GMOA කියන ඖෂධ හිගය බොරු – මහනුවර රෝහල් අධ්‍යක්‍ෂ කියයි..

February 10, 2019 at 6:48 pm | lanka C news
GMOA කියන ඖෂධ හිගය බොරු – මහනුවර රෝහල් අධ්‍යක්‍ෂ කියයි..

හදවත් සහ වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් ඖෂධ හිග වීම නිසා සම්පුර්ණයෙන්ම අත්හිටුවා ඇති බවට පලවන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා අවධාරණය කරයි.

ජනමාධ්‍ය හරහා රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය විසින් සිදුකල ප්‍රකාශයක් මහනුවර රෝහලේ අධ්‍යක්ෂ ලෙස තමාගෙන් කිසිදු විමසිකින් තොරව පල කිරීම පිළිබදව කණගාටු බව වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.

පසුගිය 08 දිනද (පෙබරවාරි 08) රත්නපුර රෝහලේදී මොලය මියගිය රෝගියකුගේ අවයව එනම් වකුගඩු 2ක් සහ අක්මාවක් සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතියට යටත්ව ගුවන් හමුදාවේ සහයෙන් ගුවන් මගින් ගෙන්වා මහනුවර මහ රෝහලේ සහ කොලඔ ජාතික රෝහලේ දී රෝගීන් දෙදෙනෙකුට බද්ධ කිරීමේ සැත්කම් සිදු කරනු ලැබින.

මහනුවර මහ රෝහලේ මාසිකව 60,000ක් පමණ අවයව බද්ධ කිරීමේ සැත්කම් සිදු කල අතර පසුගිය වසරේ ආණ්ඩු මාරුව තුල දින 52ක කාලයක් පැවති දේශපාලන අස්ථාවරභාවයක් සිදූ වූ නිසා සැත්කම සිදු කිරීමෙන් අනතුරව රෝගීන් සදහා ලබාදෙන ඖෂධ වර්ග 2 කින් එක් ඖෂධයක් ප්‍රමාණවත් තරමින් ලැබී නොතිබීම හේතුවෙන් එම ඖෂධය නිකුත් කිරීම මාසයක කාලයක් වෙනුවට සති දෙකක කාලයක් සදහා ඖෂධය නිකුත් කිරීමට පියවර ගත් බවත් එම ප්‍රමාදය සිදු වූයේ පසුගිය වර්ෂයේ දින 52 කාලයක් ආණ්ඩු මාරුව තුල සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයෙන් නිසි අයුරින් බලධාරීන්ට ඖෂධ සපයා ගත නොහැකි වීම නිසාවෙන් බවද ඒ ආණ්ඩු මාරුව තුල ඇති වූ අර්බුධය අවස්ථාවේ මේ වෛද්‍ය සංගමය නිහඩව සිට නැවතත් වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා වීමෙන් පසුව ඔහුව අරඹයා චෝදනා එල්ල කිරීම කිසිසේත්ම උචිත නොවන බව මහනුවර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.

එම නිසාවෙන් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් පටු බංකොලොත් දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් සෞඛ්‍ය සේවාව පිලිබදව දීගින් දිගටම අසත්‍ය ප්‍රචාර සිදුකරමින් අහිංසක රෝගීන් පිඩාවට පත් කරන හුදු දේශපාලන වින්දනයක් ලබා ගැනීමට දරන උත්සහය පිලිබදව තමා ලැජ්ජාවට පත්වන බව මහනුවර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.

– M විජේනායක

8,299 Viewers

4 Comments to “GMOA කියන ඖෂධ හිගය බොරු – මහනුවර රෝහල් අධ්‍යක්‍ෂ කියයි..”

  1. Anura says:

    මහනුවර මහ රෝහලේ මාසයකට අවයව බද්ධ සැත්කම් 60000 ක් කරනවලු. ඒකියන්නෙ දවසකට 2000ක්. මේක විස්වාස කරන්න පුලුවන්ද?

    • මෙතන ඉලක්කම් ප්‍රශ්නයක් තියෙනවා.මට හිතෙන්නෙ වසරකට 600 ක් කියලයි. ඒ කොහොම උනත් මේ GMOA නිලධාරී කියන හරක් ටික දෙනා නිසා සමස්ථ වෛද්‍ය ප්‍රජාවම අපහසුවට පත්වෙනවා. මේ අයගෙ දේශපාලන න්‍යායපත්‍ර පෞද්ගලිකව කරගත්තට අපට කමක් නෑ. ඒත් GMOA හැටියට ප්‍රකාශ නිකුත්කරල සංගමය නියෝජනය කරන සියලු වෛද්‍යවරු මේකට ගාවගන්න එක වැරදියි.

  2. Roy Berman says:

    Funny.
    Only cause the 52 days government changed got shortage of medicine.

    • I think you didn’t understand what he said. There was no shortage of drugs now. On those 52 days there was no one to proceed the orders and because of that there was a shortage of drugs. That drug was issued but not for a period of month only for two weeks. But the GMOA was silent on that shortage. Even without any shortage of drugs now the GMOA is issuing media reports to blame the Government.

Main News