IOC අත නාරී… පෙට‍්‍රල් ඩීසල් මිල වහා වැඩි කරයි…

July 6, 2018 at 8:02 am | lanka C news
IOC අත නාරී… පෙට‍්‍රල් ඩීසල් මිල වහා වැඩි කරයි…

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථා ඉන්ධන මිල ඊයේ රාත‍්‍රියේ සිට ඉහල දැමීමට සමගාමීව ලංකා ඉන්දීය තෙල් සමාගමේද ඉලන්ධන මිල ගණන් ඉහල නංවා තිබේ.

ඒ අනුව එම සමාගමේ බෙදුම්හල්වල ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 146ක්, එක්ස්ට්‍රා ප්‍රිමියම් 95 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 158ක් තෙක් මිල ඉහල දමා ඇත.

සාමාන්‍ය ඩීසල් ලීටරයක් රුපියල් 118ක්, එක්ස්ට‍්‍රා මයිල් ඩීසල් ලීටරයක් රුපියල් 122ක්, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 129ක් තෙක්ද වැඩි කර ඇත.

45 views