IOC බාල තෙල් නැවක් අහුවුණා.. තෙල් හිගයට හේතුව එයයි..- අර්ජුන හෙලි කරයි..

November 4, 2017 at 12:40 pm | lanka C news
IOC බාල තෙල් නැවක් අහුවුණා.. තෙල් හිගයට හේතුව එයයි..- අර්ජුන හෙලි කරයි..

අනියත බියක් ඇති නොකරගෙන ඉදිරියේදී සාමන්‍ය පරිදි අරපිරිමැස්මෙන් යුතුව පෙට්ට්‍රල් භාවිත කරන ලෙසට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

පවතින ඉන්ධන ගැටළුව සම්බන්ධයෙන් ඔහු විසින් මෙසේ අදහස් පල කලේය.

“පෙට්ට්‍රල් පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් තොග ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවත්වා ගෙන යනවා.

නමුත් පසුගිය දිනවල අයි. ඕ. සී. සමාගම ගෙන්වූ තෙල් නැව ප්‍රමිතියෙන් තොර බාල තෙල් නැවක් වීම නිසා එය ගොඩබෑම අත්හිටුවූවා.

මේ හේතුව මත ඉන්ධන පිරිවුම්හල් වෙත පෙට්ට්‍රල් සැපයීමේ තරමක අඩුවක් සිදුව තිබෙනවා.

එයින් මහජනතාව අතරේ නොසන්සුන්තාවක් ඇතිව තිබෙන බවත් නිරීක්ෂණය කෙරුණා. කෙසේනමුත් මේ වන විට මුළු අවශ්‍යතාවෙන් සියයට අසූවක් සැපරීමට අපිට හැකිව තිබෙනවා.

ඩීසල් සහ භූමිතෙල් සැපයීම කිසිඳු අඩුවක් නොමැතිව සාමාන්‍ය පරිදි සිදු කෙරෙනවා.

මේ නිසා අනියත බියක් ඇති නොකරගෙන ඉදිරියේදී සාමාන්‍ය පරිදි අරපිරිමැස්මෙන් යුතුව පෙට්ට්‍රල් භාවිත කරන ලෙසට මම මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා…”

– තමීර මංජු

24 views

5 Comments to “IOC බාල තෙල් නැවක් අහුවුණා.. තෙල් හිගයට හේතුව එයයි..- අර්ජුන හෙලි කරයි..”

  1. බාලතෙල් හොරා says:

    අපේ කාලේ මෙහෙම බාල තෙල් නැව් හරවලා යැව්වෙ නැ අපේ හාමුදුරුවනේ

  2. SB says:

    ඉන්දියන් කාරයෝ කියන්නේ ලෝකෙ ඉන්න නොම්මර එකේ ජරාම රැවටිලිකාරයෝ. උන් ඒකට හරි ප්‍රසිද්ධයි. දැන් උං එක්ක ඔය ‘එට්කා’ද මොකක්ද කියන වෙළඳ ගිවිසුමකුත් අත්සන් කරන්න හදනවා..ඒකේ ප්‍රතිඵල අපිට ඉදිරියේදී බලන්න පුලුවන්..

  3. asaranaya says:

    බයවෙන්න එපා මෙයාගෙ පොල්ලෙන් තෙල් එනවා,
    අම්මෝ අර ටී .බී. සුබසින්හගේ කාලේ (ඇනිබලා රට කරවපු කාලෙ ) ඉදන් ආපු තෙල් ස්ටොක් කරපුවා තවම ගත්තේ නැහැ. තවම පොලොවේ යට ගබඩා කරලා.

  4. silva says:

    තොපේ කයිය විතරයි අර යුද්දයක් තිබුනු කාලෙවත් නැ මේවගේ මගුල් නැටුවේ තොපි පොන්න රෑලක්

  5. Moddaya says:

    IOC Baala Thel Ahuunanam CPC Shed Wala Thel Nathiune Kohomei….?

Main News