තිස්ස ජනනායකටත් ICU හොයාගන්න බැරිවෙයි.. සියළු උත්සාහයන් අසාර්ථකයි..

August 1, 2021 at 10:02 pm | lanka C news
තිස්ස ජනනායකටත් ICU හොයාගන්න බැරිවෙයි.. සියළු උත්සාහයන් අසාර්ථකයි..

තම හිතවත් සහෘදයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්ව ඇතැයි ප‍්‍රවීණ උපකාරක පංති දේශක තිස්ස ජනනායක මහතා පවසයි.

ඔහු වෙනුවෙන් දැඩි සත්කාර ඒකක ඇදක් සොයා ගැනීමට දැරූ සියළු උත්සාහයන් අසාර්ථක වූ බවත් ඔහු කියා සිටී.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව පවසා ඇත.

එම සම්පූර්ණ සටහන මෙසේය.

*****

මංජුල විජේසූරිය සමුගනියි.

ඊයේ රාත්‍රියේ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් වතුපිටිවල රෝහලට ඇතුළත් කල අපගේ සහෘදයා මංජුල විජේසූරිය Rapid Antigen පරීක්ෂාව positive වීම නිසා සාමාන්‍ය ICU එකකට ඇතුලත් කල නොහැකි විය. අද උදෑසන සිට රජයේ මෙන්ම පෞද්ගලික රෝහල්වල covid ICU එකක් සොයා ගැනීමට කොතෙක් උත්සාහ දැරුවත් එම සියලුම උත්සාහයන් අසාර්ථක විය.

අවසානයේ ඔහු අපෙන් සමුගෙන ගොසිනි . ආදරණීය මානවහිතවාදී සහෘදය, ඔබට නිවන් සුව පතමු !

සියලු දෙනා හැකිතාක් ප්‍රවේශම් වන්න.

231,207 views

21 Comments to “තිස්ස ජනනායකටත් ICU හොයාගන්න බැරිවෙයි.. සියළු උත්සාහයන් අසාර්ථකයි..”

  1. Gob says:

    How ironic, people are not dying of COVID but the paranoia caused by it.

    • No brainer says:

      That’s how most die of COVID. Pneumonia and heart failure at the end. Be safe and stay safe even if you got the vaccines.

  2. මෝඩ බයියා says:

    සික් තාප්ප වල තීන්ත ගෑව වගේ ඇදන් හදන වැඩෙත් නැගල යන්න තිබ්බ චන්දයක් තිබ්බ නම් එහෙම උනා නම් ප්‍රතිකාර කෙසේ වෙතත් ඇදක් හරි තියෙන්න තිබ්බ.අපේ ඇමති සරුත් පිටරටින් ගෙන්නන ගාන වගේ දෙගුනෙකට ලන්කාවෙ ඇදන් හදන්න ගියා කොහෙද බුකියෙ පඩත්තල කොල්ලො වැඩේ ලීක් කලා නෙ.

    • ARA says:

      සික්. තෝ වගේ හරකෙක් ICU ඇදක් කීවහම මේකා හිතගේනේ ඉන්නේ .කොට්ට ,,මෙට්ට ඇද කියලා . තොපි වගේ එඋන්ට තමඊ TOIYO කියන්නේ .

  3. sumith says:

    There are 25000 villages in Sri Lanka, at least 12500 will be needed to protect the nation in the future.

  4. Saji says:

    මෝඩ බයියා kiyala nama dagattata obata mole kalandakhari aeti ne. oba kiyana de pehedili nae. mokadda kiyanne?

  5. මහජනතාව says:

    ” නීතිය සැමට එකයි “… ටියුෂන් ගුරුවරයෙක් උනයි කියලා , යූටියුබ් චැනලයක් තිබ්බා කියලා I.C.U ඇඳන් දෙන්න ප්‍රමුඛතාවයක් නැහැ

    • dehiwala Kolla says:

      Well said ! ඔය ටියුශන් පොර​ හිතන් ඉන්නෙ අමුතු පුරවැසියකු කියා.

    • catseye says:

      මහජනයා මත්තයෝ……..ඊළඟට ඔබේ වාරය පැමිණේවා කියා පතමි ……….මිනිස් කමට වඩා වහල් කම ලොකු ඔබලා වැනි ය සමාජයටත් මහා පොළවටත් සාපයකි

  6. Jagath says:

    ඔබතුමා ට ඔහොම උනානම් සාමාන්‍යය ජනයා ගැන කවර කථා ද????

  7. Dr. MK says:

    ඇයි ටියුශන් කාරයන් කියන්නෙ අමුතු බලයක් ඇති අයද ? ඉස්කොලෙ යන වයසෙ දරුවන්ට පච උගන්වමින් ඒ දරුවන් අතර මහ දැනුමැත්තන් ලෙස පෙනී ඉන්න සමහර ටියුශන් කාරයන් අමු බොරු කාරයෝ.

  8. lankawa iwara wenna yanne rata kewa mun. sapawewa. wasara 30 desapalana kiyanne wasara 30 rata kewa kiyana ekane. cancer hedewa

  9. exUnper says:

    ලංකාවෙ ඉන්න ලිංමැඩි ජෙප්පො, ස්’ර් ගෙන් වීසි උන ටියුශන් හොරු, පුතනෝගේ බබ්බු ලෝකෙ මිනිසුන් ලක්‍ෂ ගණනින් මැරෙන හැටි දැක්කත් නොදැක්ක වගේ ඉන්න වැඩබැරි කුහක හැත්ත​.

  10. Susantha says:

    යාලුවා වෙනුවට මූ ගියානම් රටට ලොකු සේවයක් වෙනවා

Main News