‘Gota Go Home’ – පොහොට්ටු බල කණුවකින් ජනපතිට දැඩි ප‍්‍රහාරයක්…

June 13, 2022 at 10:02 pm | lanka C news
‘Gota Go Home’ – පොහොට්ටු බල කණුවකින් ජනපතිට දැඩි ප‍්‍රහාරයක්…

එක් එක් කෙනාට බෝලය පාස්නොකර ජනාධිපති වගකීම බාරගෙන ධුරයෙන් යා යුතු බව උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා පවසයි.

යහපාලන ආණ්ඩුව ගෙදර යවන්න දැඩි කැපවීම් කරලා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කළා. ඒ පක්ෂය වටේ ඉතා කෙටි කාල සීමාවක් තුළ අතිවිශාල පිරිසක් එක්වෙලා 2018 වර්ෂයේ පැවැති පළාත් පාලන මැතිවරණය ජයගත්තා.

ඊට පස්සේ 2019 වර්ෂයේ පැවැති ජනාධිපතිවරණයේදී රට ගොඩ නගයි කියන දැඩි බලාපොරොත්තුව ඇතිව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කළා.

හැබැයි බලය ගත්ත දා ඉදලා දවසින් දවසින් ජනතාවගේ බලාපොරොත්තු කඩ කරන්න පටන්ගත්තා. ඒක තමයි මේ ව්‍යාකූල තත්ත්වයට මුල. තමන්ගේ මාපියන්ට වගේ ආදරය කරපු පක්ෂ අතහැරලා තමයි පොහොට්ටුව වටේ එකතු වුණේ. එහෙම වුණේ ලොකු විශ්වාසයක් තියාගෙන. සමහරු කියනවා ලක්ෂ 69 ජනවරම ලැබුණේ ගෝඨාභයට කියලා. නැහැ 2018 පළාත්පාලන මැතිවරණයට ඔය කවුරුවත් හිටියේ නැහැ. තනතුරු පරිත්‍යාග කරමින් කැපවීම් කරපු පිරිස නිසයි ඒක ජයග්‍රහණය කළේ.

දවසින් දවස ආණ්ඩුවට තිබුණ ප්‍රසාදය අඩුවේගෙන ගිය නිසා පළාත් සභා මැතිවරණයත් කල් දැම්මා. රටේ නායකත්වය ගත්ත අදූරදර්ශි ක්‍රියාපිළිවෙත හින්දා අද රටේ ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වයක් ඇතිවෙලා තියෙන එක රහසක් නෙවෙයි. රනිල් වික්‍රමසිංහට අගමැති ධුරය දීලා ජනාධිපති හිතනවානම් ගත්ත හොදම තීරණය ඒක කියලා අපිට හිතාගන්න තියෙන්නේ ගොවියට පොහොර නොදී රටට වුණ විනාශය වගේ එකක් කියලා. අද දේශපාලන පක්ෂ සියල්ලම අරාජික වෙලා.අපිත් මුලින් හිටියේ අරගලකරුවන් කියන එක වැරදියි කියලා.

හැබැයි දැන් අපිට තේරෙනවා අරගලකරුවන් කියන දේ නිවරදියි කියලා. රටේ ජනතාව මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට යන්න කිව්වට පස්සේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා පත්කරගත්තේ ජනතාවට උපදෙස් දෙන්න නොවෙයි වැටුණු රට ගොඩ ගන්න. ඒත් මෙතුමා කරන්නේ වෙන එකක්. ඒක හින්දා මම කියන්නේ මේ අගමැතිතුමත් අරගෙන ජනාධිපතිතුමාට ගෙදර යන්න කියලා යැයිද හෙතේම වැඩිදුරටත් සදහන් කළේය.

– ලංකාදීප

99,619 views

23 Comments to “‘Gota Go Home’ – පොහොට්ටු බල කණුවකින් ජනපතිට දැඩි ප‍්‍රහාරයක්…”

  1. Lanka says:

    Yeah right u lot are greedy politician, i bet u cant any favours from Gota, where as MR did always lookafter his people. In other words he just ignores all the corruptions plus commission as long as u lot are happy. Thats the reason u want Gota go home, then u can ask Basil or Namal to take over. Thats how you all crooks work together. U lot never change, just after power only.

    • Piyadasa Yalagala says:

      We do not agreed with that above mention comment ,becasue Gotabaya R….. only look after hegemony of USA vital interest and Family concern money of Rajapakse clan. He discared 2019 Novermber 16 th mandate given ti him by 6.9 millions citizens of Lanakan.

    • Piyadasa Yalagala says:

      We do not agreed with that above mention comment ,becasue Gotabaya R….. only look after hegemony of USA vital interest in Indo-Pacfice Region and by Family concern money of Rajapakse clan. He discarded 2019 Novermber 16 th mandate given to him by 6.9 millions citizens of Lankan. We lost his trust of Political manuvering by US embassy in Colombo ,it is not way of that Democrcay talk and working on US hegemony, white House in world . We are dissapoiment US behavoirs in Island and it has been support by GR in mode of govrences. .

  2. Kamal says:

    ගෝටා එපා. මයිනා කොහොමත් එපා.

    කොමිස් ගැසීම සහ ගැස්සවීම
    හොරකම සහ හොරකමට අනුබලය
    නීතිය නැමීම
    ගජයන්ට බදු කප්පාදු
    අක්‍රමවත් කාබනීකරනය

    ඇතුලු තව එකි මෙකි නොකී බරපතල වැරදි සදහා ජනතා අධිකරනයේ රෙදි නැතිව වැරදිකරුවන් වී හමාරය.

    • Uhuuhu says:

      Thamuseta epa wunaata apita one ne oy!

      Gota ta eththatama uwamanawak thiyenawa.. moda widiyata kala.. oya wage odu duwapu thuwala eliyata aawe e nisai.. neththang hema dama paththu benda benda innawa…

      Gota aapu gaman wage wahana import karana eka neweththuwe ey??????
      Development projects walata naya ganna eka neveththuwe ey?????
      Forex issues nisa pora navaghthapu bawa Nalin De Silva kiyala thiyenawa (eka kare organic walin goda yanna puluwan kiyana weradi mathaya nisa.. eka hari.. )

      Den system reset ekakata gota nositha (namuth ohuge charitha lakshana nisai wune) yam thathwayak ethi karala thiyenawa.. eth den ethi.. rata wattanna thaamath kotasak wali kanawa..

      Weradi kara.. weradi wuna.. kavuda oy anga sampurna aya inne????

      Eth hari wikalpayak aawoth ekata sahayogaya denawa..

      Den ithin kunuharapa keli daala benapiyaw.. ara mokaka theri daaara bayyek kiya kiya blah blah blah…

  3. Boo says:

    ෂුවර් එකටම මුගේ හොර වැඩක් ගෝටා නිසා කරගන්න බැරැව ඇති. ඒකයි මේ හදිසියේ මතුවුනු අමාරැව.
    Why not you go home you idiot?

  4. Sunil says:

    At last the bootlickers have realized the thruth even in this late stage after the horse has bolted from the stables. If sence prevails with the correct leadership we can catch the horse and bring it back to the stable.

  5. ගුරා says:

    මේවගේ පක්ෂ බදන් ඉන්න, මහජන මුදල් මංකොල්ල කන වහල් පිසාචයෝ හින්දා තමයි රටට කෙලවෙලා තියෙන්නේ

  6. පබිලිස් says:

    අට පාස් නෙති අයියා මලෝ කෙබිනට් එමති කමක් නොලෙබුන සෝකයට අනුරාධපුරයේ අපි උද්ඝෝෂණ ය කරමු නේ😂😂😂

  7. සකු says:

    කවුරුත් මෙයා හා අයියා කොච්චර දුරට ඉගෙන ගෙන තියන වද කියල දන්නවාද . මුන් ට හොරා කරන්න බෙරි උනාම අපි එකතු වෙලා උද්ඝෝෂණ කරල මූට හා අයියා ගොඩ යන්න උදවු කරන්න ඔනේ නේ.

  8. Rabok says:

    People certainly do not believe you – if you want them to believe you first arrest your brothers and their siblings and bring them before justice and tell them to prove their innocence – if you do not do that then do not expect people not to believe that you still manipulated by your brothers behind the screen