IDH කොරෝනා රෝගීන් වෙසක් දිනයේ සිල් ගනිති..

May 8, 2020 at 4:40 pm | lanka C news
IDH කොරෝනා රෝගීන් වෙසක් දිනයේ සිල් ගනිති..

ඊයේ දිනට යෙදී තිබූ වෙසක් පුන් පොහෝ දිනයේ දී කොළඹ ජාතික උණ රෝහලේ වෙසක් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබිණි.

කොරෝනා ආසාදිත පුද්ගලයන් එහිදී පංච සිල් සමාදන් වී දවස පුරාම ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආදියට සහභාගී වූහ.

රෝගීන් වෙනුවෙන් භාවනා වැඩසටහනක් ද ක්‍රියාත්මක කර තිබිණි.

භික්‍ෂුන් වහන්සේලා කිහිප නමක්ම මේ සදහා එක්වූහ.

ආසාදිතයන් 140ක පමණ පිරිසක් මෙම සිල් සමාදන් වීම සඳහා එක්ව සිටියහ.

ආසාදිතයන් තම තමන් ප්‍රතිකාර ලබන වාට්ටුවල සිට සිල් සමාදන් වී තිබිණි.

රෝහල් පරිශ්‍රය ඊයේ රාත්‍රියේදී වෙසක් සැරසිලි වලින් අලංකාර කර තිබිණි.

මෙරට කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කරන ප්‍රධානම රෝහල කොළඹ ජාතික උණ රෝහලයි.

255 views

9 Comments to “IDH කොරෝනා රෝගීන් වෙසක් දිනයේ සිල් ගනිති..”

  1. සමන් says:

    සාධු සාධු සාධු!

  2. Very good……………….

  3. lotus says:

    69 ලස්සේ උන් දැනගන්න ඕන එවුන් පත්කල ජනාධිපතිතුමාව මේ වෙලාවේ අසරණ නොකර ..
    ඉඩම්කඩම් ගේ දොර විකුණලා එතුමාගේ දෑත් ශක්තිමත් කරන්න ..

    • හැලීගේ ගංජා කේතුව says:

      ටහුකෙයි ගෙවල් දොරවල් ලියල දුන්නොත්. මේ මාසේ අය්යලගේ පඩිය ආණ්ඩුවට දෙන්න කියල මුට්ටියක් දාල බැලුවා. සල්ලි නැහැනේ අප්‍රේල් පඩි ගෙවන්න. මැයි වෙනකොට අතුරු සම්මත ගිණුම පාස් කර ගත්තේ නැත්නම් රට බිමටම හාන්සියි. එහෙන් පාර්ලිමේන්තුව කැඳවන්න බයයි යුන්පි ජේවීපී එකතු වෙලා කැරලි ගහයි කියල. දැන් ආණ්ඩුවට වෙලා තියෙන්නේ මග හිටියොත් තෝ නාසි ගෙදර ගියොත් අඹු නසී වගේ සීන් එකක්. අපි ඉතින් රෙදි නැතුව කඩේ ගියා කියලා මෙලෝ වැඩක් නැහැ

    • විලි ලැජ්ජාව says:

      😁 අනෙ ගොනෝ.. ඉඩකඩම් විතරක් නෙමෙයි බොලාට මොන මොනවා විකුණන්න වෙයිද දන්නෑ බොලාගෙ ලොක්කා බැංකු මංකොල්ල කෑව ප්‍රකෝටි ගණන් මුදල් පියවන්න.🤣

    • Hoo !!! says:

      To: හැලීගෙ ගංජා එක,
      උඹ නං කට ඇරපු ගමන් පේනවා ගංජා හුටෙක් බව. 🤣

  4. 😢😢😈😈 says:

    කොරෝනා රෝගීන් සිල් සමාදන් කරවූ එකම රට ශ්‍රී ලංකාව විය යුතුයි.එමෙන්ම පන්සලට යන්න බැරි වූ උවැසි උවැසියන් බොහෝ ගනනක් තම නිවසට වී සිල්සමාදන් ව පිලිවෙත් පිරූ බව මතක් කරමි.මේ ගැන සමීක්ශනයක් සිදු කිරීමට මතක් වූයේ කාටද?මොවුන් පෝය දාට පන්සලට යන්නේ දානය කා ගොර ඇදීමට යයි පවසන නිර් ආගමික කල්ලි වලට ටොක්කක් සහිත් උත්තරයක් ද දීමට තිබුනි.

    • හැලිගෙ Alapaluwa 🤓 says:

      කොරෝනා එන බව දැන දැනම ඒයාපෝට් ඇරලා නොමිනේෂන් දිිපු එකම රටත් මේක තමයි.
      විපක්ෂයේ නම ඇහෙනකොටත් ආණ්ඩුපක්ෂය ට සුළු දිය පහවෙන එකම රටත් මේක තමයි.

      • Hoo !!! says:

        හූඇංපී බත්බැලයිනි, බොලාට සුලු දියවිතරක් නෙමේ අනික් ඔක්කොම ජාති පහවෙන හැටි බලා ගත්තහැකි චන්දෙ තිබ්බම.😁😁😁

Main News