GSP+ සහනය ලැබීම නිසා දේශීය මාළු මිල වැඩි වීමේ අවදානමක්..- අමරවීර

May 20, 2017 at 8:02 am | lanka C news
GSP+ සහනය ලැබීම නිසා දේශීය මාළු මිල වැඩි වීමේ අවදානමක්..- අමරවීර

යුරෝපා සංගමයෙන් ලැබුනු GSP+ බදු සහනය නිසා මෙරට වෙලදපලේ මාළු මිල ඉහළ යෑමේ අවදානමක් ඇතැයි ධීවර ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

ඊට පිලියමක් ලෙස ආනයනික මාළු සදහා වූ බද්ද අඩු කිරීමට බලාපොරොත්තු වන්නේ යයිද ඔහු පැවසීය.

GSP+ බදු සහනය ජාතික ආණ්ඩුව යටතේ රටක් ලෙස ලැබූ ජයග‍්‍රහණයක් යයිද කී ඔහු මෙම ආණ්ඩුව බිහි නොවන්නට තේ පිටරටට යැවීම පවා නැවතීමට ඉඩ තිබුණ බවද කීවේය.

36 views