IMF ලොක්කී ලංකාවට කොකා පෙන්නයි.. එපා වී පැත්තවත් නොබලයි..
March 5, 2017 at 10:00 am | lanka C news
ශ්‍රී ලංකාවට විදේශීය අරමුදල් සපයන ප්‍රධාන ආයතනයක් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කලමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටින් ලාර්ග්රෙඩ් (Christine Lagarde) මහත්මිය මෙම මස 15 වෙනිදා ශ්‍රී ලංකාවේ සංචාරය කිරිමට නියමිතව තිබුණි.
එහෙත් හදිසියේම ඇය විසින් ශ්‍රීලංකාවේ සංචාරය නොකිරීමට තීරණය කොට ඇති අතර අගමැතිවරයා මෙන්ම මුදල් අමාත්‍ය රවි කරුණානයක යන මහත්වරුන් මේ වනවිටත් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටිනුයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කලමණාකාර අධ්යක්ෂිකාවගේ ශ්‍රී ලංකාවේ සංචාරය කලින් යොදා ගත් පරිදි සිදු කරවා ගැනිමටයි.
නව ආණ්ඩුවේ ඉල්ලීම මත රටේ පවතින ආර්ථික ගැටලුවලට විසඳුමක් ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් ණය මුදලක් පසුගිය වසරේ කොන්දේසි සහිතව අනුමත කොට වාරික කිහිපයකින් ඉදිරි වසර 3 තුලදි ලබාදීමට ලබාදීමට එකග වූ අතර එහි පලමු වාරිකය ලෙස ඩොලර් මිලියන 162 ක් පසුගිය දා ශ්‍රී ලංකාවට ලබා දෙන ලදි.
එහෙත් මේවනවිටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් විසින් ශ්‍රීලංකාවට අනතුරු අගවා ඇත්තේ රටේ ආර්ථික නියමිත ඉලක්ක කරා යෑමට දිනෙන් දින අපොහොසත් වන බවයි.