ICC විසින් චන්දිමාල් වරදකරු කෙරේ.. තරඟ තහනමක් පනවයි.. තරග ගාස්තුවෙන් සියළු මුලද දඩ ගසයි..
June 20, 2018 at 3:23 am | lanka C news
බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායමට එරෙහිව පැවති දෙවෙනි ටෙස්ට් තරගයේදී පන්දුව පලුදු කිරීමේ චෝදනාවට වැරදිකරු බව තීරණය කෙරුණු ශ්රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට ජගත් ක්රිකට් පාලක මණ්ඩලය විසින් තරග තහනමක් පණවනු ලැබ තිබේ.
ඒ අනුව කොදෙවු පිල සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගයේදී ශ්රී ලංකා කණ්ඩායමට නායකත්වය දීම ඔහුට තහනම් කර තිබේ.
එයට අමතරව ටෙස්ට් තරගය සඳහා ඔහුට ගෙවන ලද සම්පූර්ණ මුදල දඩ වශයෙන් අයකර ගැනීමටත්, දඬුවම් ලකුණු දෙකක් ලබාදීමටත් තරග තීරක ජවගාල් ශ්රීනාත් තීරණය කොට තිබේ.
තරග තීරකවරයාගේ තීන්දුව සම්පූර්ණයෙන්ම අනුමත කරන බව ජගත් පාලක මණ්ඩලයේ ප්රධාන විධායක ඩේවිඩ් රිචඩ්සන් පැවසීය.
පන්දුව පලුදු කිරීමේ චෝදනාව ශ්රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ප්රතික්ෂේප කරන අතර, තීන්දුවට එරෙහිව පැය 48ක් ඇතුළත අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඔහුට හැකියාව තිබේ.
– BBC
ශාස්තර නෝනා ඕක පුතාට කිව්ව නේ?
aulak ne … nona th awillane inne. podi raumak gahala waren
🙂
මේවා බටහිර කුමන්ත්රණ. සියලු සිංහලයන් චන්දිමාල් වෙනුවෙන් පෙනී සිටිය යුතුය. සැවොම බලාගෙන ඉන්නේ සිංහලයන්ට පහර ගහන්න මොකද හිටන් සහ පොනිලට ඕනේ කරන්නෙත් ඒකමනේ. මේ රූකඩ ආණ්ඩුව පැන්නීම සදහා සියලු සිංහලයන් එක්විය යුතුය.
Gammanpila neda oya?
Chandimalta wiruddawa pita rata suddoi merata kalu suddoyi degollama kumnthranaya karanawa.