තිස්ස ජනනායකටත් ICU හොයාගන්න බැරිවෙයි.. සියළු උත්සාහයන් අසාර්ථකයි..

August 1, 2021 at 10:02 pm | lanka C news
තිස්ස ජනනායකටත් ICU හොයාගන්න බැරිවෙයි.. සියළු උත්සාහයන් අසාර්ථකයි..

තම හිතවත් සහෘදයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්ව ඇතැයි ප‍්‍රවීණ උපකාරක පංති දේශක තිස්ස ජනනායක මහතා පවසයි.

ඔහු වෙනුවෙන් දැඩි සත්කාර ඒකක ඇදක් සොයා ගැනීමට දැරූ සියළු උත්සාහයන් අසාර්ථක වූ බවත් ඔහු කියා සිටී.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව පවසා ඇත.

එම සම්පූර්ණ සටහන මෙසේය.

*****

මංජුල විජේසූරිය සමුගනියි.

ඊයේ රාත්‍රියේ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් වතුපිටිවල රෝහලට ඇතුළත් කල අපගේ සහෘදයා මංජුල විජේසූරිය Rapid Antigen පරීක්ෂාව positive වීම නිසා සාමාන්‍ය ICU එකකට ඇතුලත් කල නොහැකි විය. අද උදෑසන සිට රජයේ මෙන්ම පෞද්ගලික රෝහල්වල covid ICU එකක් සොයා ගැනීමට කොතෙක් උත්සාහ දැරුවත් එම සියලුම උත්සාහයන් අසාර්ථක විය.

අවසානයේ ඔහු අපෙන් සමුගෙන ගොසිනි . ආදරණීය මානවහිතවාදී සහෘදය, ඔබට නිවන් සුව පතමු !

සියලු දෙනා හැකිතාක් ප්‍රවේශම් වන්න.

232,089 views

21 Comments to “තිස්ස ජනනායකටත් ICU හොයාගන්න බැරිවෙයි.. සියළු උත්සාහයන් අසාර්ථකයි..”

  1. Ajith Perea says:

    May you attain Nibbana dear Manjula. How can we believe we missed you

  2. චුන් පාන් says:

    මේ ජනනායකත් එක්කෙනෙක් නේද වඳ කොත්තු, වඳ බ්රෙසියර්, වඳ සාෆි ලා ගැන කෑ මොර දුන්න, දැන් කෝ?

  3. සකු says:

    ගුරුවරු සමගි න් ගමට ඩෙල්ටා

  4. Alapaluwa ( original ) says:

    තම තමන් වැපුරූ ධාන්‍යවල අස්වැන්න ලැබෙන්න පටන්ගෙන.

  5. Sandun Dhammika says:

    He a person who dreamed to be an engineer but due to parents force he used to be a biologist.
    Poor man.

    He is dreaming about writing firmware code for a ECU, so that’s why he always talking about ICU.
    One word change changes the whole destiny.
    Poor you sir.

  6. Kasun says:

    Gon jananayaje ge golayo