GMOA සභාපති පාදෙණියට නාථ දෙවියෝ බලය දීලා.. ඔහු මහින්දටයි කඬේ ගියේ..- රාජිත

April 11, 2017 at 6:48 pm | lanka C news
GMOA සභාපති පාදෙණියට නාථ දෙවියෝ බලය දීලා.. ඔහු මහින්දටයි කඬේ ගියේ..- රාජිත

ජපාන ආධාර යටතේ ඉදිකරන ලද තෙල්දෙනිය මුලික රෝහලේ නව ගොඩනැගිලි සංකීර්ණය අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවෙි විවෘත කරන ලදි. ඒ සදහා වැය කළ මුදල රුපියල් මිලියන 874 කි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“ජපාන අධාර යටතේ රෝහල් 04 ක් සංවර්ධනය කළා. වරකාපොල, තෙල්දෙනිය, ගල්ගමුව සහ කලවංචිකුඩි එම රෝහල් 04 යි. ජපාන රජය විසින් ශ්‍රී ලංකාවෙි රුධිර පාරවිලයන සේවාව නංවාලිමටත්, පාර්ලිමෙින්තුව, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල ඇතුලු ආර්ථික මර්මස්ථාන රැසක් ඉදිකිරිමටත් ආධාර ලබා දී තිඛෙනවා.

මම විධායක ජනාධිපති බලතල භාවිත කිරීමට 1977 වසරේ සිට විරුද්ධ වූ පුද්ගලයෙක්. නමුත් ඇතැම් අවස්ථාවල දී මට සිතෙනවා ජනාධිපති බලතල තිබිය යුතු බව. ඊට හේතුව කැබිනට් මණ්ඩලයට ඇතැම් යෝජනා ගෙනඒමෙි දී විවිධ මත ඉදිරිපත් කරනවා. නමුත් ජනාධිපතිවරයා විනිශ්චය සභාවෙි සිට අවසන් තීන්දුව ප්‍රකාශ කිරීමෙන් පසු එම යෝජනාවලින් මම ජයගන්නවා. එම නිසා ඇතැම් අවස්ථාවල දී මට හිතෙනවා ජනාධිපති බලතල තිබීම හොදයි කියලා.

ඖෂධ සමාගම්, දුම්කොළ සමාගම් අපට විරුද්ධව මඩ ගහනවා. මාධ්‍යවෙිදීන් මුදලට මිල දී ගන්නවා. ඊට හේතුව ඖෂධ මිල අඩු කිරීම සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දුෂණ වංචා අවම කිරීමයි. එම බලෙවිග වලට මුහුණදීමට මම සුදානම්. වර්තමානයේ රට පාලනය කරන්නේ අවිහිංසාවාදී නායකයෙක්. ජනතාව වෙනුවෙන් සාධාරණ විසදුම් ලබා දෙනවා. පසුගිය කාලයේ මහරජාණන්ට බයේ සැගවී සිටි අය දැන් කරලියට ඇවිත් විරෝධතා පවත්වනවා. අපි බණ්ඩාරනායක මහතාගෙන් දේශපාලන පාඩමක් ඉගෙන ගත්තා. බණ්ඩාරනායක මහතාට සිදු වූ දෙය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සිදුවීමට ඉඩ දෙන්නේ නැහැ. යහපාලනය තිඛෙන්නේ ජනතාව වෙනුවෙන්. මෙි රට විනාශ කළ පුද්ගලයින්ට බලයට ඒමට ඉඩ ලබාදෙන්නේ නැහැ. ඔවුන් විසින් සිදු කළ දුෂණ, වංචා, මනුෂ්‍ය ඝාතන තොරතුරු තව ටික කලකින් හෙළිදරවි කරනවා. එම පරික්ෂණ ටිකක් ප්‍රමාදයි. සරත් ෆොන්සේකා මහතාගේ නඩු විසදපු ආකාරයට අපි නඩු විසදන්නේ නැහැ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා විවිධ ප්‍රකාශ නිකුත් කරනවා. ඒ හිටපු ජනාධිපතිවරයා බලයට ගෙනඒමටයි. සභාපතිවරයාට එම බලය ලබා දී තිඛෙන්නේ නාථ දෙවියෝ කියලයි ඔහු ප්‍රකාශ කරන්නේ. සයිටම් අර්බුදය භාවිත කරමින් විරෝධතා ඇති කරන්නේ එම නිසයි. දේශපාලන බල පෙරළියක් ඇති කිරිමටයි. සයිටම් අර්බුදයට රජය විසදුමක් ලබාදුන්නා. අධිකරණය ලබාදුන් නියෝග මම ක්‍රියාත්මක කළා. මම කැමැති නැහැ එස්.බි දිසානායක අමාත්‍යවරයා මුහුණ දුන් ගැටළුවට මුහුණදීමට. අධිකරණ නියෝගය හොද හෝ නරක වුනත් ක්‍රියාත්මක කළ යුතුයි. මාළඹෙි නෙවිල් ප්‍රනාන්දු රෝහල නිදහස් රෝහලක් බවට පත් කිරිමට රජය කටයුතු කරනවා. නමුත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය යෝජනා වලට විරුද්ධව කටයුතු කරනවා. ජනාධිතිවරයා අවිහිංසාවාදී නායකයෙක් විදිහට ප්‍රශ්ණ විසදනවා. අග්‍රාමාත්‍යවරයා ප්‍රශ්ණවලට අවධානය යොමු කරනවා. සයිටම් අර්බුදයේ දී ඇතැම් අය සිතන්නේ මමත්, එස්.බි දිසානායකත්, ලක්ෂ්මන් කිරිඇල්ලත් විරුද්ධව කටයුතු කරනවා කියලයි. වෙන වෙන හේතූන් මත සයිටම් අර්බුදය කේන්ද්‍ර කර ගනිමින් විරෝධතා පැවැත්වූවා. වර්ජනයට වෘත්තීය සමිති 182 ක් එක්වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළා. නමුත් කිසිදු වෘත්තීය සමිතියක් ආවෙි නැහැ. අපි ජනතාව පැත්තෙන් තීන්දු තීරණ ගන්නවා. දුම්කොළ සහ ඖෂධ සමාගම්වලට විරුද්ධව කටයුතු කළ අපට ඔවුන්ට යටත්වීමෙි උවමනාවක් නැහැ.” යැයි ද වැඩිදුරටත් පැවැසීය.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

54 views

7 Comments to “GMOA සභාපති පාදෙණියට නාථ දෙවියෝ බලය දීලා.. ඔහු මහින්දටයි කඬේ ගියේ..- රාජිත”

  1. බන්ඩා says:

    “… සරත් ෆොන්සේකා මහතාගේ නඩු විසදපු ආකාරයට අපි නඩු විසදන්නේ නැහැ.” අැමති රාජිත. ‘හිටපු අග්‍රවිනිශ්චකාරයව චිිට් එකටන් පන්නපු හැටි’ මේ මිනිහට මතක නැති හැටි. අම්මපා!
    ඒකක් කියන්න ඔනෑ: මතක තිියා ගනින්; උඹල පච කෙලල අපිව අන්දන කාලය වැඩිය දිග නැහැ.

  2. janaka says:

    නාථ දෙවියන් හැල්ලුවට ලක්කරන තොට වැඩිකල් යන්න ඉස්සරවෙලා එක පල දෙනවා සමහරවිට රොටිය ඉක්මනින්ම කරවෙන්න උනත් පුළුවන් .

  3. gavin gunawardane says:

    බුදු හිමි දෙසා වදහල දහමට අනුව
    වසලයා බමුනගෙන් වෙනකර දැනගනුව
    බලයට මුවාවී කරනා ගනුදෙනුව
    අවසන් වේවි දිග නැති දා කොහු ලනුව

    • කපුව says:

      හතර වටේ සිටියත් මොන බොඩි ගාඩ්ලා
      නතර කටේ නැත මොහු දොඩමලු හූල්ලා
      අතර සිටේ ඇඟතුල පයිප්ප බට මස අල්ලා
      නතර බටේ පිපිරියං නාථ දෙවියන් පල්ලා

  4. yakaduraa යකදුරා says:

    මුට නම් මහසෝනා ගහනවා ළඟදීම. ඒ පර දෙවි වරුත් දෙසපලනෙට අරං. වස් වැටෙනවා නියතයි.ඕහ්හ්..නමෝ….

  5. pp says:

    oyath mr ta aworodo 6,7 kade giyaneda.

Main News