IMF-ශ‍්‍රී ලංකා සාකච්චා අසාර්ථකයි.. ණය දීම ප‍්‍රතික්‍ෂෙප කරයි..- ජාත්‍යන්තර මාධ්‍ය

July 5, 2022 at 9:20 am | lanka C news
IMF-ශ‍්‍රී ලංකා සාකච්චා අසාර්ථකයි.. ණය දීම ප‍්‍රතික්‍ෂෙප කරයි..- ජාත්‍යන්තර මාධ්‍ය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවත් එය ඉතා දරුණු තත්වයක් බව ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීවන් හැන්කේ සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහන් 16කට සම්බන්ධ වී ඇති නමුත් ඒ කිසිවක් ක්‍රියාත්මක වී නැති බවත් තෙමෙ සදහන් කරයි.

බංකොලොත් වී ඇති ශ්‍රී ලංකාවට සහන පැකේජයක් ලබා දීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පැවති සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නමුත් ආරම්භ කරන ලද සාකච්ඡා දිගටම කරගෙන යාමටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පොරොන්දු වී ඇති බවද එම වාර්තාවන් කියා සිටියි.

මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව දිචු කරන ලද සාකච්ඡා අසාර්ථක වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා සම්බන්ධයෙන් සියලු දෙනා බලා සිටින බවත් මේ පිළිබඳ සත්‍ය තත්ත්වය රටට දැනුම් දිය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

කෙසෙ වෙතත් අද පාර්ලිමේන්තුව අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වූ සාකච්ඡා වටය සාර්ථක ලෙස ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබුණ බවයි.

115,721 views

32 Comments to “IMF-ශ‍්‍රී ලංකා සාකච්චා අසාර්ථකයි.. ණය දීම ප‍්‍රතික්‍ෂෙප කරයි..- ජාත්‍යන්තර මාධ්‍ය”

  1. The Struggle says:

    සැබෑ පරිපූර්ණ අරගලය සහ අංගවිකල අරගල:
    ලෝකයේ බලවත්ම ආර්ථිකයන් දෙකකි චීනය සහ ඉන්දියාව. රුසියාව ලංකාවේ ප්‍රධාන තේ මිලදී ගන්නා රට වන අතර ලංකාවේ සංචාරක ව්‍යාපාරයට විශාල දායකත්වයක් දරන රටකි – නව ලෝකයේ ගාමක බලවේගයකි.
    මේ මොහොතේ ලෝකයේ ස්ථාවරම හා ශක්තිමත්ම මූල්‍ය ඒකකය බවට පත්ව ඇත්තේ රුසියන් රූබලයයි. කොල්ලකාරී, අත්තනෝමතික ඩොලරයේ එල්ලී විදින අපා දුකෙන් මිදීම සඳහා ලංකාවේ ජනතාව වහාම රුසියන් රූබලය, චීන යුවානය සහ ඉන්දියන් රුපියල් ලංකාව තුල පිළිගත් මුදල් බවට පත් කරන්නට පාලකයන්ට සහ මහ බැංකුවට බලකල යුතුයි.එය අරගලයේ කොටසක් විය යුතුය.තමන්ව පෙලන, කොල්ලකන පාලකයන්ව එලවනවා හා සමගාමීව අපේ ආර්ථිකය පෙලන, කොල්ලකන ඩොලරය මෙල්ල කිරීමද සැබෑ අරගලයේ අත්‍යවශ්‍ය සාධකයකි.එය එසේ නොවන විට අරගලය පරිපූර්ණ නැති නොන්ඩි ගහන අංගවිකලයක් වේ.එවන් අරගලයක ප්‍රතිඵලය එක විකෘතියකින් තව විකෘතියකට මාරු වීම, පවතින අර්බුදයෙන් තවත් අර්බුදයකට වැටීම හෝ පවතින අර්බූදයේ තවතවත් එරී යාම පමණි. අවුරුදු 74ක් සිදු වූයේ එයයි.
    විද්‍යාත්මක සැබෑ පරිපූර්ණ අරගලය නියම ජයග්‍රහණය අත්කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය බව පොලිට්බියුරෝවේ පිළිගැනීමයි.

  2. chamil says:

    Un a way this is good.. now we know sl does not have anyone. We should stand by our self.

  3. dev says:

    කුරිරු සත්ටක් තියෙන්නෙ. කපුටා මහත්තය ගොත ගගහ කිව්වෙ ඒක තමයි.කො අපේ 2 50 ආර්තික බුවාල කිව්වෙ හෙට උනත් ගන්න පුලුවන් කියල නෙ.දැක්මක් තිබුන මිනිහ එලවල දැන් අන්ඩනව.

    • DH says:

      කපුටට ඇති දැනුමක් නෑ ඌ කිව්වේ PB ජයසුන්දර කියපු එක. PB ජයසුන්දරනම් හොදටම දැනගෙන හිටියා IMF එකට ගියා අපිට ලැබෙන බිබික්කමක් නෑ වෙන්නේ තිබුන සන්චාරක ව්යාපාරයත් කඩන් වැටෙන එක විතරයි කියලා.

      • dev says:

        kaputa hariyata dana hitiya. meken goda ena margeth pora danagena unna. anna niyama deshapalane.

  4. Citizen says:

    Who the hell is මහාචාර්ය ස්ටීවන් හැන්කේ..?

    Ask him to call our AKD..

  5. Kasun says:

    අමු පච කාරයෙක් ඔය හෑන්ක් කියන එකා…කොහෙද imf එකෙන් reject උනා කියල තිබ්බේ

  6. Banda says:

    I don’t think this Professor knows details of the discussions with IMF.. GOSL and IMF are in discussion stage and IMF needs to officially notify the outcome of the discussions. That is between GOSL and IMF and not thru a 3rd party..

  7. ජානක says:

    කාලකන්නි ගෝතාබය පලයන් පව් නොදි.

  8. Power says:

    ඇමරිකාව බලා⁣ගෙන ඉන්නෙ අපිවැනි රටවල් තවත් බංකොලොත් වෙනකම්. ඒ නිසා ජනාධිපති මාරුවෙලා ආණ්ඩු මාරු උනත් මුන් අපිට මලාට උදව් කරන්නෙ නෑ. ඒ නිසා අපිට දැන් පැහැදිලිවම සිද්ධ වෙනවා රටක්, ජාතියක් ලෙස ස්ව ශක්තියෙන් නැගී සිටිය හැකි වැඩපිළිවෙළක් කරා ක්‍රමක් ක්‍රමයෙන් ගමන් කරන්න.

  9. Middle Man says:

    ඔන්න දැන් JVP කාලකන්නි සතුටින් ඉපිල යයි

  10. රාවණා says:

    කාලකණ්නි ඇමරිකාව, යුක්රේනයට ඩොලර් බිලියන 38ක් නිකම් පාස් කරලා දුන්නා, ලංකාවට ණයට ගොඩ එන්න උදව් දෙන්න බෑ

Main News