GSP+ ලැබුනේ 2005 දි වසර 6කට පමණයි.. රටේ ස්වෛරීභාවය පවා දෙන්න බෑ.. ‘Carrot and Stick’ යුරෝපා හවුලට- ආචාර්ය සමන් කෑලේගම
January 13, 2017 at 12:40 pm | lanka C news
ශ්‍රීලංකාවට යූරෝපා හවුල විසින් ජී එස් පී + (GSP+) සහනය 2005 වසරේ දි ශ්‍රීලංකාව ලබාදීමට කටයුතු කලේ 2004 වසරේ ශ්‍රීලංකාව මුහුණ දුන් විශාලතම ස්වභාවික ඛේදවාචක වූ සුනාමි වූ හානියෙන් ගොඩ ඒමටයි. ඊට පෙර එක්සත් ජාතික පක්ෂය රජයන් යටතේ හෝ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත් වීමක් හෝ හේතුවෙන් ලබා ගත් සහනයක් නොවන බව ඇඟලුම් කර්මාන්තයේ නියලි සිටින කර්මාන්ත කරුවන් පවසයි.
මහින්ද යුගයේදි මෙම බදු සහනය තවත් වසර 6 කට දික්කිරිමට එවකට ආණ්ඩුව ඉල්ලා සිටියත් 2008 වසරේ ලංකාවේ තිබු දරුණුතම දෙමළ කොටි ත්රස්තවාදීන්ගෙන් රට මුදාගැනිම නිසා දෙමළ ඩයස්පෝරාව මෙන්ම එවකට විරුද්ධ පක්ෂය ගෙන ගිය ආණ්ඩු විරෝධී ප්‍රචාර හමුවේ යූරෝපා හවුල රටවල් විසින් නොයෙකුත් කොන්දේසි ශ්‍රීලංකාවට ඉදිරිපත් කරමින් එයට අනුගත වන්නේ නම් පමණක් මෙම බදු සහනය තවත් වසර 6 කට දික් කිරීමට සලකා බලන බව ප්‍රකාශ කරන ලදි.
මෙම එම කටයුතු සම්බන්ධයෙන් ශ්‍රීලංකා රජයේ පාර්ශ්වයන් ආචාර්ය සමන් කෑලේගම මහතා එදා එයට සහභාගි වූහ. ඔහු විසින් යූරෝපා හවුලේ රටවල් වලින් ලබාදෙන මෙම බදු සහනය සම්බන්ධයෙන් එදා පැවසුවේ යුරෝපය ජී එස් පී + ( GSP+) සහනය රටවල් වලට ලබා දීමේදි එක පැත්තකින් වාසියක් ලබාදෙමින් අනික් පැත්තෙන් එම රටට විශාල දඩුවමක් “Carrot and Stick” දෙන බවයි. එමෙන්ම මෙම ( GSP+) සහනය යුරෝපා ආර්ථික කොමිසම මගින් තමන්ට එකඟ නොවන රටවල් අවනත කරවා ගැනිමට අවශ්‍ය භායානක ආයුධයක් වැඩිදුරටත් එම පුවත් පත් EU Trade Policy being used as a Punitive Weapon ලෙසත් පාවිච්චි කරන බවයි. මේ සම්බන්ධයෙන ආචාර්ය සමන් කෑලේගම මහතා The Island පුවත්පතට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවේදි පැවසී ය. Link
ආචාර්ය සමන් කෑලේගම මහතා සම්මුති ආණ්ඩුවේ ඉන්දීය ශ්‍රීලංකා ඉක්ටා ECTA ගිවිසුම ප්‍රවර්ධනය කිරීමේ මූලික පුද්ගලයෙකි. ඔහු විසින් ශ්‍රීලංකාව වෙනුවෙන් ඉන්දීය වානිජ අමාත්‍යවරිය වන නිමලන් සීතාරාම් සමඟ ඉක්ටා ECTA ගිවිසුම සම්බන්ධව සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇත.
පාට ප්ක්ශ භේදයකින් තොරව හොද දේට හොදයි කියයුතුයි. දියුණු විය යුත්තේ රටයි…
Great interview Dr Saman Kelegama. It shows your patriotism. Well Done
ඔබ වැනි උගතුන් අපේ මව්බිමට අත්‍යවශ්‍ය යි .
Well, Said. Great.Dr. Saman K.
It was said when he was belonged the Mahinda’s government. Under the yahapalanaya his voice is different.
Reference to recent parliment debate, it was evident that Ranin and the clan is behind.. requesting EU to impose
GSP.
I request all viewers to watch the debate in the parliment and judge what a traitor Ranil is.