IMF විශේෂඥයන් විසින් මෙරට මුදල් පනත සංශෙෘ්ධනය කරයි.. කැබිනට් අනුමැතියත් ලැබේ..

January 6, 2019 at 8:40 am | lanka C news
IMF විශේෂඥයන් විසින් මෙරට මුදල් පනත සංශෙෘ්ධනය කරයි.. කැබිනට් අනුමැතියත් ලැබේ..

මුදල් නීති පනත පුළුල් සංශෝධනයකට ලක් කිරීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව එම සංශෝධන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂඥයන්ගේ සහයෝගය මත සිදු කරමින් ඇති බවත් දැනට එම කටයුතු අවසන් අදියරේ පවතින බවත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

මහ බැංකුවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

නව සංශෝධන මගින් මහ බැංකුවේ යහපාලනය දියුණු කිරීම, මූල්‍ය අධීක්ෂණය සවිමත් කිරීම, රාජ්‍ය මූල්‍ය හා මුල්‍ය ප්‍රතිපත්ති සම්බන්ධීකරනය ඉහළ දැමීම, මහ බැංකුවේ වැඩි කිරීම ආදිය මෙම කටයුතුවලින් බලාපොරොත්තු වන බවද ඔහු සදහන් කලේය.

10,738 Viewers

3 Comments to “IMF විශේෂඥයන් විසින් මෙරට මුදල් පනත සංශෙෘ්ධනය කරයි.. කැබිනට් අනුමැතියත් ලැබේ..”

  1. Gayantha says:

    Imf පදේට වැඩ කරපු කිසිම රටක් ගොඩ ගියේනෑ. එයලා කරන්නේ දුන්න නය ටික පොලියත් එක්ක ගන්න ක්‍රමයක් හදන එක විතරයි. එයලාගේ වියාපර ඒකයි. නය ගෙවන්න රනිල් ඔච්චර දගලන්නේ අනිවා මිනිහාට කොමිස් එකක් ඇති. මේවා තමා හොයන්න ඔන

  2. සීගිරි says:

    ශ්‍රී ලංකාව නම් වූ තම නව යටත් විජිතයේ කටයුතු පිලබඳ තීන්දු තීරණ ගැනීමේ බලය ඇත්තේ බටහිර බලවතුන් හා IMF , world bank වැනි බටහිර ආයතනවලට වලට නොවේ නම් වෙන කාටද ? යටත් විජිතයේ වහල් ජනතාවටද ?.. මුදල් නීති පනත හැදුවේ ඔවුන් නම්, යටත් විජිතයේ මහ බැංකු අධිපතිව පත්කරන්නේ හා තම නියෝජිතයන් මාර්ගයෙන් රටේ සියලුම ආර්තික මර්මස්ථාන පාලනය කරන්නෙත් ඔවුන්ම නම් මුදල් නීති පනත රිසි සේ සංශෝදනය කිරීමේ බලයත් IMF සතුව ඇති බව යටත් විජිතයේ වහල් ජනතාව තේරැම් ගත යුතුය.
    යටත් විජිතයේ හිමියන්ගෙන් කටයුතු තම අතට ගැනීමට ඇති එකම මග නව යටත් විජිත රාජ්‍යය පෙරලා දමා ශ්‍රී ලාංකික ජනතාව ජනතාවට බලය ලැබෙන මහජන සමූහාණ්ඩුවක් ස්තාපිත කිරීම පමණි.මීට වෙනස් වූ අනෙක් සියලුම විකල්ප මළ විකාර බවට කාලය විසින් අනේක වාරයක් ඔප්පු කර හමාරය.

  3. gadol says:

    I MF , world bank කියන්නේ ආසියාව අප්‍රිකාව හිගන්නන් කරන බටහිර කතෝලික සබාවක්

Main News