GSP+ ලබා දී ඇත්තේ රට ෆෙඩරල් කරන්න පොරොන්දු වීමෙන් බව ජනපති පත්තරෙන් දැකලා..

January 15, 2017 at 12:00 pm | lanka C news
GSP+ ලබා දී ඇත්තේ රට ෆෙඩරල් කරන්න පොරොන්දු වීමෙන් බව ජනපති පත්තරෙන් දැකලා..

සහනය නැවත මෙරටට ලැබීම සම්බන්දයෙන් සත් අන්ත පුවත්පතක පලවූ වාර්තාවත් දැක තමන් කම්පා වූ බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මෙම සහනය ලැබීමත් සමග ආණ්ඩුව ලැබෙන ගෞරවය කීර්තිය කෙලසීමට ඇතැමුන් අශීලාචාර ලෙස කටයුතු කරන බවද ඔහු කියා සිටියේ ගාල්ලේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

මෙම සහනය ලබා ගෙන ඇත්තේ රට ෆෙඩරල් කිරීම ඇතුළු පොරොන්දු ගණනාවකට එකග වී බවද අදාල වාර්තාවේ දැක්වෙන්නේ යයි කී ජනාධිපතිවරයා මාතෘභූමියේ සුරක්‍ෂිතබාවය වෙනුවෙන් රජය නිතරම කැපවී සිටින බවද සිහිපත් කලේය.

0 views

9 Comments to “GSP+ ලබා දී ඇත්තේ රට ෆෙඩරල් කරන්න පොරොන්දු වීමෙන් බව ජනපති පත්තරෙන් දැකලා..”

  1. පම්පෝරිපාල පඹසේන says:

    අනාගතේදී දවසක.. රට ෆෙඩරල් කරල කියලා මම පත්තරෙන් දැක්කා..

  2. PISSU PUSHA says:

    These roughs are now doing all dogs work to servive, let we get ti gether and make justice for them as nature also giving its due with droughts

  3. Champa says:

    Alright Mr. President, why don’t you tell the Prime Minister to reveal those 50 or so conditions he agreed to regain GSP +? Who knows, may be you are also not aware?

    I think that is the best way to clear misconceptions, if any.

  4. love nature says:

    13වැනි සංශෝධනය නමැති ඉන්දියන් දඩෝරියා අපේ අත පය නහර ගලවද්දී දේසපාලක සුනඛයෝ ඌව හුරතල් කරමින් කටු ලෙවකති. එදා ජේ ආර් මුදියන්සේ රජීව් ගේ තර්ජන නිසා බලෙන් ව්‍යවස්තාවට දැමූ මේ පළාත් සභා අසික්කිත සංසෝධනය ඉවත් කිරීමට තරම් නායකයෙක් තවමත් පහල වී නැත.
    මුන්ට චන්දය දීමෙන් වලකින්න

  5. love nature says:

    රටකට ආණ්‌ඩුවක්‌ අවශ්‍ය වන්නේ නීතිය, සාමය, ආර්ථිකය හා ආරක්‍ෂාව ඒ රටේ මහජනතාවගේ අවශ්‍යතාවයන් මත ඔවුන්ගේ සුබ සාධනය සඳහාය. ඒ වෙනුවෙන් වෙනත් කිසියම් රටකින් ආදර්ශ උපදෙස්‌ ලබා ගැනීම හෝ නොගැනීම ඒ රටේ පවතින ආණ්‌ඩුව සතුය. ඒ හේතුව නිසා කිසියම් රටක්‌ විසින් වෙනත් රටකට නියෝග පැනවීම රටක ස්‌වෛරීභාවයට තර්ජනයකි. එම නිසා 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය අනුව කටයුතු කළ යුතුය. උතුරු නැගෙනහිරින් හමුදාව ඉවත් කළ යුතුය කියා නියෝග දීමට ඉන්දියාවට හෝ බටහිර බලවතුන්ට හා ඔවුන්ට ගැතිකම් කරන ඊනියා එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට හෝ වෙනත් කිසිම රටකට අයිතියක්‌ නැත. එල්.ටී.ටී.ඊ. ය විසින් ලාංකික සිවිල් ජනතාව දහස්‌ ගණන් අමු අමුවේ ඝාතනය කළ අවස්‌ථාවන්හිදී ඔය කියන ලද කිසිම රටක්‌ හෝ නමින් එක්‌සත් ජාතීන්ගේ සංවිධාන්‍ය හෝ ශ්‍රී ලංකාවේ ජනතාව ගැන සිතා බැලුවේ නැත. ඔවුන්ට අවශ්‍ය වූයේ එල්.ටී.ටී.ඊ. ය වෙනුවෙන් රට දෙකඩ කිරීමටය. ශ්‍රී ලංකාව ස්‌වාධීන රාජ්‍යයකි. එහි වාසය කරන සිංහල, දෙමළ, මුස්‌ලිම් යන සියලු දෙනා ශ්‍රී ලාංකිකයෝය. ඒ අනුව ඔවුන් රැකබලා ගැනීමේ වගකීම භාරව ඇත්තේ ශ්‍රී ලංකා රජයටය. ඒ සඳහා ගත යුතු පියවරයන් මොනවාද? යුද කඳවරු පිහිටවිය යුත්තේ කොතැනද? කොයි ආකාරයෙන් ද යන්න ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශයේ වගකීමකි. ඒ වෙනුවෙන් වෙනත් රටක්‌ කරදර විය යුතු නැත. රටට අවශ්‍ය වන්නේ එක්‌ නීතියක්‌ මෙන්ම එක්‌ ජාතියකි.

  6. lion says:

    රටේ ඒකීය භාවයට විනයක්‌ වූ 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය වහාම ඉවත් කිරීමට පියවර ගත යුතුය.

  7. sinha le says:

    රට බෙදීමට අන්තර්ජාතික ප්‍රජාව උත්සහ කරන්නේ ඇයි . ඇමරිකානු කඳවුරක්‌ ලංකාවේ ඇතිකරන්නයි ඇමරිකාවට වුවමනාව. 2018 චීනය ලෝකේ බලවතා වෙනවා. ඇමරිකාව මේ භීතියෙන් පෙළෙනවා. ඒකට ලංකාව වටිනවා. ඇමරිකාව මේක කරන්න හදන්නෙ ආක්‍රමණය කරල නොවේ. වෙනත් උපක්‍රම වලින්.

  8. love nature says:

    රජීව් ගාන්ධි අග්‍රාමාත්‍යවරයා හා ජයවර්ධන ජනාධිපතිතුමා විසින් අත්සන් කරන්නට යෙදුන ඉන්දු ලංකා ගිවිසුම ඇති වූ ආකාරය කිසිසේත්ම ශ්‍රී ලාංකිකයනට අමතක නොව ඓතිහාසික සිදුවීමකි.

    ඉතා විශාල රටක්‌ වූ ඉන්දියාව විවිධ භාෂා කතා කරන, විවිධ ආගම් අදහන ජන කොටස්‌වලින් සමන්විත වන අතර, එහි පවත්වාගෙන යනු ලබන එක්‌තරා මට්‌ටමකට සාර්ථක ප්‍රාන්ත ආණ්‌ඩු ක්‍රමය ලංකාව වැනි කුඩා රටක පළාත් සභා 9 ක්‌ ඇති කරලීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකි ද යන්න වෙනුවට ඉන්දියාවට අවශ්‍ය වූයේ තම මතවාදය ජයග්‍රහණය කර තම දේශපාලන අරමුණ ඉටුකර ගැනීම බව පැහැදිලිය.

  9. sinha le says:

    ජාතියෙන් ඉල්ලීමක්

    http://music.odiamuzic.net/id/mKHms42EIfw

Main News