IDH එන අයගෙන් 85%කට කොරෝනා.. වෛරස ප‍්‍රමාණය අධිකයි.. ඩෙල්ටා යයි සැක..

August 3, 2021 at 3:50 pm | lanka C news
IDH එන අයගෙන් 85%කට කොරෝනා.. වෛරස ප‍්‍රමාණය අධිකයි.. ඩෙල්ටා යයි සැක..

මේ දිනවල ජාතික බෝවන රෝග විද්‍යායතනයේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන පුද්ගලයන්ගෙන් 85% ක් පමණ කොරෝනා ආසාදිත ලෙස හඳුනා ගන්නා බව එම රෝහලේ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි.

හඳුනාගන්නා ආසාදිතයන්ගේ පවතින වෛරස් ධාරිතාව ඉහළ බව ද ඔහු පෙන්වා දෙයි.

එම ආසාදිතයන් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ නිසා සිදුවන්නක් බව සැක කරන බවත් පවසන ඔහු කොළඹ හා ආසන්න ප්‍රදේශ වල ඩෙල්ටා ප්‍රභේදය පැතිරෙන බවද අනුමාන කළ හැකි යැයි සඳහන් කරයි.

මෙම තත්ත්වය මත රට ඉදිරියේ දී දැඩි අවදානම් තත්ත්වයකට මුහුණ දීමට සිදු වනු ඇතැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.

වාර්තා වන රෝගීන්ගේ ස්වභාවය දෙස බැලීමේදී තුන්වෙනි රැුල්ලට වඩා දරුණු තත්වයක් ඉදිරියේදී මතු විය හැකි බවත් තව දුරටත් පැවසීය.

30,481 views

9 Comments to “IDH එන අයගෙන් 85%කට කොරෝනා.. වෛරස ප‍්‍රමාණය අධිකයි.. ඩෙල්ටා යයි සැක..”

  1. sesta says:

    api tamai hodatama kale

    • හේනේ මාමා says:

      තව උද්ඝෝශන කරපල්ලා. ඕක 97%ක් කර ගන්න පුලුවන්.

    • Sajith says:

      ඔව් උඹල හොඳට කරනව මේ දවස් වල ගුරුවරු ගොනාට අන්දගෙන. ඔය 85%න් කීයක් ගුරුවරුද කියලා කියාපල්ලා.

  2. IDH enne Shopping walata newi ne.
    Corona walata thamai.

  3. කෝවිඩ් කඨින රැළි මාලාව says:

    කඨින පිංකම්, කඨින බෝධිපූජා පිංකම්, කඨින මහ පෙරහැරවල්, කඨින ධර්මදේශනා , කඨින ධාතු ප්‍රදර්ශන , කඨින පිරිත් , කඨින අටපිරිකර පූජා නිසා ඉදිරි කාලයේ සිංහල බෞද්ධයන් කොරෝනා වසංගතයට ගොදුරුවීමේ අවධානම ඉහලයි… වගකිවයුත්තන්ගේ දෑස් කලින්ම ඇරේවා..

  4. Jayanath says:

    දැනටම ගුරුවරු කී දෙනෙක් මැරිලද කියල හොයන්න කවුරුවත් නැදද?, අපේ පැතිවල උද්ඝෝශන කරපු අය දැන් ඒකේ ප්‍රතිඵල විඳිනවා.

  5. Bayiya says:

    Udgoshana karayo saha pelapali karayo korona wediweema gena sampurnayenma wagakeema baragathuthuya.

  6. LalithM says:

    ඇයි කියත් මගේ එකාල දන්නේ නැතිද රටේ ජනගහන පාලනය කොවිඩ් වලට භාරදීල කියල.

Main News