IMF මුදල් ලැබෙන තෙක් ඉන්දියාවෙන් තව ණය ඉල්ලයි..

May 28, 2022 at 1:20 pm | lanka C news
IMF මුදල් ලැබෙන තෙක් ඉන්දියාවෙන් තව ණය ඉල්ලයි..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහන සාකච්ඡා කර අවසන් කරන තෙක් ශ්‍රී ලංකාවට සම්බන්ධිත මූල්‍ය පහසුකම් අවශ්‍ය වන බව මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා පැවැසීය.

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය අතර පැවැති සාකච්ඡාවේදී මිලින්ද මොරගොඩ මහතා මේ බව සඳහන් කර තිබේ.

අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ඉන්ධන මිල දී ගැනීම සඳහා ණය මෙන්ම ගෙවුම් ශේෂ ආධාරක වශයෙන් ඉන්දියාව විසින් සපයනු ලබන ආධාර වැඩි කිරීමේ සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ හැකියාව අමාත්‍යවරිය සහ මහ කොමසාරිස්වරයා අතර පැවැති කතාබහ අතර තුර කරුණු අධ්‍යයනය කර ඇත.

දෙරට අතර ආර්ථික සංවාදය අඛණ්ඩව පැවැත්වාගෙන යෑම සඳහා නිල මට්ටමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කර පවත්වා ගැනීම වැදගත් බව ද සාකච්ඡා වූ අතර එයට එක`ගතාව පළ විය.

ඉකුත් අප්‍රේල් මස මැද දෙපාර්ශවයේ සහයෝගීතාවය ගැන කරන ලද සාකච්ඡා වටයෙන් අනතුරුව ඉන්දීය මුදල් අමාත්‍ය කාර්යාලයේ දී පැවැති මෙම හමුවීමේ දී දැනට පවතින සහයෝගීතාවයේ තත්ත්වය ඇගයීමට සහ ඉදිරි මාවත ගැන වැඩිදුරටත් අදහස් හුවමාරු කරගෙන ඇත. කර ඇත.

බහුපාර්ශ්වික සහ ද්විපාර්ශ්වික සංවර්ධන හවුල්කරුවන් පසුගිය අප්‍රේල් මාසයේදී වොෂින්ටන් හි පැවති ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සැසිවාරයට සහභාගී වූ අතර එහි දී ඉන්දීය මුදල් අමාත්‍ය සීතා රාමන් මහත්මිය එහි රැස්වීම්වලට සමගාමීව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම මහ කොමසාරිස්වරයා මෙහි දී විශේෂයෙන් අගය කළේය.

අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ඉන්ධන සඳහා ණය වශයෙන් ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දෙන සහය සහ ගෙවුම් ශේෂ හි`ගය සම්බන්ධව ලැඛෙන සහාය ගැන ද මහ කොමසාරිස් මොරගොඩ මහතා අමාත්‍ය සීතාරාමන් වෙත ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ස්තූතිය පුද කර තිබේ.

ශ්‍රී ලංකාවේ වත්මන් ස්වභාවය පිළිබඳව මහ කොමසාරිස් මොරගොඩ මෙහි දී අමාත්‍ය සීතාරාමන් මහත්මිය වෙත දීර්ඝ වශයෙන් කරුණු දක්වා ඇති බව දැක්වේ.

නිලධාරී මට්ටමේ සාකච්ඡාවලදී ඉන්දීය නායකත්වය ස`දහා පත්කර ඇති එරට ප්‍රධාන ආර්ථික උපදේශක මහාචාර්ය අනන්තා නාගේෂ්වරන් සහ නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම හමුවට සහභාගි වූහ.

ADA

18,205 views

One Comment to “IMF මුදල් ලැබෙන තෙක් ඉන්දියාවෙන් තව ණය ඉල්ලයි..”

  1. මහදැනමුත්තා says:

    රාජපක්ෂ පවුල් සමාගම සොරාගත් බදු මුදල් වලින් රටේ ආර්ථිකය නැවත යථා තත්වයට පත් කරනු .නිරුපමා රටෙන් සොරාගත් මුදල් .පැන්ඩෝරා papers වල ඇති ගිණුම් නැවත රටට ලබා ගෙන රටේ සියලු ණය ගෙවා දැමිය යුතුයි ..රටේ ජනතාව නොවේ බදුමුදල් සොරාගත්තේ ,කොමිස් මුදල් ගත්තේ වත්මන් ආණ්ඩුවයි..තවත් ණය ගන්නේ ගන්නේ රටේ ජනතාව තවත් අගාදයට දැමීමටද ? ජනතාව ප්‍රතික්ෂේප කරපු මහාබැංකු මගඩියේ මහා හොරා බටලන්දේ රනිල් අගමැති කලේ ජනතාවගෙන් පලි ගැනීමටද ? 69 ජනතාව තැබූ විශ්වාස ගෝඨාභය කඩ කලේ රට විනාශකිරිමටද ?රුවන්වැලි සෑයේ මැණික් සොරකම් කලේ රටට ඇති ආදරේටද ?ඒ සාපය කුරහන් සාටක පවුල් සමගම පසු පස ඒම නතර කල නොහැක..කරුණාකර පොහොට්ටුව ආණ්ඩුව පාර්ලිමේන්තුව විසුරුවා ගෙදර යන්න..අපේ රට තවත් විනාශ නොකරන්න

Main News