රෝහල් 06ක් සීමාව පනී.. සියළු ඇදන් කොරෝනා රෝගීන්ගෙන් පිරේ.. තවත් 170ක් පමණයි..

October 15, 2020 at 12:40 pm | lanka C news
රෝහල් 06ක් සීමාව පනී.. සියළු ඇදන් කොරෝනා රෝගීන්ගෙන් පිරේ.. තවත් 170ක් පමණයි..

කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිකාර කිරීමට වෙන්කර තිබූ IDH රෝහලේ සියලු ඇඳන් මේ වන විට පිරී ගොස් ඇත.

එම රෝහලේ ඇඳන් 200 ආසන්න ප්‍රමාණයක් කොරෝනා රෝගීන් වෙනුවෙන් වෙන්කර තිබූ අතර දැන් එම ප්‍රමාණය පිරී ගොස් තිබේ.

මේ අතර වැලිකන්ද රෝහල නැගෙනහිර කොළඹ රෝහල, කඹුරුගමුව රෝහල, තෙල්දෙණිය රෝහල, කාන්තන්කුඩි රෝහල ආසාදිතයන් සඳහා වෙන් කරන ලද ඇදන් සියල්ල පිරී ගොස් ඇත.

කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ‍ක‍්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරන්නේ මේ වන විට වෙන් කරන ලද ඇඳන් වලින් ඉතිරිව ඇත්තේ තවත් 168 ක් පමණක් බවයි.

මෙරට තුළ කොරෝනා ආසාදිතයන් සඳහා ඇඳන් 1712ක් වෙන් කර ඇති බවත් අද උදෑසන වන විට ඉන් 1544 එකක් පිරී ගොස් ඇති බවත් ඔවුන් සඳහන් කරයි.

36,407 views

12 Comments to “රෝහල් 06ක් සීමාව පනී.. සියළු ඇදන් කොරෝනා රෝගීන්ගෙන් පිරේ.. තවත් 170ක් පමණයි..”

  1. kamal says:

    කොරෝනා වලට බෙහෙත සුදුළුණු හා ගම්මිරිස් වලින් සදාගන්නා තැම්බුම් හොද්ද දවසට හය වරක් ආහාරයට ගන්නමිටි වෛද්‍යාචාර්ය කිරිබත්ගොඩ හිමි

    • Alapaluwa says:

      ඇත්තටම කෝ මේ නිශ්ශංක සේනාධිපති? අරක දෙන්නම් මේක දෙන්නම් අච්චර කළා මෙච්චර කළා කියා කියා කිවේ මම දැන් Floating hospitals කිහිපයක් පවත්වාගෙන යන්න කටයුතු කරමින් යන්නේ කියා ඉතින් දැන් නේද මේ අවශ්‍යය කම ලැබිය යුත්තේ.එමනිසා කට වචනයට පමණක් සිමා නෝකොට කරුණාකර එය ක්‍රියාවට නංවන්න එවිටයි අපිට කියන්න පුළුවන් වන්නේ නිශ්ශංක කියන්නේ නියම දේශමාමක පුත්‍රයෙක් කියා. 

      • Alapaluwage Dad says:

        Alapaluwa,

        Why you are depending on Nishshanka Senadhipathi ? He will do what he said. It’s up to him. Entire country know how he donated his money.

        Why can’t you donate for this ? Why can’t you make a hospital or helping to make hospital ?

        • Alapaluwa says:

          My Dad, I’m Sorry to say,Did i mention i will built the hospitals? If i made that statement diffidently I will, but I din’t made any such a false promised to media.

    • Hudson says:

      Sir mulu ratama anduwa. dan ekin eka andum galawenawa. sir kohoma hari 168n nawaththa ganiy.

  2. nim says:

    why we cant bring down to zero level by shutting the whole country for a 7-10days ? still this is manageable

  3. උඩවත්ත- ලන්ඩන් says:

    Don’t admit all positive cases to the hospital, Ask them to stay at home and stay safe, Admit to the hospitals only the patients who has severe breathing problems.

  4. Darshana abayakoon says:

    ඇදන් කන්නද අනේ. ඇපිට නෙලුන් කුලුනක් තියෙනවනේ අනේ. ගෙදර ඉන්න ලෙඩ්ඩුන්ට උපහාරයක් විදිහට ලයිට් පත්තු කරමු.

  5. රට වෙනුවෙන් says:

    සීත නෝනට කුඩයක් අරං නොදුන්න එකේ සාපෙ තමා මේ කොරෝන 2.

  6. සැමන් ඇමති says:

    ඔය ඇඳන් ගණන් වලින් වැඩක් නෑ.
    අන්න සැමන් අඩුකරලා. තොග ඉවර වෙන්න ඉස්සර ගන්නවල.

  7. Gunaruwan says:

    Awlak na. me para api DREAM concept ekata yanne. Lede hadunath baya wenna epa, concept thiyenawane.

Main News