GMOA වෙතින් තද දැනුම් දීමක්.. ආණ්ඩුව අන්තිම අසමත් යයි කියයි..

April 21, 2022 at 8:40 am | lanka C news
GMOA වෙතින් තද දැනුම් දීමක්.. ආණ්ඩුව අන්තිම අසමත් යයි කියයි..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

නිරායුධ පොදුජන අරගලය මිලේච්ඡත්වයෙන් මර්දනයට එල්ල කර ප්‍රහාරයට විරෝධය සහ ස්වාධීන විමර්ෂණයක් ඉල්ලා සිටීම.

වර්තමාන රජයේ දැඩි මූල්‍ය සහ ආර්ථික කළමණකාරණයේ අසමත්භාවය නිසා අද වන විට දේශපාලන හා සමාජ අර්බුදයක් වෙතට ගමන් කරමින් පවතී.

තම මූලික අවශ්‍යතාවයන් සපුරාගැනීමට නොහැකි වීමත්, උසුලාගත නොහැකි ජීවන වියදමත් නිසා අහිමි වෙමින් පවතින තම ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් ජාති, ආගම්, පක්ෂ පාට බේදයකින් තොරව මහජනතාව වත්මන් රජයට සහ දේශපාලන ක්‍රමවේදයට එරෙහිව අනවරත අරගලයක නිරත වී සිටියි.

මෙම ජන අරගලය ප්‍රචණ්ඩත්වයට යොමු කිරීම සඳහා රාජ්‍ය සහ රාජ්‍ය නොවන විවිධ කණ්ඩායම් දිගින් දිගටම කටයුතු කරන බව නිරීක්ෂණය කළෙමු. ඊයේ දිනයේ දී තම මුලික අවශ්‍යතා වෙනුවෙන් හඩ නැගූ නිරායුධ සිවිල් ජනතාවට රඹුක්කන ප්‍රදේශයේ දී ආරක්ෂක අංශ මගින් එල්ල කරන ලද මාරාන්තික සහ ම්ලේච්ඡ ප්‍රහාරය එහි ප්‍රතිඵලයකි.

නීත්‍යානුකූල අවම බලය භාවිතා කිරීම වෙනුවට ආරක්ෂක අංශ විසින් නිරායුධ ජනතාවට එල්ල කර ප්‍රහාරය නිසා මේ වන විට එක් පුද්ගලයෙක් අවාසනාවන්ත ලෙස මරණයට පත්වී ඇත.

කෑගල්ල, රඹුක්කන සහ නුවර රෝහල්වලට මේ වන විට තුවාලකරුවන් 35 දෙනෙකු පමණ ඇතුලත් කර ඇත. ඔවුන් අතරින් තිදෙනෙක් තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති. මෙම තුවාලකරුවන්ගේ ශරීරයේ උරස් හා උදර කුහර ප්‍රදේශ වලට ජීවඋණ්ඩ භාවිතය නිසා සිදු වූ දරුණු තුවාල නිරීක්ෂණය වන බව අපගේ සංගමයේ කෑගල්ල ශාඛාව අප දැනුවත් කර ඇත.

මෙම අමානුෂික ප්‍රහාරය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර, ඒ පිළිබඳව වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකර ඊට වගකිව යුතු සියලුම දෙනා සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවත්, මෙම සිදුවීමෙන් අගතියට පත් සියලුම දෙනාට වහාම සාධාරණය ඉටු කළ යුතු බවත් අවධාරණය කරමු.

වත්මන් පාලකයින් ජනතාවගේ සැබෑ ගැටලු වලට විසඳුම් සෙවීම පසෙකලා, ප්‍රජාතන්ත්‍රවාදී අරගලය ප්‍රචණ්ඩත්වය මගින් මර්දනය සඳහා උත්සහා කරමින් සිටියි. පීඩනයට සහ අසහනයට පත්ව සිටින ජනතාව ප්‍රකෝප කිරීම සහ ප්‍රචණ්ඩත්වයට පෙළඹවීම තුළින් රට තුළ අරාජිකත්වයක් ඇතිවීමේ අවදානමක් මතු වී ඇත. මෙමගින් රට නැවතත් 88/89 යුගයේ මෙන් හැරවිය නොහැකි අර්බුදයක් කරා ගමන් කිරීමේ අවදානමක් ඇත. ඒ සදහා වත්මන් අසමත් පාලකයන් සහ දේශපාලනඥයන් ඍජුව වගකිව යුතුය.

දැඩි ඖෂධ සහ ඉන්ධන හිගය හමුවේ කඩාවැටෙමින් පවතින සෞඛ්‍ය ධාරිතාව මෙවැනි ප්‍රචණ්ඩත්වය නිසා ඇති වන ආපදා හමුවේ තවදුරටත් අර්බුදයට ලක් වේ. තම ජිවත් වීමේ අයිතිය තහවුරු කර ගැනීම සදහා සමකාමීව අරගල කරන බුද්ධිමත් ජනතාව ප්‍රචණ්ඩත්වය සදහා යොමු කරවීමට ගන්නා කූඨ උත්සාහය වටහා ගෙන බුද්ධිමත්ව කටයුතු කරන ලෙස ජනතාවගෙන් අප ඉල්ලා සිටිමු.

මෙම තීරණාත්මක අවස්ථාවේදී වත්මන් අසමත් පාලනය සහ ජරාජීර්ණ ක්‍රමවේදය වෙනස් කිරීම වෙනුවෙන් සිදුකරන ජනතා අරගලයේ දී ජනතා අයිතීන් වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අඛණ්ඩව පෙනී සිටින බව ප්‍රකාශ කරමු.

58,995 views

26 Comments to “GMOA වෙතින් තද දැනුම් දීමක්.. ආණ්ඩුව අන්තිම අසමත් යයි කියයි..”

  1. Mahesh says:

    Hammatasiri.
    Ratanayath ekka set wela ratama kala nidagaththa eun.
    Munta eherila,…
    Kauda wathura gehuwe?

    • PEOPLE OF COUNTRY says:

      GMOA හැමදාම කියෙව්වා ටොපි ට පුළුවන් කටට එනදේ කියවන්ඩ පමණි.

      තොපිට හැදියාවක්, හදවතක් තියනවනම් ලෙඩ්ඩු hostages ල විදියට තියාගෙන වර්ජන කරන්ඩ පුලුවන්ද,

      උබල තිරිසන්නුනුන්ටත් වැඩිය පහත ජීවින් කොටසක්. ටෝපි රටට කලේ මොකද්ද හැමදාම benefits by force ලබාගත්ත.

      තොපිට හෙන ගහනවා

  2. Samson says:

    රෝහලට එන රෝගීන්ට බාධා, වෛද්‍ය හා අනෙක් සේවකයන් ට බාධා , විශාල දුම්රිය මගීන් පිරිසකට බාධා පාසැල් දරුවන්ට බාධා බව්සරය ගිනිගත්තානම් ඕක කරපු මීහරක් ටිකයි තව බොහෝ අසරණ මිනිස්සුයි මැරෙනවා.
    අවම බලය විතරක් මදිවුනාද ?

  3. කුඹුක්කණ් says:

    මං උඹලට කොහොමත් කැමති නෑ, නමුත් හැමදාම උඹලා කරන කොරෝනා මාර්කටිං පාර කරලා නැති නිසා, වැඩිය බනින්නෙ නෑ.

    හැබැයි වෘත්තියක් විදියටම රටේ ඩොලර් ටික කන උඹලා , කටයි පුපයි වහගෙන පැත්තකට වෙයව්.

  4. බයිසන් says:

    2019 ඡන්දෙ කාලෙ මං අඳුනන දොස්තර කෙනෙක් කීවා 2015 මගෙ මුළු පඩිය 80000/-. යහපාලන ආණ්ඩුවෙන් පඩිය සහ දීමනා වැඩි කරපු නිසා දැන් 210000/-. ලැබෙනවා කියලා. යහපාලන ආණ්ඩුව වගේ නෙවෙයි ගෝඨා ජනාධිපති වුණාම ර පඩිය ලක්ෂ 4 ක් වත් ලැබෙයි. දැනට ලැබෙන ලක්ෂ 36 වාහන පර්මිට් එක ලක්ෂ 100 වත් කරල දෙයි කියලා. දොස්තර මටත් කිව්වා ගෝඨාට ඡන්දෙ දාන්න කියලා. මං කාටවත් ඡන්දෙ දැම්මේ නැහැ. මෑන් ඊට පස්සෙ මට හමුවුනේ නැහැ.

  5. ප්‍රණාමය says:

    වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සත්‍ය එළිකිරීමෙන් තම යුතුකම ජනතාවට කලේය. තව දුරටත් දණහිසට යටින් වෙඩි තැබීමට නොදත් සොත්ති අත් ඇති ගොන් මිනිසුන් පොලීසියට බදවා ගැනීම වැලැක්වීමට වෛද්‍ය නිරීක්ෂණ හෙළි කරන්න. මෝඩයන් රජයේ පාර්ලිමේන්තුව, පොලීසිය ඇතුළු වැදගත් ස්ථානවලට වැලැක්වීමට පණත් ගෙන ආ යුතුයි. එය උගත් සැමගේ වගකීමයි. එය නඋගත් මිනිසුන්ට කරන අපහාසයක් නොවන අතර නූගතුන් නොගැගපෙන තනතුරුවලට පත් කිරීමෙන් අප රට මේ අගධයට වැටී ඇත. එය පාරේ වැඩ කරන කෙනෙකුට වෛද්‍ය සැත්කමක් කරන්න යැයි කීවා වැනිය.

  6. BOC-සිරිමල් උයනේ -රාජන්ගනේ-යාය 7-චාමර පිම්පියා says:

    අපේ කාබිතිගොල්ලාවේ Dr Wruna පුතා , ලෝකෙටම වැඩකාරයා හරිද.
    මුළු ලෝකෙම එයාව ඉල්ලනවා

    • UDITHA MALLI HANSAGIRI ROAD says:

      පල පල පඩි කතා දෙන, පිම්පි පින්-ගුත්තරය

  7. ගුණය says:

    ඔවුන් රට වසා දැමීමට බල කළ මිනිසුන් ය. හිවලුන්

  8. Chandana says:

    GMOA is responsible for this crisis just as the government
    They also steal members money just like the government steal citizens money
    No difference
    People should know their annual income 40000 members annual fee 6000
    Total 240000000 rupees per year
    That’s why padeniya is there by hook or crook

    • බයිසන් says:

      රටේ ඉන්න හැම දොස්තර කෙනෙක් ම GMOA එකේ සාමාජිකයෝ නෙමෙයි. GMOA එකේ ඉන්නෙ 20000 ක් විතර සංඛ්‍යාවක්. GMOA කියන්නෙ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය.

  9. Chandana says:

    GMOA should support the government at this point to ensure the safety of citizens

Main News