IOC පෙට‍්‍රල් වැඩි කල හේතුව හෙලිවෙයි.. ලීටරයක් හැසිරවීමට වැයකරන්නේ රුපියල් 14ක් පමණයි..

May 19, 2020 at 6:28 am | lanka C news
IOC පෙට‍්‍රල් වැඩි කල හේතුව හෙලිවෙයි.. ලීටරයක් හැසිරවීමට වැයකරන්නේ රුපියල් 14ක් පමණයි..

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ලංකා ඉන්දියානු ඔයිල් සමාගම පෙට්රල් මිල ඉහළ දැමීම අසාධාරණයි.

ලංකා ඉන්දියානු ඔයිල් සමාගම 2020/05/17 දින සිට පෙට්රල් ලීටරයක මිල රැපියල් 5.00 කින් ඉහළ දමා ඇත. ඊට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ පෙට්රල් සදහා රජය බදු වැඩි කර ඇති බවයි. ලෝක වෙළදපොලේ බොර තෙල් මිල සීග්‍රයෙන් පහළ යද්දී ඉන්දියානු ඔයිල් සමාගම මෙසේ පෙට්රල් මිල වැඩි කිරීම පුදුම සහගතය.

පෙට්රල් ලීටරයක මිල රැපියල් 5.00 කින් වැඩි කිරීම නිසා ඔවුන් අලෙවි කරනු ලබන පෙට්රල් වල ඉල්ලුම අඩු වී ලාභය අඩු වීම ආර්ථික විද්‍යාත්මක න්‍යායයි. එසේ නම් ඉන්දියන් ඔයිල් සමාගම මෙම අවස්ථාවේ පෙට්රල් මිල වැඩි කළේ ඇයි? ඉන්දියානු ඔයිල් සමාගම මෙරට ප්‍රධාන වශයෙන් ලාභ ලබන ව්‍යාපාරය වන්නේ විදේශ නැව් සදහා ඉන්ධන අලෙවි කිරීමයි. එසේ කිරීමෙන් ඔවුන් විශාල ලාභයක් ලබා ගනී. ඔවුන් ඒ සදහා වන බලපත් ලබා ගෙන ඇත්තේ මෙරට ඉන්ධන අලෙවිසැල් ආරම්භ කිරීම තුළිනි. එම නිසා එම සමාගමට මෙරට පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට අවශ්‍යතාවයක් නොමැත.

කෙසේ වෙතත් මෙරට පාරිභෝගිකයින්ට ඉන්ධන අලෙවි කිරීමෙන්ද ඉන්දියානු ඔයිල් සමාගම අසීමිත ලාභයක් ලබා ගනී. එක් පෙට්රල් ලීටරයක් අලෙවි කිරීමට හැසිරවීම සදහා ඔවුන්ට වැය වන්නේ රැපියල් 14.00 ක මුදලක් පමණි. ඒ ඔවුන්ගේ ලාභයද සමගය. එම මුදලට පෙට්රල් ලීටරයක් ආනයනය කිරීමට යන මුදල හා රජයේ බදු මුදල් එකතු වූ විට පෙට්රල් ලීටරයක් සදහා වැය වන මුදල ලැබේ. එම මුදලෙන් පෙට්රල් ලීටරයක් අලෙවි කරන ලබන මිල හා සංසන්දනය කල හොත් ඉන්දියානු ඔයිල් සමාගම ලබා ගන්නා ලාභය සොයා ගත හැක.

ඉන්ධන අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස නම් කරන ලෙස ඉල්ලා සහ ඉන්ධන මිල තීරණය කිරීමේ බලය පාරිභොගික අධිකාරියට ලබා ගන්නා ලෙස බල කරමින් අප සංවිධානය විසින් අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කර ඇත.

කෙසේ වෙතත් මෙම අවස්ථාවේ ඉන්දියානු ඔයිල් සමාගම පෙට්රල් ලීටරයක මිල ඉහළ දැමීම ඉතාම අසාධාරණ ක්‍රියාවක් වන බැවින් ඒ පිළිබදව සොයා බලා එම සමාගම අලෙවිකරනු ලබන පෙට්රල් වල මිල අඩු කිරීමට කටයුතු කරන ලෙස අප රජයෙන් ඉල්ලා සිටිමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

40,334 Viewers

11 Comments to “IOC පෙට‍්‍රල් වැඩි කල හේතුව හෙලිවෙයි.. ලීටරයක් හැසිරවීමට වැයකරන්නේ රුපියල් 14ක් පමණයි..”

  1. Triter says:

    Don’t buy petrol from IOC. Then they have to close it.

  2. Bawa says:

    If IOC sells petrol at market price then ceypetco will make huge losses this will burden the tax payer .

  3. අල්ලපු ගෙදර තිනන් says:

    විසඳුම, සිපෙට්කෝ පෙට්‍රල්.

  4. හොදම දෙය තමයි, අපි අයි.ඕ.සී. ඉන්ධන වර්ජනය කරලා දාමු.

  5. Rommel says:

    කොටි පරාජය සැමරුම. උතුරේ මහවිරැ සැමරුමට උත්සාහ දැරීම. මාධ්‍ය ආයතනයකට කොටි හිතවාදී ත්රස්ත පුහාරය යන මේවත් එක්ක මේ ඉන්දියන් තෙල් ඉහළ දැමීමෙ මොකක්හරි සම්බන්ධයක් තියෙන්න ඉඩ තියෙනව කියලයි මට නං හිතෙන්නෙ.

  6. රටවැසි says:

    ඔය වැඩේට ආණ්ඩුව ඕනම නැහැ , ඕන කරන්නේ අපේ කම විතරයි . අපේ දේ අගයමු .

  7. dev says:

    unta patral wikunanna ona naa.

  8. kiribatha says:

    A completely misleading report. IOC has to pay Rs.49 tax per litre. That is a major part of their cost. IOC has to compete with a government owned company which pays no tax. The gap is huge. People are so biased and jealous. that is why Sri Lanka is in this state. Unless we change our attitude towards businesses, Sri Lanka will never be a developed nation.

  9. wijebahu says:

    Unbelievably stupid and arrogant regime. never seen in my entire life.

  10. Mr. හිරිපිටිය says:

    හුටා , එහෙනම් IOC එක ආණ්ඩුවේ රෙද්ද ගැලෙව්වා , දැන් මොකෝ කරන්නේ.

  11. sena says:

    ඉන්දියානු I O C එකට බැනලා වැඩක් නැ පැවති අණ්ඩුවල සිටි පරගැතිදේශපාලකයො විදේශිය පරගැති ප්‍රතිපත්ති අනුගමනකරමින් රටත් ජනතාවත් වලපල්ලටයවා රටෙ ධනය විදේශියට විකුණා මුංගෙ මඩිතරකරගත්තා

Main News