ISIS ත‍්‍රස්තවාදීන් 130ක් රට පුරා…- ජනපති හෙලි කරයි

April 26, 2019 at 10:40 am | lanka C news
ISIS ත‍්‍රස්තවාදීන් 130ක් රට පුරා…- ජනපති හෙලි කරයි

ශ‍්‍රී ලංකාව තුල ISIS ත‍්‍රස්තවාදීන් 130ක් පමණ සිටින බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඉතා ඉක්මනින් එම සියළු දෙනා අත්අඩංගුවට ගන්නා බවද ජනාධිපතිවරයා සදහන් කලේය.

කෙටි කාලයත් තුල ත‍්‍රස්තවාදය මෙරටින් තුරන් කර දමන බවත් ජනාදිපතිවරයා කියා සිටියේය.

අද පෙරවරුවේ මාධ්‍ය ප‍්‍රධානීන් සමග පැවති සාකච්චාවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේය.

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයේ වගකීමෙන් රජයට මිදිය නොහැකි බවත් එම වගකීමෙන් බැහැර වීමට තමන්ද සූදානම් නැති බවත් කී ජනාධිපතිවරයා බුද්ධි අංශ අඩපණ කිරිම නිසා මෙවන් ප‍්‍රහාරයක් එල්ල වූ බවත් සදහන් කලේය.

මෙරට සමස්ථ මුස්ලිම් ජනතාව දෙස ත‍්‍රස්තවාදීන් ලෙස නොබලන ලෙදස ජනාධිපතිවරයා එහිදී ඉල්ලා සිටියේය.

148 views