HND විරෝදතාවයට පොලිසියෙන් කඳුලු ගෑස් සහ ජල ප්රහාරයක්
February 26, 2019 at 5:30 pm | lanka C news
උසස් තාක්ෂණ ජාතික ඩිප්ලෝමා සිසුන් විසින් පවත්වන ලද විරෝධතාවයට පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්රහාරයක් එල්ලකර තිබේ.
විරෝධතාකරුවන් හා ජනාධිපති ලේකම් කාර්යාලයේ බලධාරීන් අතර පැවති සාකච්ඡාවකින් පසු සිසු පිරිසේ කළහාකාරි හැසිරීම හේතුවෙන් මෙම ප්රහාරය එල්ල කල බව පොලීසිය පවසයි.
පොලීසියට විරෝධතාකරුවන් විසින් එල්ල කල ගල් ප්රහාර නිසා නිලධාරීන් සිව්දෙනෙකු තුවාල ලබා ඇතැයිද පොලීසිය කියයි.