GMOA සමග වූ එකගතා මුළුමනින්ම කඩලා.. සයිටම් ගැන ජනාධිපති ලේකම්ගේ නිවේදනය පිලි නොගනී..

June 26, 2017 at 3:33 am | lanka C news
GMOA සමග වූ එකගතා මුළුමනින්ම කඩලා.. සයිටම් ගැන ජනාධිපති ලේකම්ගේ නිවේදනය පිලි නොගනී..

සයිටම් ගැටුළුව සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් රජයේ ස්ථාවරය දක්වමින් නිකුත් කර ඇති නිවේදනය කිසිසේත්ම පිලි නොගන්නා බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග පැවති සාකච්චාවේදී එළැඹුනු එකගතානවක් වෙනස් කර අදාල නිවේදනකය නිකුත් කර ඇති බව එහි වැඩ බලන කැදවුම්කරු මංගල මද්දුමගේ කොලඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

63 views
Main News