GMOA වර්ජනයට විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැඩි විරෝධය…
December 23, 2021 at 12:40 pm | lanka C news
රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් මේ වන විට ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය සම්බන්ධයෙන් තම විරෝධය පළ කරන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය කියා සිටියි.
ඔවුන් පෙන්වා දෙන්නේ පශ්චාත් සීමාවාසික පත්වීම යනු නව පත්වීම් මිස ස්ථාන මාරුවීම් නොවන බවයි.
සීමාවාසික වෛද්‍යවරුන් පත් කළ යුත්තේ සේවා අවශ්‍යතාවය අනුව මිස කිසියම් කණ්ඩායමකට අවශ්‍ය ඡන්ද පදනම වර්ධනය කිරීමට පසුබිම සකස් කිරීමට නොවන බව ඔවුන් පෙන්වාදෙයි.
මේ බව සදහන් කරමින් එම සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.
රජයෙන් පලිගන්න. දුප්පත් ජනතාව ගෙන් පලි නොගන්න. (ඒ අය ඔබලාට සාප කරාවි)
ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇනීම සිදු නොකළ යුතුයි.
එතකොට ඔය කියන විදියට රජය හරියට පත්වීම් දීලානම් සමහර රෝහල් වල අද වෙද්දි එක වෛද්‍යවරයෙක් වත් නැත්තේ ඇයි. ආණ්ඩුවට කඩේ ගියාට කමක් නෑ. සීමාවක් ලැජ්ජාවක් ඇතුව.
බොරු පඩ ෂෝ.
දොස්තර වරයෙකු වීමට මූලික සුදුසු කම විය යුත්තේ බුද්ධිමත් කම විනා කට පාඩම් කර විභාග සමත් වීම නොවේ. නමුත් අද දින බොහෝ වෛද්‍ය වරු මස් කඩ මුදලාලිලා වගේමයි. මුන්ගේ ගාන කඩාගන්නා අදහස මිසක් තමා ඉගෙන ගත්තේ මහජන මුදලින් බව අමතක වෙලා. ලෙඩුන් බිල්ලට තියලා තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලන කාලකන්නි ත්‍රස්තවාදී රැලක් තමා අද බටහිර වෛද්‍ය වරු කියන්නේ.