ICU ඇඳන් නිෂ්පාදනය දේශීය වශයෙන් ඇරඹෙයි…

March 28, 2020 at 4:40 pm | lanka C news
ICU ඇඳන් නිෂ්පාදනය දේශීය වශයෙන් ඇරඹෙයි…

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තියත් සමග මෙරට සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය වී ඇති දැඩි සත්කාර ඒකක ඇඳන් නිෂ්පාදනය සඳහා නව ඉංජිනේරුමය තාක්ෂණ උපකරණ නිපදවීමේ ප්‍රමුඛතම සමාගමක් වන මීගමුව රෙක්ස් මැෂිනරීස් පුද්ගලික ආයතනය ඉදිරිපත්ව සිටියි.

මෙම කටයුත්ත කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ඉල්ලීම හා උපදෙස් මත අරඹා ඇති අතර මූලික අධීක්ෂණ කටයුතු රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය සිසිර සිරිබද්ධන මහතා සිදු කරනු ලබයි.

කොරෝනා වෛරස ව්‍යාතියට සාර්ථකව මුහුණ දීම සඳහා මෙරට සෞඛ්‍ය පද්ධතිය සතුව තිබෙන දැඩි සත්කාර ඒකක ඇඳන් ප්‍රමාණය වැඩි කර ගැනීමේ අභියෝගයට සාර්ථකව මුහුණ දීම සඳහා මෙම පියවර ගත් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

මෙම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා මීගමුව දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂතුමා ඇතුළු ජීව වෛද්‍ය ඉංජිනේරු කාර්යමණ්ඩලයේ සහයෝගය ද ලැබී ඇති බවත් ඔවුන්ගේ අධීක්ෂණය සහිතව රෙක්ස් මැෂිනරීස් පුද්ගලික ආයතනයේ යාන්ත්‍රික ඉංජිනේරුවන් කෙටි කලක් තුළ ඉලක්කය සපුරාලීමට කටයුතු කරනු ඇති බවත් අමාත්‍ය උපදේශක සුදේශ් නන්දසිරි මහතා සඳහන් කරයි.

අනුරුද්ද බණ්ඩාර රනවාරණ
මාධ්‍ය ලේකම්
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යංශය

303 views

36 Comments to “ICU ඇඳන් නිෂ්පාදනය දේශීය වශයෙන් ඇරඹෙයි…”

  1. අල්ලපු ගෙදර තිනන් says:

    මව්බිමේ පංචායුධය, විමල් වීරවංශ මැතිඳුන් වැනි නායකයින් තව තවත් මෙරට බිහි වේවා!

  2. david milibanda says:

    We have so much abilities. It only surface at a time of crisis only.
    A job well done……… Please continue to innovate.
    We can…. We R capable……
    Gota always believe in that. V Can.

  3. Kk says:

    I am a CAD engineer .if they need engineering 3D and drawings I can support it.
    ..

  4. Christopher says:

    A really very commendable initiative.
    Good Luck!

  5. MD says:

    RAJITHAYATA OWA TENDER GANNA BARIWECHCHA EKATA DUKE BARUWA WEWLANAWA ATI.RAJITHATA NIWAN SUWA PATAMI

  6. sena says:

    ශ්‍රි ලංකාව කොරෝනා වයිරසයත් අශිර්වාදයක් කරගත් හැටි

  7. neil says:

    EXCELLENT. Thanks for the political and business leadership on this regards

Main News