ICCයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අපරාධ චෝදනා…

September 8, 2019 at 1:20 pm | lanka C news
ICCයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අපරාධ චෝදනා…

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල‍ය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අපරාධ චෝදනා එල්ල කිරීම ඉතාම බරපතල තත්ත්වයක් බව 96 ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමේ නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඒ, එම පුවත සම්බන්ධයෙන් වූ අදහස් මාධ්‍යවේදීන් විසින් අර්ජුන රණතුංග අමාත්‍යවරයාගෙන් විමසූ අවස්ථාවේදී වෙයි.

ගම්පහ දිස්ත්‍රික් කාන්තා හමුව අවසානයේදී එම අදහස් විමසීම සිදු කෙරිණ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් “අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ක්‍රිමිනල් චෝදනා, නැතිනම් අපරාධ චෝදනා නඟා ඇති බවට මටත් දැන ගන්න ලැබුණා. එය ඉතාම බරපතල තත්ත්වයක්. මේ චෝදනා පත්‍රය දැනටමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ ක්‍රීඩා අමාත්‍යවරයාට යොමු කළ බව දැන ගන්නට තිබෙනවා. මම කියන්නේ ඒ ගැන විධිමත් පරීක්ෂණයක් සිදු කරන්න. දැඩි අවධානයක් යොමු කරන්න. එහෙම නොවුණොත් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තහනමට පවා ලක් වෙන්න පුළුවන්…”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේය.

“අද ක්‍රීඩා අමාත්‍යවරයා ‍බුකීකරුවන්ට ක්‍රිකට් පරිපාලනයට ඒමට නොහැකි ලෙසට ක්‍රීඩා රෙගුලාසි පනවා තිබෙනවා. නමුත් හිටපු ඇමැතිවරු එවැන්නකට අවධානය යොමු කළේ නැහැ. මම කියන්නේ එම ක්‍රියා දාමය තවදුරටත් ඉදිරියට ගෙනියන්න ඕන. බුකී සහ සූදු ව්‍යාපාරයට සම්බන්ධ අය ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් කරනවා වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වූ අපරාධ චෝදනා සම්බන්ධයෙන් වගකිව යුත්තන් හදුනා ගෙන සියලු දෙනාටම දඩුවම් දෙන්නත් ඕන. ඒ සඳහා නීතිපතිතුමාගේ උපදෙස් ගැනීම වැදගත් බවද මම විශ්වාස කරනවා…”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේ “ජනාධිපතිතුමා ක්‍රිකට් සභාපතිතුමා වේදිකාවේ තියාගෙන කිව්වා ක්‍රිකට් ආයතනය දූෂිතයි කියලා. එතකොට ජනාධිපතිතුමා ළගමයි ක්‍රිකට් සභාපතිතුමා ඉන්නේ එකම වේදිකාවේ. ජනාධිපතිතුමා හොරු අල්ල ගන්න උත්සාහ කරනවා. ඒත් තමන් ළඟ ඉන්න හොරා අල්ල ගන්නේ නෑ නේද ?…” යනුවෙනි.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙසේ කියා සිටියේය.

“2015දි අපි ආණ්ඩුවක් පත්කරන කොට මේ රටේ මිනිස්සු කිසිම දෙයක් ඉල්ලුවේ නැහැ. කිව්වේ යහපාලනය ඇති කරන්න කියලා විතරයි. ජිවත් විමේ අයිතිවාසිකම දෙන්න කියලා විතරයි. හොරු ටික අල්ලලා දෙන්න කියලා විතරයි. නමුත් අපිට හොරු අල්ලන්න බැරි වුණා. ඒ නිසා ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ලොකු වගකීමක් තියෙනවා ක්‍රිකට් හොරුත් අල්ල ගන්න. විශේෂයෙන් ලෝකේ යම් තැනකට අපේ රට ගියේ ක්‍රිකට් ක්‍රීඩාව නිසා. ඒ නිසා මේ ක්‍රිකට් ක්‍රිඩාව විනාශ කරන පුද්ගලයෝ ජනාධිපතිවරයාට වැහිලා හොරකම් කරගෙන දූෂණ වැඩ කරගෙන ඉන්නවා නම් ජනාධිපතිතුමාත් මේ විනාශයට වගකීමක් ගන්න ඕන….”

– තමීර මංජු

23,309 Viewers

2 Comments to “ICCයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අපරාධ චෝදනා…”

  1. ක්‍රිමිනල් says:

    ඇත්තටම ක්‍රිමිනල් නෙමෙ , පට්ට ගහන්න ඔනේ තිලංග සුමතිපාල වැනි අමු සුදු කාරයො ක්‍රිකට් පරිපාලනයේ ඉහල පුටු වල වාඩී කරපු උන්ව. ක්‍රිකට් කාබාසීනයා කරලා , ක්‍රිකට් විස්තර විචාරකයො (බන්දුල සමන් වතුරේගම වැනි මිහරක් ) අල්ලගෙන ක්‍රිඩාව අතරතුර තමන්ගේ රෙදි හෝදවාගෙන , සුදනා වෙන්න යන තිලංගලව දාන්න ඔනේ මෝර කටකට.

  2. Love nature says:

    නමින් කපුරුහාමි වුණත් කට ගඳයි’ කියලයි ඒ කාලේ කිව්වේ.

Main News