ISIS ගැන එක හඬ පටයයි.. මුජිබර් රහමන් වාදපිටියේ පලමු වටයෙන්ම හාන්සියි.. [Video]

May 1, 2019 at 2:10 pm | lanka C news
ISIS ගැන එක හඬ පටයයි.. මුජිබර් රහමන් වාදපිටියේ පලමු වටයෙන්ම හාන්සියි.. [Video]

ඊයෙ දෙරණ රූපවාහිනියේ පැවති වාදපිටිය වැඩසටහනට සහභාගි වූ එක්සත් ජාතික පක්ෂ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාගේ හඬපටයක් ජාතික නිදහස් පෙරමුණ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා විසින් ඉදිරිපත් කිරීමත් සමග සංවාදය උණුසුම් මුහුණුවරක් ගත්තේය.

වැඩසටහන ආරම්භයේදීම මුසම්මිල් මහතා විසින් ඉදිරිපත් කරන ලද්දේ සංවිධානය හා මෙරට සංචාරක වීසා සහිතව ඉගැන්වීම් කරන පිරිස් ගැන මන්ත්‍රී මුජිබර් රහ්මාන් විසින් පාර්ලිමේන්තුවේ දී කරන ලද ප්‍රකාශයක් සහ ඊට හාත්පසින්ම වෙනස් ප්‍රකාශයක් අගමැතිවරයා කරන ලද උපුටා දැක්වීමකි.

මෙම ඉදිරිපත් කිරීමත් සමග මුජිබර් රහමන් මන්ත්‍රීවරයාට ලද අවස්ථාවේදී ඔහු ඊට ප්‍රමාණවත් පැහැදිලි කිරීමක් සිදු නොකළ අතර අවස්ථා කිහිපයකදිම විමසා සිටිය ද ඔහු එයට පිලිතුරු ලබා දීමට එතරම් කැමැත්ක් නොදැක්වීය.

168 views
Main News