IOC ඉන්ධන බෙදිල්ල නවතයි.. සිපෙට්කෝට අලාභය තවත් ඉහලට.. මිල වැඩිකිරීම වේගවත් වේ..

October 15, 2021 at 10:02 pm | lanka C news
IOC ඉන්ධන බෙදිල්ල නවතයි.. සිපෙට්කෝට අලාභය තවත් ඉහලට.. මිල වැඩිකිරීම වේගවත් වේ..

ඉන්දීය තෙල් සමාගම විසින් මෙරට තෙල් වෙලදාමේ යෙදෙන ලංකා ඉන්දීය තෙල් සමාගමේ බෙදුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවා ඇති බව ලංකා ඉන්දීය තෙල් සමාගම බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කරයි.

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාමත් සමග ඉන්ධන බෙදාහැරීම අලාභ වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වෙයි.

ඒ හේතුවෙන් එම සමාගමේ ඉන්ධන පිරවුම්හල් හිමියන් දැඩි අපහසුතාවයට පත්ව තිබේ.

මෙම තත්ත්වය මත එම ඉන්දන සැපයුමද ලංකා ඛණිජ තෙල් නීති කළ සංස්ථාවේ බෙදුම්හල් වෙත පැමිණිමත් සමග එහි අලාභය තවදුරටත් ඉහළ ගොස් ඇත.

ඇතිවී තිබෙන තත්වය මත ඉන්ධන මිල වැඩි කිරීම තවත් ඉක්මන් විය හැකි බවත් ඇතැම් විට ඉන්දීය තෙල් සමාගමේ සිදුකරමින් සිටින්නේ තෙල් සංස්ථාවේ අලාභය වේගවත් කර ඉන්ධන මිල වැඩි කිරීම ඉක්මන් කරවීමේ උපක්‍රමික වැඩපිළිවෙළක් විය හැකි බවද ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටියේය.

ඉන්ධන මිල වැඩිකිරීම සදහා ඉන්දීය තෙල් සමාගම දැනට දින කිහිපයකට පෙර අවසර ඉල්ලා තිබුනේ ඉන්ධන අලෙවිය අලාභ බව පවසමිනි.

62,549 views

4 Comments to “IOC ඉන්ධන බෙදිල්ල නවතයි.. සිපෙට්කෝට අලාභය තවත් ඉහලට.. මිල වැඩිකිරීම වේගවත් වේ..”

  1. Banda says:

    Start printing Indian Rupees too…🤣🤣🤣🤣

  2. අයි ඕ සී පන්නා දමනු! says:

    අයි ඕ සී පන්නා දමනු!
    ඉන්දියාවට පුක දෙන රාජපක්‍ෂ පොන්නයන් පන්නා දමා රට ජාතිය ආරක්ෂා කරමු!

    ඉන්දියා, බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියා අමරිකානු මංපහරන්නන් පන්නා දමනු!

    • ජනජය says:

      දැං එතකොට රාජපක්ෂල පුක දෙන්නෙ චීනට නෙවෙයිද..?…දැං ඒක වෙනස් වෙලාද?..පොන්නයො කව්ද කියල දැං වත් තේරෙනවද ?

  3. JUDE PERERA says:

    kawadada viruwa meka dala yanne

Main News