ISIS ඉගැන්වීම් අවශ්‍ය නෑ.. ඉස්ලාම් ආගම හැරයන්නන් මරා දැමිය යුතු යයි ආණ්ඩුවේ පෙළ පොත්වලම සදහන්… සාක්‍ෂි මෙන්න..

June 22, 2019 at 3:23 am | lanka C news
ISIS ඉගැන්වීම් අවශ්‍ය නෑ.. ඉස්ලාම් ආගම හැරයන්නන් මරා දැමිය යුතු යයි ආණ්ඩුවේ පෙළ පොත්වලම සදහන්… සාක්‍ෂි මෙන්න..

ඉස්ලාම් ආගම හැරයන පුද්ගලයින් මරාදැමිය යුතු බවට, මෙරට පාසැල් සිසුන්ට ලබාදෙන ඉස්ලාම් පෙළපොත්වල 1981 වසරේ සිටම සඳහන්ව තිබූ බව පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව හමුවේ ස්වාධීන පුද්ගලයෙකු ලෙස සාක්ෂි දුන් රිශ්වින් ඉස්මත් මහතා අනාවරණ කර සිටියේය.

ඔහු එහිදී පැවසුවේ එවැනි කරුණු පාසැල් පෙළපොත්වල තිබියදී සහරාන් වැන්නන් බිහිවීමට සිරියාවේ සහයෝගය අවශ්‍ය නොවන බවයි.

“ඉස්ලාම් ආගම ඇතෑරියාම මරා දැමිය යුතුයි කියන දේ ආගමේ තියෙන දෙයක්.

ඒ වගේම අධයාපන අමාත්‍යංශය නිකුත් කරන පාසල් දරුවන්ගේ පෙළ පොත්වලත් මේ බව සඳහන් වෙලා තියෙනවා.

අලුත් පොතේ පවා ඒක වෙන විදිහකට සඳහන් වෙලා තියෙනවා.” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

එසේම පෙළ පොත්වල දෙමළ භාෂාවෙන් සඳහන්ව ඇති වචනය “මරණ දඬුවම” යන අර්ථ දෙන්නක් නොව “ඝාතනය” යන අර්ථය බවත් ඔහු පෙන්වා දුන්නේය.

– adaderana

41 views

13 Comments to “ISIS ඉගැන්වීම් අවශ්‍ය නෑ.. ඉස්ලාම් ආගම හැරයන්නන් මරා දැමිය යුතු යයි ආණ්ඩුවේ පෙළ පොත්වලම සදහන්… සාක්‍ෂි මෙන්න..”

  1. Mangala says:

    Adyapana amathyansha barawa hitapu parayo oya pothpathwala thibune monawada kiyala hoyala baluwe nadda.Adyapana amathita inglish Sinhala Damila kiyawanna puluwan ekek ganilla.