IMF උත්සාහය වැරදුනොත් සැලැස්ම චම්පික දෙයි…

June 14, 2022 at 6:18 am | lanka C news
IMF උත්සාහය වැරදුනොත් සැලැස්ම චම්පික දෙයි…

හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් 43 සේනාංකය අද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු නිලධාරින් හමුවිය.

එහිදී මාධ්‍යවේදීන් ඇමතු පාඨලී චම්පික රණවක මහතා;

“අද මේ රටේ කරුණු දෙකක් පැන නැගිලා තියෙනවා. හදිසි මැතිවරණයක් ඉල්ලනවා. රටේ ජනමතය ජනාධිපතිවරයා කෙරෙත් පාර්ලිමේන්තුව කෙරෙත් නැහැයි කියන කාරණය සහ විසි එක්වෙනි සංශෝධනය එළඹෙමින් තිබෙනවා. ඉතින් මේ දෙකම පාවිච්චි කරලා අපි 43 සේනාංකය අද මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ඇතුළු ඒ නිලධාරි මණ්ඩලය හමුවුණා.

  1. මැතිවරණයක් පැවැත්වීමට පෙර මැතිවරණ ක්‍රමය පිළිබඳව සංශෝධන පිළිබඳ අවශ්‍යතාව
  2. අපේක්ෂකයන් සහ පක්ෂවල වියදම් පිළිබඳව
  3. සමානුපාත නියෝජනය හා කොට්ඨාස නියෝජනය අතර තිබිය යුතු අනුපාතය
  4. මැතිවරණ කොමිසම ස්වාධින විය යුතු බව
  5. මැතිවරණ කොමිසමට තිබිය යුතු සුවිශේෂී බලතල
  6. මැතිවරණ වල තරුණ හා කාන්තා නියෝජනය
  7. ලක්ෂ 3 කට ආසන්න පිරිසකට මැතිවරණ දිනයේ ඡන්දය පාවිච්චි කිරීමට නොහැකි වන තත්ත්වයක් තුළ එය මග හරවා ගන්නේ කෙසේද යන්න
  8. තාක්ෂණය අනුව ඉලෙක්ට්‍රොනික මැතිවරණ ක්‍රමයක් පවත්වාගෙන යන්නේ කෙසේද

යනාදී කරුණු රැසක් මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.

“21 වෙනි සංශෝධනය හරහා සාධාරණ, යුක්ති සහගත මැතිවරණයක්  මැතිවරණ කොමිසම කල යුතුයි. ඒ වගේම මැතිවරණ ඉදිරිපත් වෙන පක්ෂ ලියාපදිංචි කිරීම පිළිබඳවත් වඩා විධිමත් ක්‍රමවේදයක් අපි ඉල්ලා සිටියා”

එහිදී මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන් හිටපු රණවක මහතා;

  • ප්‍රශ්නය : පක්ෂයක් එහෙම ලියාපදිංචි වීමක් අලුතින් සිද්ධ වෙන්න නියමිතව තියෙනවද?
    පිළිතුර: එහෙම අදහසක් නෑ. නමුත් මම හිතන්නේ රටට දැන් අවශ්‍යයි නව පිබිදීමක්. නව දේශපාලන බලවේගයක් රටට අවශ්‍යයි.
  • ප්‍රශ්නය: ඒ වෙනුවෙන්ද ඔබතුමා මෙතනට පැමිණියේ?
    පිළිතුර: පැමිණියේ නම් එහෙම අරමුණකට නෙමෙයි. අපි පැමිණියේ 21 වන සංශෝධනය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ බලතලත්. ඊළඟ මැතිවරණයකට පොරොන්දුව අත්‍යාවශ්‍යයෙන්ම  සිදු කළ යුතු මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණ පිළිබඳවත් අපේ යෝජනා භාර දුන්නා.
  • ප්‍රශ්නය: නව දේශපාලන බලවේගයක් අවශ්‍යයි කියලා කියනවා. ඔබතුමන්ලා ඒකට සූදානම් වෙනවද?
    පිළිතුර: අනිවාර්යයෙන්ම සූදානම් වෙන්න ඕන. මොකද රට සූදානම්. රට සම්ප්‍රදායික දේශපාලනය ප්‍රතික්ෂේප කරලා ඒ ගමන යන්න. විශේෂයෙන්ම මේ රටේ තරුණ පරම්පරාව සූදානම්. ඉතින් අපිත් ඒකට පාවඩය වෙන්න ඒ වේදිකාව තනන්න උදව් කරන්න ඕනේ.
  • ප්‍රශ්නය: ඒ කියන්නේ ඔබතුමාලා ළඟදිම ඒ කියන්නේ දේශපාලන බලවේගයක් දැන් ගොඩනගනවා?
    පිළිතුර: පක්ෂවල ගැටගැහිලා නෙමෙයි. පොදු ප්‍රතිපත්තියක් මත අවම වැඩපිළිවෙලක් එක්ක මේ රට බංකොලොත් රට ගොඩගන්න ඕනේ. මේ බංකොලොත් රට ගොඩගැනීම සඳහා වෘත්තීය මැදිහත්වීමක් රටේ ඉල්ලනවා. ඒ වගේම තරුණ පරම්පරාව මේ දේශපාලන සදාචාරයේ, සංස්කෘතියේ වෙනසක් ඉල්ලනවා. අන්න ඒක ඉටුකර දෙන්න අපේ කැපවීම අපි සිදු කරනවා.
    ප්‍රශ්නය: ඒ දේශපාලන ප්‍රවාහය වර්තමාන පාර්ලිමේන්තුවේ ඉන්න කණ්ඩායමත් එක්ක, නැත්නම් අරගලකරුවොත් එකතු කරගෙන ද ගොඩනගන්නේ?
    පිළිතුර: පාර්ලිමේන්තුවේ ඉන්න 225 ම හොරු කියලා අපි විශ්වාස කරන්නේ නෑ. පාර්ලිමේන්තුවේ ඉන්නවා ආණ්ඩුවේ ඉදිරියෙන්ම ඉන්නවා වැදගත් දේශපාලනයක නියැලෙන පිරිස්. ඒ වගේම අත්දැකීම් බහුල පිරිස්. ඒ අයත් පිටත අරගල භූමියේ ඉන්න අය වෙන්න පුළුවන්. එහෙම නැතුව ඉන්න වෘත්තීයවේදීන් වෙන්න පුළුවන්. ඒ අයව මේ රටට අනාගතය ගොඩනඟා ගැනීමට අපි එකතු කරගත යුතුයි. ඒ සඳහා කටයුතු කරනවා.
    ප්‍රශ්නය: ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රීවරු කණ්ඩායමක් මිට කළින් මෙහෙම ආවා. දැන් ඔබතුමාත්. දේශපාලනයේ මොකක්හරි ලොකු වෙනසක්ද? කණ්ඩායම අලුත් විපක්ෂයක් නිර්මාණය කිරීමක් වගේ කාරණාවක්ද? මොකක්ද මේ තත්ත්වය ඇත්තටම?
    පිළිතුර: ඒක හොඳ ලකුණක්නේ. ඒ කියන්නේ රාජපක්ෂ තනි පවුලේ ආධිපත්‍යයෙන් මිදිලා නිදහස්ව හිතන පිරිසක් එම පක්ෂය තුළින් බිහිවීම අපි දකින්නේ දේශපාලනයේ සුබ ලකුණක්. ප්‍රජාතන්ත්‍රවාදයේ සුබ අඩිතාලමක් හැටියට.
    ප්‍රශ්නය: ඒ කියන්නේ අලුත් විපක්ෂ නිර්මාණය කර ගැනීම?
    පිළිතුර: විපක්ෂක් හෝ පක්ෂයක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ආණ්ඩුව වෙන්නත් පුළුවන්. එහෙම වෙන එක හොඳයිනේ මේ. තනි පවුලක ආධිපත් යයෙන් තොර ඒක හොඳයි.
    ප්‍රශ්නය: දැන් ජනතාව කියන කාරණාව සැබෑවක් කරමින් තවදුරටත් දේශපාලකයා උත්සාහ කරන්නේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න නෙමෙයි. දේශපාලන පක්ෂය හෝ තමන්ගේ බලය රැකගන්න කියන කාරණාව ඔප්පු වෙමින් තියෙනවා නේද?
    පිළිතුර: ඔව් ඉතින් පොදුවේ ගත්තහම අපිට සතුටු වෙන්න බැහැ. මේ ඇතිවෙලා තියෙන ආණ්ඩුව ගැන මේක මං කලින් හැම වෙලාවෙම පැහැදිලි කළා. මේක සර්ව පාක්ෂික ආණ්ඩුවකුත් නෙමෙයි මේක. දැන් පේනවා අන්තර්කාලීන ආණ්ඩුවකුත් නෙමෙයි. ඒ වගේම මේ පරණ නිලධාරී ඉන්නේ. ඉතින් අපිට පේනවා මේ ඒ නිලධාරි තට්ටුව ක්‍රියාත්මක වෙන ආකාරය. වෘත්තීයවේදී පිරිසකට රටේ ආර්ථිකයේ තීරක මරමස්ථාන හැසිරවීමට ඉඩකඩ ලබාදිය යුතුයි. එහෙම නැතුව මේ අර්බුදය පිළිබඳ විශ්වාසයක් මහජනයාට ගොඩනැගෙන්නේ නෑ. මේක අපිට ජයගන්න පුළුවන්.
    ප්‍රශ්නය: තවදුරටත් ගෑස් ටික නැහැ. ඉන්ධන ටික නෑ. ජනතාව දැඩි අපහසුතාවයට පත්වෙලා, තුන්වේල කන්න බැරි තත්වයක් තියෙන්නේ. මේ රට කොතනටද යන්නේ? ඔබතුමන්ලා නිහඬයිනේ.
    පිළිතුර: රටේ දැන් අපාය, අපායේ ඉන්ටර්වල් තමයි මේ දවස් වල තියෙන්නේ. ඉතින් ඉස්සරහට මීටත් වඩා ප්‍රශ්නවලට අපිට මුහුණ දෙන්න තියෙනවා. අපි නිහඬ නෑ. අපි බලාපොරොත්තු වෙනවා දැනට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයායි, ගෝඨාභය රාජපක්ෂ මහත්මයයි, ඒ වගේම විපක්ෂයේ අයයි, ඔක්කොම වගේ බලාපොරොත්තු වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතට ගිහිල්ලා, ඒ හරහා යන විසඳුමක් ගැන, තව මාස ගණනාවක් ගතවෙයි. අපි බලාපොරොත්තු වෙනවා, ජූලි මාසේ මුල සතිය වෙනකොට මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට IMF එකත් එක්ක එයි. හැබැයි ඒකෙන් අපේ මුල්‍ය ප්‍රශ්න එකක්වත් විසඳෙන්නේ නෑ. අපට යම් දළ මාර්ග සිතියමක් ලැබෙයි ඉදිරියට යන්න. ඒක වඩාත් අපහසුකාරී ප්‍රශ්න වලටත් මුහුණ දෙන්න වෙයි.
    කෙසේ නමුත් අපි බලාපොරොත්තු වෙනවා ඒ සිතියම අසාර්ථක වුණොත්, මොකක්ද කරන්නේ රට? අන්න ඒකට අවශ්‍ය කරන විකල්පය ලබාදෙන්න. ඒ නිසා අපි ඉදිරි කාලයේදී, තීරක ක්ෂේත්‍ර, උදාහරණයක් හැටියට විදුලිබල, ප්‍රවාහන, ආහාර, ඖෂධ, කියන මේ ක්ෂේත්‍ර තුන හතර සම්බන්ධයෙන් ප්‍රමාණික විරෝධතාකරුවන් ප්‍රමාණික වෘත්තීයවේදීන් එක්ක එකට එකතු වෙලා ප්‍රතිපත්ති මාලාවක් හදලා ඒක ජනගත කරලා ඒකත් එක්ක ඉදිරියට යන්න. ඒ සංකල්පීය අදහසක් අපි මේ වෙනකොටත් ඉදිරිපත් කරනවා.
    ප්‍රශ්නය: දේශපාලන ප්‍රවාහය එන්නේ. ඩලස් අලහප්පෙරුම මහත්මයත් සමග ආපු ඒ කණ්ඩායමත් එක්කමද? කොහොමද?
    පිළිතුර: අපි ඒ හැමෝටම විවෘතයි. ඩලස් අලහප්පෙරුම මහත්මයත් දේශපාලන කාලාන්තරයක් නියැලිලා හිටපු අත්දැකීම් බහුල කෙනෙක්. සමගි ජන බලවේගෙත් ඒ වගේ පිරිස් ඉන්නවා. දෙමළ සන්ධානයෙත් ඉන්නවා. අනෙකුත් දේශපාලන පක්ෂ වලත් ඉන්නවා. මේ හොඳ පිරිස එකතු කරගෙන පවුල් වාදෙටයි, පාදඩ වාදෙටයි එරෙහිව නව බලවේගයක් හදමු කියන තේමාව ඔස්සේ තමයි අපි වැඩ කරන්න බලාපොරොත්තු වෙන්නේ. පක්ෂ දහයටත් ඒක විවෘතයි.
    ප්‍රශ්නය: ගම්මන්පිල මහත්තයත් ඉන්නවා එතුමත් සමග තාම දේශපාලනය කරන්න පුලුවන්ද?
    පිළිතුර: කිසි ප්‍රශ්නයක් නෑ. අපිට ගම්මන්පිල මහත්තයා පුද්ගලික ප්‍රශ්න නෑනේ. එහෙම ගැටළුවක් නෑ. රට පත්වෙලා තත්වය යටතේ අපිට එහෙම පුද්ගලික ගැටළු නෑ. මොකද මේ රටේ ඉතාමත්ම අහිතකර, බරපතළ, භයානක තත්වයකට ඇද වැටිලා තියෙන්නේ. ඒකෙදි අපේ ඔය පුද්ගලික ප්‍රශ්න, පරණ දේශපාලන ප්‍රශ්න, අපි හිත හිත කල්පනා කර කර සිටිය යුතු නැහැ. මොකද රට බංකොලොත්.
    ප්‍රශ්නය: අර හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක මහත්මයා කියනවා ඔක්කොම යාළුවෝ මල්ලි කියලා. ඉතින් ඇත්ත කතාවක් නේද?
    පිළිතුර: අපි නම් කා එක්කවත් යාලුත් නෑ, තරහක් නෑ. පවුල්වාදී බලවේග, පාදඩ සල්ලි කාරයෝ නම්, අපිත් එක්ක තරහ බව අපි දන්නවා. ඒ නිසා අපිට දඬුවම් දෙන්න ඒගොල්ලෝ උත්සාහ කළා එදා අපිව හිරේට ගත්ත වෙලාවේ. අපි නෙවෙයි කවදාහරි ජනතාවගේ හිර ගෙට වැටෙන්නේ මේ පවුල්වාදයයි. පාදඩ සල්ලියි තියෙනවයි කියලා අද ඔප්පු වෙලා තියෙනවනේ. ඉතින් ඒක නිසා අපි ඒවා ගැන අනුකම්පා කරනවා. අපෙන් පළිගන්න උත්සාහ කරපු අය ගැන අපි අනුකම්පා කරනවා. ඒවා දැන් අපි අතීතයට තියලා, අනාගතයේ මේ රට බංකොලොත් රට ඉදිරියට ගෙනයාම ගැන කල්පනා කරන්න.
    ප්‍රශ්නය: අර කහපාට කිව්වනේ. පොදු ගමනක් යයි වගේ නේද මේ යන විදිහට.
    පිළිතුර: කහද, රතුද, නිල්ද, තැඹිලිද? වෙන ප්‍රශ්න ද  කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. දැන් රටට අවශ්‍ය රට ගලවා ගැනීමට සාපේක්ෂ වශයෙන් හොඳ මිනිස්සු ටික සාපේක්ෂ වශයෙන් ඉන්න වැදගත් මිනිස්සු ටික දේශපාලනය එකට එකතු වෙලා ගමනක් යාම අවශ්‍යයි. ඒකයි අපි අවධාරණය කරන්නේ
    ප්‍රශ්නය: ඒ කියන්නේ එකටම යනවා. මේ ගමන
    පිළිතුර: නෑ ඒක තමයි අපේ අවධාරණය. ඒක තාම මේ මොනවද කියලා තීරණය කරලා නෑ. නමුත් ඒ පොදු වැඩපිළිවෙල අපි මේ දවස්වල නිර්මාණය කරනවා. හැමෝටම එකතු වෙන්න පුළුවන් වේදිකාවක්. හොඳ මිනිස්සු.
  • ප්‍රශ්නය: රනිල් වික්‍රමසිංහ මහත්තයා එහෙම?
    පිළිතුර: රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් ආණ්ඩුව අගමැතිනේ. එතුමාගේ වැඩ පිළිවෙලට අපි ඉඩදීලා තියෙනවා. දැන් එතුමත් යම් උත්සහයක් දරනවනේ. ඒකට අපි ගල් පෙරලන්න යන් නෑ. අපි එතුමාට ඉඩ දීලා තියෙනවා. ඒ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්න. අවශ්‍ය සහයෝගයක් යුතුව පාර්ලිමේන්තුව තුල ලබා දෙනවා. හැබැයි එතුමා අපි බලාපොරොත්තු වෙච්ච සර්ව පාක්ෂික ආණ්ඩුව හෝ අන්තර්කාලීන ආණ්ඩුව හැදුවේ නෑ. ඒ ගැන අපිට කණගාටුයි. එහෙම වුනානම් අපි ඒකට කෙලින්ම මධ්‍යයටම ඇවිල්ලා ඒකට වැඩ කරනවා. නමුත් අපිට දැන් පුළුවන් පාර්ලිමේන්තු මට්ටමින් වැඩ කරන්න. ඒකට අවශ්‍ය උපකාර අපි කරනවා.
  • ප්‍රශ්නය: ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු පිරිස එක්ක සාකච්ඡා කළාද?
    පිළිතුර: අපි මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම දෙනා එක්ක 21 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් විවෘත සාකච්ඡාවක ඉන්නවා. නව දේශපාලන පක්ෂයක් ගැන  කතා කරලා සාකච්ඡා කරලම නෑ තාම.
  • ප්‍රශ්නය: අනාගතයේ ප්‍රතිපත්තිමය එකඟතා, දේවල් මත එහෙම උනොත් සජිත් මහත්තයට මොකක් වෙයිද?
    පිළිතුර: සජිත් ප්‍රේමදාස මහත්තයත් ඒ ක්‍රියාදාමයට එකතු වෙන්න ඕනි. එතුමලත් තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කරගෙන මේ රටට ගැලපෙන ක්‍රියාදාමයක් සජිත් ප්‍රේමදාස මහත්මයා, සමගි ජන බලවේගයත් එකතු වෙයි කියලා අපි හිතනවා.
  • ප්‍රශ්නය: එතුමාගේ ප්‍රතිපත්ති වෙනස් වේවිද?
    පිළිතුර: අලුත් තත්වයන්ට ගැලපෙන විදිහට අපි ඔක්කොම වෙනස් වෙනවා. මගේ ප්‍රතිපත්තිත් වෙනස් වෙන්න ඕනේ. එතුමාගේ වෙනස් වෙන්න ඕනේ. රටේම ප්‍රතිපත්ති වෙනස් වෙන්න ඕනේ.
46,786 views

18 Comments to “IMF උත්සාහය වැරදුනොත් සැලැස්ම චම්පික දෙයි…”

  1. සකු says:

    සජිත් පුතානො ට ඉතින් සොරි ම තමා පව් ඉතින්

  2. SANA says:

    Meka Loka horek ..

    BORA DIYEE GEMBOOO BANAWA …………

    WHAT WAS DOING DOING THIS MAN WITH LAST GOVERNMENTS ??

    IDIOT GO AWAY !!!

  3. මඩ නම් ජේවීපී says:

    සජිත් පුතානොගෙ කට්ටිය හා කුහක ජෙප්පො දෙන් ඉතින් මේ මනුෂ්‍ය යගෙ ඔක්කොම කුනු හොය හොයා මඩ ගහයි මෙ යන විදිහ ට සජිත් පුතානො ට හා අනුර සහොදරය ට යන එනමන් නෙති වෙන සයිස් එකක් තියෙන්නෙ

    • ලංකා බයි නිව්ස් කොමෙන්ට් කොටන්නගේ සංගමය says:

      ඔව් දැන් පොහොට්ටු බායියන්ට කොහොමත් පාරට බහින්න බැරුව ඉන්න එකේ මෙහෙම වත් කියලා හිත හදාගෙන ඉමු.

  4. ගමේ වෙදා says:

    කපුටො මයිනො එලවලා එන්න යන්නෙ වැම්පයර් වවුලෙක්

Main News