IMF එපා කියු පසුත් සල්ලි අච්චු ගහලා.. මේ ආණ්ඩුව ටි‍්‍රලියන එක හමාරක් අච්චු ගහලා..

March 20, 2022 at 10:40 am | lanka C news
IMF එපා කියු පසුත් සල්ලි අච්චු ගහලා.. මේ ආණ්ඩුව ටි‍්‍රලියන එක හමාරක් අච්චු ගහලා..

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හා හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශ හා උපාය මාර්ගික උපදේශයන් නොතකා හරිමින් ශ්‍රී ලංකා මහ බැංකුව රටත්, ආර්ථිකයත් කාබාසිනියා කරමින් උද්ධමනය අහස උසට නංවන මැරතල් මුදල් අච්චු ගැසීමක දිගටම නිරත වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසුව මේ දක්වා කාලය තුළ අච්චු ගැසූ මුලු මුදල් ප්‍රමාණය රු. බිලියන 1500 සීමාව ඉක්වමා ගොස් ඇත.

මාර්තු 1 දින සිට මාර්තු 16 දක්වා මුද්‍රණය කර ඇති මුළු මුදල් ප්‍රමාණය රු. බිලියන 132.66 කි. අද (මාර්තු 18) මුද්‍රණය කළ මුදල් ප්‍රමාණය ශ්‍රී ලංකා මහ බැංකුව රහසිගතව තබා ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා පවත්වන අතර, මාර්තු 14 දින අච්චු ගැසූ රු. බිලියන 83 ක් ද මෙයට ඇතුලත් ය.

2020 ජනවාරි 1 සිට මේ දක්වා අච්චු ගැසූ මුළු මුදල් ප්‍රමාණය රු. බිලියන 1569.29 ක් හෙවත් රු. මිලියන 1,596,290 කි.

මුදල් අච්චු ගැසීමෙන් භාණ්ඩ මිල ඉහළ නොයන බව ප්‍රකාශ කළ අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධූරයට පත්වීමෙන් පසුව මුදල රු. බිලියන 359.66 ක් අච්චු ගසා ඇත. ඩොලර් සහ ඉන්ධන අර්බුදයට අමතරව රටතුල රුපියල් අර්බුදයක් ඇති කිරීමට මුලික හේතුව වූවේ රජයේ මැරතන් මුදල් අච්චු ගැසීමයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීමට මහ බැංකු අධිපතිවරයා සහ භාණ්ඩාගාර ලේකම්වරයා ප්‍රමුඛ මුදල් මණ්ඩලය සිදු කරන අත්තනෝමතික මුදල් අච්චු ගැසීම නවතා දැමිය යුතු බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශයකි. ඒ සඳහා 1949 අංක 58 දරණ මුල්‍ය නීති පනත සංශෝධනය කිරීම සඳහා මුදල් මණ්ඩලයේ සාමාජිකවත්වයෙන් භාණ්ඩාගාර ලේකම් ඉවත් කර, එය වෘත්තිකයින් අතට පත් කළ යුතු බවට අවස්ථා ගණනාවක දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රජයට උපදෙස් ලබාදුන්නේය. එසේ තිබිය දී, මහ බැංකුව අඛණ්ඩව මුදල් අච්චු ගැසීම ‘යන යකා කොරහත් බිඳගෙන යාමේ උත්සාහයකි.

කිසිදු සීමාවකින් තොරව මුදල් අච්චු ගැසීම නිසා ඩොලර් අර්බුදයක් පමණක් නොව, රට තුල භාණ්ඩ මිල ඉහළ යාම දරාගත නොහැකි තත්වයකට පත්ව ඇත.

කාබනික වගා සංකල්පයක් හදුන්වාදීමෙන් රටේ කෘෂි නිෂ්පාදනය මුළුමනින්ම පාහේ විනාශ වී ඇති අතර, එළවළු පළතුරු, බිත්තර, ඇතුළු දේශීයව නිෂ්පාදනය කරන ආහාර වර්ගවල මිල අනෙකුත් භාණ්ඩවලට වඩා මිල ඉහළ යාමට කෘෂි නිෂ්පාදන බිඳවැටීම හේතුවී ඇත.

රජිත් කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ/ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

28,338 views

24 Comments to “IMF එපා කියු පසුත් සල්ලි අච්චු ගහලා.. මේ ආණ්ඩුව ටි‍්‍රලියන එක හමාරක් අච්චු ගහලා..”

  1. LalithM says:

    කාබනික වගාව ගෙනාවේ වගාව පාලුකර ගොවීන්ට එපා කරවලා වගා බිම බහුජාතික සමාගම්වලට දෙන්න නොවේද.

    • CAT says:

      බැසිල් ආවේ අපේ රටේ ඉඩම් ඇමරිකාවේ බහු සමාගම් වලට විකිණිමට මුදල් උපයාගෙන පවුල් සමගම දියුණු කිරීමට එහි එක උපායක් තමයි ලංකාවේ වගා කිරීම නතර කර ගොවීන්ගේ ඉඩම් මංකොල්ලය . පොහොට්ටුව සිදුකරන්නේ ඇමරිකානු කළු තරුව MCC පාර කැපීම

    • SHAAM says:

      කොහෙත්ම නැත. ඔීවා මොලයක් නැති හරයක් නැති ජෙප්පන්ගේ හිතලු පමනයි. වෙලදපලට ගොස් බලන්න එලවලු ඇති තරමි තියෙනවා ගානවැඩියි හැබැයි වසවිස නෑ. තාම එක කන්නයි පහු උනේ කාබනික වගාවට පස හුරැ වෙන්ඩ කන්න 4ක් විතර යාවි ඉවසිමෙන්, ොබිබ දේසපාලුවන්ගේ දිරචිච ලනු ගිලින්නේ නැතිව හිටියොත් ගොවිත් පාරිබෝගිකයත් දෙන්නම ගොඩ

      • LalithM says:

        තියෙන එලවලු පලතුරුවල තත්ත්වය මිල ප්‍රමාණය බලන්න. සාමාන්‍ය ජනයා ඒව පරිභෝජනය නවතල. අවසාන ප්‍රතිඵලය මන්දපෝෂණය. ඉඳුරුවේ ආචාරියාගේ කථාව. පැලයක් හිටවපු වවපු කෙනෙක් කවදාවත්ම මේ වගේ මොන්ගල් වැඩ කරන්නේ නෑ. අවශ්‍ය තරමට කාබනික පොහොර නිෂ්පාදනයට ලංකාවේ අමුද්‍රව්‍ය නෑ.ප්‍රමිතිය නෑ.ප්‍රමිතිය ඇති පොහොර,කෘෂි රසායන ද්‍රව්‍ය පාලනය කර කාබනික වගාව මිශ්‍ර කරන්න. සාර්ථක වෙන්න වසර පහක් ගත හැක.

        • Dulmina says:

          👍🌷👍
          ජරාපක්ෂල කැමති,
          උන්ගේ අමන පරම්පරාවට ලේසියෙන්ම පාලනය කර ගන්ඩ පුළුවන්
          මන්දපෝෂණය හැදුන අනාගත පරම්පරාවකට.

      • 0.00069 BIYYO says:

        බැසිල් ආවේ අපේ රටේ ඉඩම් ඇමරිකාවේ බහු සමාගම් වලට විකිණිමට මුදල් උපයාගෙන පවුල් සමගම දියුණු කිරීමට එහි එක උපායක් තමයි ලංකාවේ වගා කිරීම නතර කර ගොවීන්ගේ ඉඩම් මංකොල්ලය . පොහොට්ටුව සිදුකරන්නේ ඇමරිකානු කළු තරුව MCC පාර කැපීම

  2. Nuwan says:

    සල්ලි නැත්නම් අච්චු ගහන්න ඔනේ. හැම රටකම මෙහෙම තමයි කරන්නේ. කාලකන්නි,අවඡාතක 3% ඡෙප්පෝ බොරැවට කෑ ගහනවා.

    • ගිරවා says:

      කුරහන් සාටක පවුලේ දියුණුවට නේද ? රටේ ආර්ථිකය අද අගාදයේ ,මාර පුත්තු විනෝදෙන්, ජනතාව පෝලිම් වල මැරිලා වැටෙනවා ..තවත් මේ පර දේශපාලුවන්ට කඩේ යන Nuwan උබ වගේ මෝඩයොත් සිටීම පුදුමයක් සාපයක්

      • Kaputa says:

        අනේ බං උඹ කරන්නෙත් එකමනේ පාට වෙනස් උනාට වහල්බාවය එසේමයි

    • Boris Vanculenberg says:

      Salli nethnam achchu gahanavada Gon booruvo? Balaapiya Ada thiyenna thathvaya? Mongal haraka

  3. Challenge says:

    සජබුන් සහ ජවිපා අනුර ඩීල් කුමාර ඇතුළු තක්කඩි බොරුකාර ඩීල් පප්පලාට කරන අභියෝගය නම් ජනතාව රවටන උඹලගේ බොරු වටලෑම්,බොරු උද්ඝෝෂණ පසකට දමා පුළුවන් නම් මේ ආර්ථික උද්ධමනයට ප්‍රධාන හේතුවක් වන සල්ලි අච්චු ගහන බියගම අවලස්සන ඩිලාරෝ එක වටලා එය අක්‍රිය කර පෙන්වපල්ලා.

    • Unplug says:

      ඔව් ඔව් ජෙප්පන්ට කියමු ඩිලාරෝ එකේ ප්ලග් ගලවලා මේ උද්ධමනයෙන් රට බේරා දෙන්න කියලා.
      (මුන් එතනිනුත් ගානක් අරගෙන එකවුන්ට් එකට දා ගනීද දන්නේ නෑ).

    • Attack Show says:

      එදා අපි හිතුවේ ජෙප්පන් කොළඹ වටලා රාජපක්ෂලාව කකුල් කෙටි වලින් ඇදගෙන ගෝල් ෆේස් ගෙනල්ලා අව්වේ දණ ගස්සවලා නඩු අහයි කියලා.
      බලපුවහම ඒක පුතානෝගේ විරෝධතාව හෑල්ලුවට ලක් කරන්න ගරු කපුටාස්ගේ ආරාධනවකට අනුව කරපු Attack Show එකක්ලු.

      • මහජනයා says:

        fපොන්සේකා මහත්තයා හැර අනිත් 224ම….
        එකතු වෙලා උන් හැදෙන ,
        අපට කෙලවන උන් මල්ලී….

  4. අපි පව් says:

    පුලුවන් තරමින් සල්ලි අච්චු ගහල රජයෙ සේවකයන් ගෙ පඩි වෙඩි කරල සුඛිත මුදිත කරන්න ඕනේ එතකොට තමා දේසපාලකයින් ට හොරා කන්න පුලුවන් වෙන්නෙ

  5. Saman says:

    තක්කඩි බැසිල මෙලෝ සිහියක් නැතිව මුදල් අච්චු ගහන්නේ මැතිවරණය ඉලක්ක කරල .පාන් රාත්තල ගන්ඩ විල්බරෝ එකේ මුදල් ගෙනියන කාලය වැඩි ඈතක නොවේ .

  6. KD says:

    සියලුම ප්‍රධාන රටවල් වසංගත සමයේදී මුදල් මුද්‍රණය කර ඇත. මේ සියලු රටවල් විශාල ආර්ථික අවපාතයකින් බේරුණේ කෙසේදැයි ඔබ සිතන්නේ කෙසේද?
    COVID සහන සැපයීම සඳහා එක්සත් ජනපදය 2020 පෙබරවාරි සිට ඩොලර් ට්‍රිලියන 10 කට වඩා මුද්‍රණය කර ඇත.

    නිකන් ඒ ගැන ලොකු දෙයක් කරන්න එපා. නිශ්ශබ්ද වන්න, එය අප කිසිවෙකුට ගැටලුවක් නොවනු ඇත. ඒ ගැන තව කට අරින්න, ඒක හැමෝටම ප්‍රශ්නයක් වෙයි.

    • JUDE says:

      KD බුරුවෙක් වුනාට ප්‍රසිද්ධියේ ඒ බව පෙන්වීමට උත්සාහ නොකරන්න

      • Lakshan says:

        KD ගේ තර්කය හරි
        මෙතන බුරැවා කවිද කියලා පැහැදිලියි. මටනමි මු කොටලුවෙක් කියලත් හිතෙනවා.

    • Narada says:

      ඔස්ටෙි්‍ලියාව ට්‍රිලියන 7.1

  7. පව් බං මිනිස්සු....!!! says:

    රතු,කොළ,නිල්, පක්‍ෂ පාට වැඩක් නැහැ ,සේරම පට්ට හොරු කියලා ,225 ම හොරු ,කියා දැන් අපේ මිනිස්සු දන්නවා …මේ කැරැල්ල ඵන්නෙ ජනතාව අතරින්ම ,බඩගින්නට වඩා දෙයක් නැහැ ,ඵදාට ඔය පාරවල් වල වී 8,ප්‍රාඩෝ ,බෙන්ස් යන්න ලැබෙන ඵකක් නැහැ.මරාගෙන මැරන්න මිනිස්සු ඉදිරියට ඵයි.හමුදාවලට ,වෙඩි උණ්ඩ වලට අපේ මිනිස්සු නවත්තන්න බැරි වෙයි.හමුදාවලිනුත් මිනි්සුන්ට උදව් ලැබෙයි.ඒ වල ඉන්නෙත් අපේම තරුණයො,උන් අපේම අයව මරයිද …? නැහැ මේ සේරම කපටි දේශපාළුවො සහ උන්ගෙ පවුල් සමූල ඝාතනය කරයි ,අනිවාර්‍යයෙන්,රාජපස්ස පවුල යයි උන්ගෙ රටවලට,ඇමෙරිකාවට සහ සීෂෙල්ස් දූපතට…ඕකයි වෙන්නෙ…ඕකට ආයෙම අනාවැකි අනව්‍ශ්‍යයි. හරිම කණගාටුදායක පුවතක්.

  8. Tharuni says:

    සල්ලි අච්චු ගහපු සාපෙ උන්ගේ පරම්පරාවටම වැදියන්. සල්ලි අච්චු ගහන එක ආර්ථිකයට කරන විශාල හානියක්.

  9. Gamarala says:

    තව වසර දෙකකින් මුන්ට මේවාට වගකියන්න් සිදුවේවි. කාපුවා වමාරන්න වේවි. ජාතික ජන බල වේගයට මුන් ටික බාරදෙමු.

  10. Dengu Nona says:

    Central Bank eke Manijarayaa hatiyata Achchu Kanthoru Kaarayekuwa daagaththaa nam wade ivarayi. Hithe hatiyata Gahapallaa! Api balamu KD wage harakunta Punnakkuth nethiwunaama mokada wenne kiyalaa!!

Main News