IMF ගියොත් පඩි කපන්න වෙනවා.. ගෑස් මිලවැඩි කරන්න වෙනවා.. ඩොලරය පාකරන්න වෙනවා…

December 13, 2021 at 2:10 pm | lanka C news
IMF ගියොත් පඩි කපන්න වෙනවා.. ගෑස් මිලවැඩි කරන්න වෙනවා.. ඩොලරය පාකරන්න වෙනවා…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යම් ගිවිසුමක් ඇතිකර ගතහොත් එම අරමුදල ප්‍රතිපත්තිමය කොන්දේසි සඳහා එකඟ වීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

එනිසා එම අරමුදලේ සහයෝගය ලබා ගන්නේ නම් ඊට ප්‍රථම ශ්‍රී ලංකාව විසින් සලකා බැලිය යුතු කරුණු බොහෝමයක් තිබෙන බවත් එමෙන්ම පුළුල් සංවාදයක් රට තුළ ඒ ගැන ඇති කළ යුතු බවත් හෙතෙම පැවසීය.

අයවැය පරතරය සියයට 5ට වඩා අඩු කිරීම ඒ වෙනුවෙන් සේවක වැටුප් හා මෙන්ම විශ්‍රාම වැටුප් ප්‍රදානය කිරීම පවා සීමා කිරීමට සිදුවන බවත් පැවසූ ඔහු ගෑස් මිල ඉහළ දැමීමට සිදුවනු ඇති බවද සඳහන් කළේය.

නිදහසේ භාණ්ඩ ආනයනය කිරීමට ඕනෑම පාර්ශවයකට ඉඩ දිය යුතු බවත් ඩොලරය පාවෙන්නට ඉඩ දිය යුතු බවත් පැවසූ අමාත්‍යවරයා ජනතාව ඊට කැමති දැයි විමසා බැලිය යුතුව ඇති බව ද පැවසීය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි සඳහා එකඟ වුවහොත් ඇතිවන තත්ත්වයන්ට ජනතාවගේ කැමැත්ත ගැන විමසිලිමත් විය යුතු බවද ඒ මහතා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ වෙළඳ අමාත්‍යාංශය පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

66,091 views

46 Comments to “IMF ගියොත් පඩි කපන්න වෙනවා.. ගෑස් මිලවැඩි කරන්න වෙනවා.. ඩොලරය පාකරන්න වෙනවා…”

  1. Kasun says:

    Yako okata thama kiyanne rata hadanawa kiyala…

  2. Magol says:

    HAND OVER THIS COUNTRY TO THE SHEIK OF UAE

  3. Felix says:

    This is a simple process… I wonder what type of tuition has been given by this man and I feel sorry about the then students who learn from him. IMF is not a Chinese Company.

    • D.Nimal says:

      Commenter has no idea or view about role played by IMF . Its working on vested interest of USA world Economic hegemony . Island nation has to surrender her Economic right to IMF. if we are going to seek on conditions of that IMF assistance. We are working towards Nation sustainable Economy for whole people of Island.

  4. හරිනි ඔබ නිසා හරිමි රජ සැපා says:

    එහෙනම් ඉතින් දැන් රට ජෙප්පන්ට බාර දෙමු. ඊයේ පෙරේදා හරිනි අමරසූරිය කිව්වෙත් ජවිපෙ බලයට ආවොත් ඩොලරය පාකරනවා කියලනේ.

  5. මුන්ට තේරෙන්නෙ නෑ රජයේ සේවක අතිරික්තයක් තියෙනව කියන එක. හමුදා පොලිස් සිවිල් ආරක්ෂක කියලම කීයක් ඉන්නවද. ප්‍රොඩක්ටිවිටියක් නැතුව නිකම් පඩි ගෙවනවා. දේශප්‍රේමය පෙන්නල ඊළඟ ඡන්දෙ කරන්නයි මේ හමුදා තියාන ඉන්නෙ

  6. පස්වන සරත් (විශ්‍රාමික) says:

    ඩොලරය පාකරන්න හරි රටක් තියෙනවනේ නේද සුදූ (ළූණු බන්දුල)
    ඒ මදැයි

  7. chanaka says:

    IMF yanne nette ….munta hora kanna be….etakota…….hama wiyadamak ma titata pennan a ona……anwashya wiyadam witharai kapanne ……mun boru billek pennanawa…….api kamathi IMF yanawawata.

  8. 0.00069 BIYYO says:

    අනේ යකෝ තොපි හොරාකාලා දැන් එනවා බයිලා ගහන්න කාලකන්නි රාජපක්ෂලා සහ තොපි ට කෙලවෙලා යන්න ඕන 🙏
    IMF එක කියන්නේ රාජ්‍ය අංශයේ වියදම් අඩු කරන්ඩ කියන එක. ඒක කරන විදි කීපයක් තියනවා. එකක් තමා අධික වැටුප් ලබන අදයක්ෂක මණ්ඩල ඉවත් කරන එක, ඉන්ධන දීමනා, දුරකථන දීමනා, වාහන permit කප්පාදු කරන එක. තව අනාගත ප්‍රතිලාභයක් නොලැබෙන ව්‍යාපෘති සියල්ල නතර කරන එක. මුදල් අවභාවිත කරපු අයගේ වත්කම් රාජසන්තක කිරීම. ඒවාට දැඩි නීති සකස් කිරීම. IMF එක කියන්නේ නැහැ රාජ්‍ය සේවකයන්ගේ පඩි කපන්ඩ, විශ්‍රාම වැටුප් නතර කරන්ඩ කියලා. ඒවා මේ IMF එක බිල්ලෙක් කරන්ඩ මුන් හදන පච. ඔන්න අර විදිහේ යෝජනා ගෙනල්ල ක්‍රියාත්මක කරන්ඩ, මොන මිනිහද එපා කියන්නේ බලන්ඩ.

    • dehiwala Kolla says:

      මෝඩ මීහරකෝ බලාපිය මේ රට 2015 සිට 2020 දක්වා හොරා කාල විනාස කළ ජෙප්පා+හිටං+ඌඑන්පී+මෝඩ පුතා කල්ලිය ගැන.

  9. Asela says:

    IMF ගියොත් කොමිස් ගහන්න බැහ. හොරාකන්න බැහැ මිණිමරන්න බැහැ මානව අයිතිවාසිකම් රකින්න ඕනේ, දේශපාලකයන්ගේ පැන්ෂන් කපන්න ඕනේ MSD PSD ඇතුළු ජනාධිපති අගමැති මැති අමෙතිවරුන්ගේ පැන්ෂන් වියදම් ලක්ෂ ගණන් ලයිට් බිල් කපන්න ඕනේ. පාර්ලිමේන්තුවේ කැන්ටිම සහ වියදම කපන්න ඕනේ, බදු රහිත වාහන ගේන එක නවත්තන්න ඕනේ ,,,,,, ඉතින් දෙයියනේ මුන් කැමතිවෙයිද ජනතාවට සෙතක් සාදන්න

Main News