IOC ඉන්ධන මිල ඉහල දමයි.. නව මිල ගණන් මෙන්න..

October 21, 2021 at 9:13 pm | lanka C news
IOC ඉන්ධන මිල ඉහල දමයි.. නව මිල ගණන් මෙන්න..

අද මධ්‍යම රාත‍්‍රියේ සිට ඉන්ධන මිල ඉහල දැමීමට ලංකා ඉන්දීය තෙල් සමාගම තීරණය කර ඇත.

ඒ අනුව එම සමාගමේ බෙදුම්හල්වලින් නිකුත් කරන පෙට්‍රල් ලීටරයක් මිල රුපියල් 5 කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහල දමා තිබේ.

නමුත් ඉන්දිය තෙල් සමාගම රජයෙන් ඉල්ලා තිබුනේ පෙට්‍රල් ලීටරයක් මිල රුපියල් 15 කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 30කින් ඉහල දැමිමටයි.

මේ ගැන අදහස් පල කල ආර්ථික විශලේකයෙකු සදහන් කලේ ඉන්දීම සමාගම මේ සිදු කර ඇත්තේ තම බෙදුම්හල්වලට පාරිභෝගිකයන් පැමිණීම අධෛර්යට පත් කර තෙල් සංස්ථාවට පාඩුව තවත් වැඩි කර අවශ්‍ය මිල වැඩි කිරීම සිදු කරවා ගැනීමට බවයි.

102,896 views