GSP+ ගන්න කොන්දේසි 100%ක්ම සපුරයි.. කොන්දේසි මොනවාදැයි සගවයි..
January 14, 2017 at 8:40 am | lanka C news
යුරෝපා සංගමයෙන් GSP+ ලබාගැනීමට ආණ්ඩුව කුමන කොන්දේසිවලට එකග වුනේදැයි හෙලි කල යුතු යයි ඒකාබද්ධ විපක්ෂය අභියෝග කරයි.
මෙම සහනය අහිමි කරවනු ලැබුවේ යුරෝපා සංගමය අතුළු ජාත්‍යන්තරය විසින් යෝජනා කරන ලද රට වනසන කොන්දේසිවලට එකග නොවීම නිසා බවත් රට විකුණන කොන්දේසිවලට එකග වී ගන්නා සහන වලින් කිසිදු පලක් නැතියිද පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත්ද සොයිසා මහතා කියා සිටියේය.
මේ අතර නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා මහතා පවසන්නේ GSP+ සහනය ලබා ගැනීමට උවමනා නිර්ණායක සියයට සියයක්ම සපුරා ඇති බවත් සහනය මෙරටට ලැබීම බලාත්මක වීමට තවත් මාස හතරක පමණ කාලයක් ගතවනු ඇති බවත්ය.
මාස 4ක් බලාගෙන ඉන්න වෙනවා කියන්නෙ බයට මොකද මහින්ද ට ආන්ඩුව පෙරලයි කියන බයට