GSP+ නැතිවුනොත් ඩොලරය 300 පනිනවා..

June 13, 2021 at 4:40 pm | lanka C news
GSP+ නැතිවුනොත් ඩොලරය 300 පනිනවා..

ශ්‍රී ලංකාවට යුරෝපයෙන් ලබාදෙන ජීඑස්පී ප්ලස් සහනය අහිමි වුවහොත් ඩොලරයේ වටිනාකම රුපියල් තුන්සීයක් ඉක්මවනු ඇති බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ මුදාහරිමින් ඒ මහතා කියා සිටියේ මෙම සහනය හරහා බදු අයකිරීමක් නැතිව යුරෝපයට භාණ්ඩ යැවීමට අවසරය හිමිවන බවයි.

කොරෝනා වසංගතය හමුවේ මෙරට ආර්ථිකය අවදානමකට පත්ව ඇති අවස්ථාවක මෙම සහනය ද අහිමි වීම දැඩි බලපෑමක් ඇති වුණු ඇතිව ඇතැයිද ඔහු කියා සිටියි.

එවන් තත්ත්වයකදී දසදහස් ගණනකින් රැකියා අහිමි වී යනු ඇති බවත් පවසන ඔහු මතුව ඇති තත්ත්වය හමුවේ එම සහනය ආරක්ෂා කර ගැනීමට රජය වහා කටයුතු කළ යුතු බවද කියා සිටියේය.

40,763 views

46 Comments to “GSP+ නැතිවුනොත් ඩොලරය 300 පනිනවා..”

  1. ආර්ථික විශ්ලේෂක says:

    ඩොලරය 350 පන්නමු. එවිට සියලු ආනයන නවතිනවා. රටතුළ නිශ්පාදනය වැඩිවෙනවා රට බලාගෙන ඉන්නකොට දියුණු වෙනවා

  2. Mangala says:

    මේ වගේ උන් තාමත් ඉන්නවනේ

  3. kumdhar says:

    රනිල් මහතා කියන අයුරින්, යලි ලැබුනේ 2017 දී. එසේනම් ඊට පෙර දසදහස් ගණනකින් රැකියා අහිමි වී තිබුනාද? ලැබුණු පසු දසදහස් ගණනකින් රැකියා හිමි උනාද? ඒ රැකියා ගණන්වලින් කීයක්ද ?
    මට නම් පෙනෙන්නේ කොවිඩ් උවදුර නිසා රැකියා අහිමිවන තත්ත්වයක්නම් ඇති බවයි.

  4. kumdhar says:

    රනිල් මහතා කියන අයුරින්, GSP+ යලි ලැබුනේ 2017 දී. එසේනම් ඊට පෙර දසදහස් ගණනකින් රැකියා අහිමි වී තිබුනාද? GSP+ ලැබුණු පසු දසදහස් ගණනකින් රැකියා හිමි උනාද? ඒ රැකියා ගණන්වලින් කීයක්ද ?
    මට නම් පෙනෙන්නේ කොවිඩ් උවදුර නිසා රැකියා අහිමිවන තත්ත්වයක්නම් ඇති බවයි.

  5. සුදු මහත්තයා says:

    එල්ටීටීඊ එකත් එක්ක යුද්ධ කරන කාලේ ඔය කියන GSP+ අපිට දුන්නේ නැහැ යුද්ධය නවත්තන්න එතකොට අපි එක දෙන්නං කියල කිව්ව ජාතියක් කාලේ ඔය GSP+ ඇතුව යුද්දෙත් ඉවර කරල රටත් දියුණු කරා
    මම හිතන්නේ ඔය ප්ලස් එක අපට නැති උනාම හරිම පහසුයි එක එක රටවල් කියන තාලෙට අපි නටන්න ඕනේ නැහැ අපටම කියලා අනන්‍යතාවයක් තියෙන්න ඕන කලා මට හිතෙන්නේ