IDH, හෝමගම රෝහල් තරුණ කොරෝනා රෝගීන්ගෙන් පිරී අවසන්.. ICU තවත් ඉඩ නෑ…

April 26, 2021 at 12:02 am | lanka C news
IDH, හෝමගම රෝහල් තරුණ කොරෝනා රෝගීන්ගෙන් පිරී අවසන්.. ICU තවත් ඉඩ නෑ…

අයි.ඩී.එච්. රෝහලේ සහ හෝමාගම මූලික රෝහලේ අද වන විට කොරෝනා ආසාදිතයන්ට වෙන්කර තිබූ සියලු වාට්ටු පිරී ගොස් තිබේ.

අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සියළුම ඇඳන් අද පස්වරුව වන විට පිරී ගොස් තිබින.

හෝමාගම මූලික රෝහලේද කොරෝනා ආසාදිතයන් සදහා වෙන් කරන ලද සියළු වාට්ටු පිරී ගොස් ඇත.

රෝහල් අධිකාරිවරයා සඳහන් කරන්නේ රෝහලේ තවත් ඒකක දෙකක් කොරෝනා රෝගීන් සඳහා වෙන් කිරීමට තීරණය කළ බවයි.

මෙවර වාර්තා වන රෝගීන් වැඩි වශයෙන් තරුණ රෝගීන් මෙන්ම විශාල වශයෙන් සංකූලතා රහිත රෝගීන් බවද ඔහු සඳහන් කළේය.

ආසාදිතයන් දැඩි සත්කාර ඒකකවලට ඇතුළත්වීම ඉහළ ගොස් ඇති බවද ඔහු පැවසීය.

මෙය ඉතා බරපතළ තත්ත්වයක් යයිද පැවසූ ඔහු ජනතාව මෙය තේරුම් ගෙන විශාල වශයෙන් සංචාරණ සීමා කල යුතු බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

21,884 views

5 Comments to “IDH, හෝමගම රෝහල් තරුණ කොරෝනා රෝගීන්ගෙන් පිරී අවසන්.. ICU තවත් ඉඩ නෑ…”

  1. ගොබ්බ ලෑතරස් says:

    දරැවන් සියල්ලෝම පාසැල් යවමු පුංචිම උන් පෙර පාසැල්යවමු.බස් එකේ තෙරපි තෙරපි පාසැල් යවමු

  2. Hudson says:

    We have been telling not to vote this Hiwala. But 69 lacks Bryson’s with p brain did not listen. Now suffer.

    • මාක්ස්වාදී ජෙප්පා says:

      ඒක තමා සජී තුමා හිටිය නම් පැකනිල් වලින් වැඩේ ගොඩ දානවා. බොත්තම ඔබලා ලමයි ඉස්කෝලෙ යවනවා. රෑට රෑට ඇවිදින් කොරෝනා හැදිලද කියල හොරාට බලල යනවා.

      69 ලක්ශයේ ගොන් බයියොන්ට හොද වැඩේ.

      • Assassin says:

        Pissuda yako ubta.u kiwwa kathawa hari.sajith hitiyanm covid patirenna mehema.enm covid iwarai.minissuth iwarai

    • Assassin says:

      Sajith may be a good man.but he will never be a good leader.slaves like you wont see that.

Main News