IDH වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම කොරෝනා කමිටුවෙන් ඉල්ලා අස්වේ… විනාශයට වගකියන්න බෑ කියයි..

September 6, 2021 at 10:22 pm | lanka C news
IDH වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම කොරෝනා කමිටුවෙන් ඉල්ලා අස්වේ… විනාශයට වගකියන්න බෑ කියයි..

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කොරෝනා මර්ධනය පිළිබඳ සායනික කමිටු සාමාජිකත්වයෙන් ඉවත් වී තිබේ.

මේ බව දන්වමින් ඔහු විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට විද්‍යුත් ලිපියක් යොමු කර ඇති බවද සඳහන්ය.

ඔහු එම ධුරයෙන් ඉවත් වී ඇත්තේ එම කමිටු විසින් ගනු ලබන ඇතැම් තීරණ වලට තමන්ට එකඟ විය නොහැකි බව සඳහන් කරමිනි.

විජයවික්‍රම මහතා ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයා ලෙස සේවය කරයි.

රට වසා දැමීම සහ එන්නත් කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් තාක්ෂණික කමිටුව දුන් උපදෙස් අනුව සිදු නොවන බවත් වෙනත් අවශ්‍යතා මත තීරණ වෙනස්ව ඇති බවත් පවසමින් ඒ හේතුවෙන් අනාගතයේ සිදුවන ව්‍යසනයන්ට තමන්ට වගකිව නොහැකි බව ද ඔහු දන්වා තිබේ.

65,529 views

28 Comments to “IDH වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම කොරෝනා කමිටුවෙන් ඉල්ලා අස්වේ… විනාශයට වගකියන්න බෑ කියයි..”

  1. කුඹුක්කණ් says:

    කරාපිටියෙ දොස්තර මහතාගේ ඖෂධය බොරුවක් කියමින් නටපු එකා නේද? එම ඖෂධයෙන් 30000 ක් විතර සුව වෙනකොට , ICU දාපු උන් නැගිටිනකොට කොහොමත් බටහිරට දීන ඔබතුමාගේ හෙලුව පෙනිලා ඉවරයි.

    එන්නත්කරණය වේගවත් වෙනකොට වැඩිවූ ආසාධිත සහ මරණ ගණනේ වගකීමෙන් ඔබට ඔබේ පවුලේ දරුවන්ට මිදෙන්න බෑ, රටක මිනිසුන්ව එන්නත්කරණය නැමැති මිඨ්යාවෙන් අන්ධ කර , කරන ලද මේ බිලිපූජාවේ පව ගෙවන්න ලෑස්ති වෙන්න.

    • නොදන්න මගුලා says:

      දන්නා දෙයක් කතා කරපන් කුඹුක්කන්. උඹ දන්නවද මේ මනුස්සය මේ රටට කරලා තිබෙන සේවාව. ඩෙංගු රෝගීන් දහස් ගණනක් මරණෙන් බෙර ගත්තා. බටහිර ඔඋෂධ සමාගම් වල උගුල් වලට අහු නොවී වසර ගණනක් විශේෂඥ වෛද්‍යවරයකු ලෙස කරපු සේවාව දන්නේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ අයයි එතුමාගෙන් බෙහෙත් ගත්ත අයයි විතරයි. එවැනි මනුස්සයෙක්ගේ පවුලේ අයට බලු කතා කියන්න එපා.

    • SAMAN says:

      KUBUKAN – POHOTTUWE KULIYATA KOTANA GON WASSEK WAGE!.
      YAKO,THO WAGE KULIYATA KAHINA MANUSSAYEK NEWE DR ANANDA.
      DANNA DEYAK GANA WITHRAK TKATHA KARAPAN MONARA WAGE PASSA ILIYE THIYANA NATANNE NATHIWA !!!

  2. මූ නේද කරාපිටිය දොස්තර මහත්තයගෙ කරල මිත්‍යාවක් කීවෙ. ඔයගොල්ලෝ දැන් ටික ටික මිත්‍යාවක් වේගෙන එන්නෙ. මිනිස්සු මේ විදියට ආමාරුවෙ දැමීම අපරාධයක්

  3. Chath says:

    KUMBUKKAN should be treated without delay in Mental hospital Angoda. He is a polarized patient who sees the world through a blurred lenses’

    • කුඹුක්කණ් says:

      blurred lenses දාගත්ත මට පේන දේ

      හොද ලෙන්සස් තියෙන උඹලට පේන්නෙ නෑනෙ, වැක්සින් ගහන්න ගත්ත දවසෙ ඉදං මරණ සංඛ්‍යාව වැඩිවෙන්න ගත්තා ආසාධිතයන් වැඩි වෙන්න ගත්තා සීග්‍රයෙන්.

      ඉතිං උඹලා මට කියන්නෙ පැනී මුට්ටියට බැනලා හිත හදාගන්න කියලද?

      • කුඹුක් පොන්නයා says:

        උඹ ඇත්තටම රෝහලකට යන්න ඕනා. ගිහින් මනෝ වෛද්‍යවරයෙක් හම්බු වෙයන්.

  4. ukussa says:

    හැමදාම චැනල් වලට එන්නෙ පරක්කූ වෙලා 01.09.2021 nawaloka hospital 9.00ට වෙිලාව දුන්නෙ ආව‍ෙ
    10.30ට

Main News