවා නේද මුන්ගේ යටි අරමුණු ඒ කතා ඇහුවම
        ඉතින් ඒ වගේ කාඩ ලජ්ජා නහි චරිතවලට මිත්‍රයා ඔය වචන තමයි සදාචාරත්මකම වචන උන් ඔතනින් එහාට වචන දන්නේ නෑ ඔය පෙන්වලා තියෙන්නේ UNP ගතිය

  7. Manel says:

    Kappam’ is not bribery or ‘black mail money’ as some comments. If he was ‘forced’ to pay or threaten to pay, what option he had. Nothing but to pay.

  8. Aniwa says:

    Hope you guys have seen Panama leak papers to realise who this ඇවන්ගාඩ් guy really is.

Main News