IOC යලිත් බාල තෙල් නැවක් ගෙනත් මාට්ටුයි.. ගුවන් ගමන්ද අනරතුරේ..
December 14, 2017 at 12:00 pm | lanka C news
ගුවන් යානා සදහා ඉන්දියානු තෙල් සමාගම විසින් ගෙන්වන ලද ඉන්ධන තොගයක් ප්‍රමිතියෙන් තොර යයි තත්ව පරීක්ෂණයෙන් තහවුරැ වී ඇතැයි ඒකාබද්ධ ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව සදහන් කරයි.
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන්කුමාර මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.
ඉන්දීය තෙල් සමාගමට ගුවන් යානා තෙල් සැපයීම සදහා කිසිඳු අවසරයක් නැතැයිද කී ඔහු ඒ සඳහා ඉන්දීය තෙල් සමාගම දිගටම ඉල්ලීම් කලද මෙතෙක් අවසර ලැබී නැති බවයි.
කෙසේ වෙතත් මෙම චෝදනාව ප්රතික්ෂෙප කරන ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා සදහන් කරන්නේ බාල ගුවන් යානා ඉන්ධන ගෙනැවිත් නැති බවත් මෙය සම්පුර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක් බවත්ය.