GSP+ සහනය ලැබීමේ ගෞරවය යහපාලන ආණ්ඩුවටයි.. මටයි…
January 21, 2020 at 5:30 pm | lanka C news
ශ්රී ලංකාවට 2023 දක්වද්දී GSP+ සහනය ලබා දීමේ ගෞරවය ලැබිය යුත්තේ පසුගිය රජයට බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.
යුරෝපා සංගමය විසින් මෙම බදු සහනය 2023 දක්වා ලබාදුන්නේ පැවති එක්සත් ජාතික පෙරමුණ රජය සමග සමයේ ඇති කරගත් ගිවිසුමකට අනුව බවද ඔහු සඳහන් කළේය.
වත්මන් ආණ්ඩුව පවසන පරිදි එම සහනය එක්වර ලබාදීමක් සිදුව නොමැති බවද පවසන ඔහු ගිය රජය සමඟ ඇතිකරගත් එකඟතාවන් මත එම බදු සහනය දීර්ඝ කර ඇති බව ද සඳහන් කරයි.
මෙම බදු සහන ලබා ගැනීම සඳහා තමන් ඇතුළු පිරිසක් බොහෝ කැපකිරීම් කළ බවත් ඔහු කියා සිටී.