IDH උණ රෝහල ඩෙංගු රෝගීන්ගෙන් පිරී යයි.. එක ඇදක හතරක් පටවයි.. රෝගීන් බාර ගැනීම නවතා දමයි..

June 15, 2017 at 1:20 pm | lanka C news
IDH උණ රෝහල ඩෙංගු රෝගීන්ගෙන් පිරී යයි.. එක ඇදක හතරක් පටවයි.. රෝගීන් බාර ගැනීම නවතා දමයි..

ඩෙංගු උණ රෝගීන්ගෙන් පිරී යාම නිසා කිසිදු රෝගියෙකු අංගොඩ අයි.ඞී.එච්. උණ රෝහල විසින් බාර නොගැනීමට තීරණය කර ඇත.

ඊයේ පස්වරු හයේ සිට මෙම තීරණය ගෙන තිබූ පැමිණෙන රෝගීන් ආපසු හරවා යැවීමට කටයුතු කර තිබේ.

එම රෝහලේ ඇදන් 220ක් ඇති අතර රෝගීන් 600කට වැඩි ප‍්‍රමාණයක් සිටින බවටද රෝහල් ආරංචි මාර්ග කියයි.

ඇතැම් ඇදන්වල රෝගීන් හතර දෙනෙකු බැගින් සිටිති.

461 views
Main News