ICU උපාංග ලංකාවේ හදයි.. Made in Sri Lanka නමින් වෙලදපලට..

September 8, 2020 at 12:00 pm | lanka C news
ICU උපාංග ලංකාවේ හදයි.. Made in Sri Lanka නමින් වෙලදපලට..

රෙජිෆෝම් ඇසුරුම් වෙනුවට පළතුරු, එළවළු, වීදුරු භාණ්ඩ ඇසිරීමට පරිසර හිතකාමී – ප්‍රත්‍යස්ථතාවෙන් යුත් කඩදාසි ඇසුරුමක් නිර්මාණය කළ නව නිපැයුම්කරු, Eco – Biz Packaging (Pvt) Ltd. සභාපති උදය ගුණරත්න මහතාට සිය නව නිපැයුම වෙළඳපොළට හඳුන්වාදීමට අවශ්‍ය සියලු පියවර සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන්ට සහ ඊට අයත් ජාතික කඩදාසි සමාගම, කාර්මික සංවර්ධන මණ්ඩලයට උපදෙස් දෙනු ලැබීය.

කර්මාන්ත අමාත්‍යාංශයේ පැවැති කර්මාන්තකරුවන්ගේ දිනයේ දී උදය ගුණරත්න මහතා තමන් හමු වී සිය නව නිපැයුම ප්‍රචලිත කිරීමට අවශ්‍ය සහයෝගය ඉල්ලා සිටි අවස්ථාවේ දී ඒ මහතා මෙසේ උපදෙස් දෙනු ලැබීය.

එසේම මොරටුව D Creation ආයතනයේ හිමිකරු පසිඳු විදුෂාන් පෙරේරා මහතා ද තම ආයතනය විසින් නිෂ්පාදිත දැඩි සත්කාර ඒකක සඳහා භාවිත කරන මෙතෙක් පිටරටින් ආනයනය කළ Computer in Wheels නැමැති උපාංගය කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කිරීම ද කර්මාන්ත දිනයේ දී සිදු විය.

ආනයනික මිලට වඩා ඉතා අඩු මුදලකට ‘Made in Sri Lanka’ වගකීම යටතේ දැනටමත් වෙළඳපොළට හඳුන්වා දී ඇති මෙම උපාංගය අලෙවි කර ගැනීම සඳහා රාජ්‍ය අංශයේ මැදිහත් වීම ඉල්ලා සිටි නව නිපැයුම්කරු පසිඳු ලක්ෂාන් මහතාට විමල් වීරවංශ මහතා පවසා සිටියේ ඒ සඳහා රජයේ සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර කඩිනමින් විසඳුමක් ලබා දෙන බවය.

අද දිනයේ තමන්ගෙන් සිය කර්මාන්ත සඳහා අවශ්‍ය සහයෝගය ලබාගැනීමට හා සිය ගැටලු ඉදිරිපත් කිරීමට පැමිණ සිටි සියලු කර්මාන්තකරුවන් කැඳවා ඔවුනට කඩිනමින් සහන සැලසීමට අමාත්‍යවරයා පියවර ගනු ලැබීය.

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

60,483 views

14 Comments to “ICU උපාංග ලංකාවේ හදයි.. Made in Sri Lanka නමින් වෙලදපලට..”

  1. kkuruwita says:

    රටට ජයවේවා ! ඔබ තුමාටත් නිපැයුම්කරුවන්ටත් ජයවේවා !!

  2. Ravana parapura says:

    රාවණ යුගයක් නැවත ජය ශ්‍රී

  3. Mahinda says:

    Proud of you. Also consider manufacturing of concrete poles , using reengineered polything/plastic etc as those are light weight and high quality

  4. වන්නියා says:

    කකුලෙන් අදින එවුන් කෝ ! මක්කොරනවද , බුදිද මංදා .

  5. Bad says:

    ජනාදිපති තුමෙනි මේ රටේ විරුද්ද පක්සෙයක් නැති වෙන තුරුම රට දියුණු කර, බොරුවෝ තුරන් කල මැනව.

  6. Sam Fernando says:

    Very good work Mr. Weerawansha. Your effort is highly appreciated. Others should follow you.

  7. අපේ රට says:

    කකුලෙන් අදින උන් බොහොමයි. නැති ඇද, නැති ප්‍රමිති කතාකරයි, මිනිස් පරිභෝජනයට සුදුසු තත්ව සහතිකයක් නිකුත් කලහැකිනම් වහා ඒ සදහා මන්පෙත් විවර කරන්න. නැත්නම් “මයික්‍රො” වාහනය මෙරට විකිනිමට පනත් ගේන්න උනා වගේ වැඩ සිද්දකරයි මුදලට ගිජුවෙලා.

  8. Kevin says:

    Eka nan hodai..

Main News